කොළඹ නගරයේ ගෝල්ෆේස් පිටියේ ඉදිකෙරෙමින් පවතින චීනයේ ෂැංග්‍රීලා හෝටලයේ ව්‍යාපාරික කටයුතු නොවැම්බර් 16 දා සිට නිළ වශයෙන් ආරම්භවීමට නියමිත බව වාර්තා වේ.
ලබන සැප්තැම්බර් 01 දා සිට ඒ සඳහා වන වෙන් කිරීම් ආරම්භ කරන බවද සමාගම නිවේදනය කළේය.
දේශපාලන ක්ෂේත්‍රයේ පවා ප්‍රමුඛ මාතෘකාවක් බවට පත්ව ඇති ෂැංග්‍රීලා හෝටලය කාමර 500කින් සමත්විය.
කොළඹ නගරයේ පිහිටි විශාලම පිහිනුම් තටාකයක්ද එයට ඇතුළත් බව ෂැංග්‍රීලා සමාගම නිවේදනය කරයි.
විවිධ උත්සව අවස්ථාද සඳහාද හෝටලය වෙන්කර ගත හැකි අතර එහිදී අමුත්තන් 2000කට ආසන්න ප්‍රමාණයකට පහසුකම් සැලසිය හැකි බව සමාගම සඳහන් කරයි.