BREAKING NEWS
latest

728x90

468x60

STF සහ අපරාධ කල්ලියක් අතර වෙඩි හුවමාරුවක් : වීඩියෝ

මීගමුව - කුරන ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකායේ ජීප් රථයකට වෑන් රථ දෙකකින් වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබේ.

අනතුරුව පොලිස් විශේෂ කාර්යය බලකා නිලධාරීන් සිදු කළ වෙඩි තැබීමෙන් පසුව වෑන් රථ දෙක පොලිස් විශේෂ කාර්යය බලකා නිලධාරීන් බාරයට ගෙන තිබේ.

අදාළ වෑන් රථ දෙකේ තිබී ටී 56 වර්ගයේ ගිනි අවි දෙකක් සහ රිවෝල්වරයක් ද සොයාගත් බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය.


වෙඩි ප්‍රහාරය සිදුකළ සැකකරුවන් සිව්දෙනෙකුද පොලිස් විශේෂ කාර්ය බලකා‍‍ නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.

අදාළ වෙඩි තැබීමෙන් තුවාල ලැබූ දෙදෙනෙකු ප්‍රතිකාර සඳහා සීදුව රෝහලෙන් රාගම රෝහලට මාරුකර යවා ඇති අතර ඉන් එක් අයෙකුගේ තත්ත්වය බරපතළ බව රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් ‍කළේය.



« PREV
NEXT »

Facebook Comments APPID