BREAKING NEWS
latest

728x90

468x60

වසංගතයක් වීමට පෙර ඉන්ෆ්ලුවෙන්සාව ගැන අවධානයෙන් පසුවෙන්න

දකුණු පළාත තුළ ඉන්ෆ්ලුවෙන්සා රෝගී තත්වයක් වර්ධනය වන බවට දින කිහිපයක සිට තොරතුරු වාර්ථා වේ.දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ජී. විජේසූරිය මහතා පවසන ආකාරයට මෙය වසංගත තත්වයක් දක්වා වර්ධනය වියහැකි අවධානමක පසුවෙයි.

ළමුන් අතර වැඩි වශයෙන් මෙම රෝගී තත්වය පැතිරයාමේ අවධානමක් පවතින අතර පසුගිය දින කිහිපය තුළ කරාපිටිය රෝහලේ දරුවන් කිහිපදෙනෙකු මියයාමේ සිද්ධියට මෙම වෛරසය හේතුකාරක වන්නේ දැයි සොයාබලමින් සිටින බවද විජේසූරිය මහතා පවසයි.

ජැක් ඇන්ඩ් ජිල්

2001 මාර්තු 21 වැනිදා ශක්තිධර චිත්‍රපට විසින් ඉදිරිපත් කරන ලද ‘ජැක් ඇන්ඩ් ජිල්’ චිත්‍රපටය නිෂ්පාදනය සහ අධ්‍යක්ෂණය කරන ලද්දේ ධර්ම ශ්‍රී වික්‍රමසිංහ විසිනි.

ගුවන්විදුලියටම ආවේණික වූ ගැඹුරු, නිරවුල් ළගන්නා කටහඬක් තිබූ ධර්ම ශ්‍රී වික්‍රමසිංහ ගුවන්විදුලි වැඩසටහන්වලට අමතරව කැසට් නිෂ්පාදනයට සහ චිත්‍රපට නිෂ්පාදනයටද පිවිසුණේය. එම නිසා ගුවන්විදුලියෙන් මඳක් ඈත් වී සිටියද එවකට ගුවන්විදුලි සභාපති හඩ්සන් සමරසිංහ මහතා විසින් ඔහුව නැවතත් ගුවන්විදුලි නිවේදනයට ගෙන්වා ගත්තේය. එයට හේතු වූයේ එවකට ගුවන්විදුලියේ සිටි දක්ෂතම නිවේදකයා ඈත්වීමෙන් ගුවන්විදුලි රසිකයන්ද ඈත් වීමක් පෙන්නුම් කළ බැවිනි. ‘හිත මිතුරු සුළඟ’ 2011දී නැවත ආරම්භ කිරීමත් සමග ඈත් වී ගිය රසික රසිකාවියන් නැවත ගුවන්විදුලිය වටා රොද බැඳ ගත්හ.

වෙල්ලමුල්ලිවයික්කාල් සමරා එන රථ පෙලපාලියට හමුදාවෙන් සිසිල් බීම දන්සලක්

යුද්ධයෙන් මියගිය දෙමළ ජනතාව සිහි කිරීම පිණිස වෙල්ලමුල්ලිවයික්කාල් බලා ගමන් කළ ජනතාව වෙනුවෙන්, වර්ෂාව මධ්‍යයේ, සිසිල් බීම සංග්‍රහයක් ලබාදීමට මුලතිව් පුදුකුඩිඉරිප්පු හි යුද හමුදා නිලධාරීන් කටයුතු කර තිබිණ.

වෙල්ලමුල්ලිවයික්කාල් සැමරුම වෙනුවෙන් යාපනය විශ්ව විද්‍යාල සිසුන් වෙල්ලමුල්ලිවයික්කාල් දක්වා රිය පෙරහැරකින් පැමිණි අතර, ප්‍රදේශවාසීන් විශාල පිරිසක් ද සහභාගි වූහ.

පුදුකුඩිඉරිප්පු ප්‍රදේ‍ශයේ 682 සේනාංකයේ යුද හමුදා නිලධාරීන් විසින් බීම සංග්‍රහය සංවිධාන කරනු ලැබ තිබිණි.

ත්‍රිරෝදයේ තෙල් පිරුණාම බිරියත් අමතක වෙලා

තම ත්‍රීරෝද රථයට ඉන්ධන පිරවීම සඳහා ඉන්ධන පිරවුම්හල වෙත පැමිණි සැමියාට තමා සමග පැමිණි බිරිඳ අමතක වූ සිද්ධියක් තංගල්ල ප්‍රදේශයෙන් වාර්තා විය.

සිද්ධිය සැකෙවින් මෙසේය. වේලාව උදෑසන 7.30ට පමණය. මැදිවියේ පසුවන අඹුසැමි යුවළක් තම ත්‍රිරෝද රථයෙන් තංගල්ල බෙලිඅත්ත මාර්ගයේ පිහිටි ඉන්ධන පිරවුම්හල වෙත පැමිණියේ ත්‍රිරෝද රථයට ඉන්ධන පුරවා ගැනීමට ය. රථයට ඉන්ධන පුරවාගන්නා තුරු ත්‍රිරෝද රථයේ පිටුපස ආසනයේ වාඩි වී සිටි බිරිය මදකට රථයෙන් එළියට බැස්සාය. තමා සමග ත්‍රිරෝද රථයේ පැමිණි බිරිඳ වාහනයෙන් බිමට බසිනු සැමියා දුටුවේ නැත.

නිවසක සාදයකට මසට ගෙනා ගල්ඉබ්බන්ගේ දිවි බේරුණු හැටි

ආණමඩුව මුදලක්‌කුලිය ප්‍රදේශයේ නිවසක පැවැත්වීමට සූදානම් කර තිබූ සාදයකට මස්‌ පිණිස සකස්‌ කිරීමට රැගෙන ආ ගල් ඉබ්බන් සිව් දෙනකු ආණමඩුව පොලිසිය විසින් බේරා ගැනීමට කටයුතු කළේය.

AKON හොරෙන්ම ලංකාවට එයි

මොකක් හෝ විශේෂ කටයුත්තක් සඳහා ලොව ප්‍රසිද්ධ පොප් ගායක AKON ශ්‍රී ලංකාවට පැමිණ ඇති බවට වාර්තා වන අතර ඔහු ලංකාවට ඇවිල්ලා තියෙන්නේ අපේ රටේ ප්‍රභල කෙනෙක් හම්බ වෙන්නලු.

ජාතික රණවිරු සැමරුම අද

තිස් වසරක් පුරා පැවැති කුරිරු යුද්ධය නිමා කර හෙට (19) දිනට වසර නවයක් සපිරීම නිමිත්තෙන් ජාතික රණවිරු අනුස්මරණ උත්සවයක් හෙට දින පාර්ලිමේන්තු ක්‍රීඩාංගණයේ රණවිරු ස්මාරකය අසලදී පැවැත්වෙන බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බිග්‍රේඩියර් සුමිත් අතපත්තු මහතා පවසයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට පස්වරු 3.15 සිට සවස 6.15 දක්වා මෙම රණවිරු උත්සවය පැවැත්වේ.

ගජමෑන්ගේ ඹබ නොදත් කතාව

70 දශකයේ පුවත් පත් මාධ්‍ය ඔස්සේ අතිශය ජනප්‍රිය වූ කාටුන් චරිතයක් ලෙස ගජමෑන් හදුන්වාදිය හැකිය.


කැමිලස් පෙරේරා කාලාකරුවාගේ ගජමෑන් ඇතුළු ඔහු විසින් නිර්මානය කරන ලද තවත් කාටුන් චරිත කිහිපයක් පාදක කරගනිමින් මෝෂන් කැප්චර් තාක්ෂණයෙන් ශ්‍රී ලංකාවේ නිර්මාණය වන ප්‍රථම චිත්‍රපටය ගජමෑන් වේ.

ගජමෑන් චිත්‍රපටය තවත් නොබෝ දිනකින් දිවයින පුරා ප්‍රදර්ශනය ආරම්භ කිරිමට නියමිත‍ය.

සුපිරි හෝටලයක දැමූ මත්පැන් සාදයට අවසානයේ සිදු වුන දේ

හික්‌කඩුව ප්‍රදේශයේ හෝටලයක මුහුණු පොතෙන් හඳුනාගත් මිතුරු මිතුරියන් පිරිසක්‌ විසින් පවත්වාගෙන යමින් තිබූ සාදයක්‌ වටලා මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන සිටි පුද්ගලයන් 07 දෙනකු හා අනන්‍යතාවය ඔප්පු කිරීමට අසමත් වූ පුද්ගලයන් 12 දෙනකු ඊයේ (13 වැනිදා) අලුයම අත්අඩංගුවට ගත් බැව් මීටියාගොඩ පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් අය අතර තරුණයින් 16 දෙනෙකු හා තරුණියන් තිදෙනෙකු සිටින බවද මිටියාගොඩ පොලිසිය කියයි. අනුරාධපුරය, නොච්චියාගම, තඹුත්තේගම, කොළඹ ආදී දිවයිනේ විවිධ ප්‍රදේශවලින් පැමිණි 150 කට අධික පිරිසක්‌ මෙම සාදයට සහභාගි වී ඇත. මෙකී සාදය සංවිධානය කළ පුද්ගලයාද පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

බස් වර්ජනයක් නෑ

ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් ඊයේ (16) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබු පෞද්ගලික බස් රථ වර්ජනය අවලංගු කිරීමට පෞද්ගලික බස් සංගම් තීරණය කරයි.

ප්‍රවාහන නියෝජ්‍ය ඇමැති අශෝක අබේසිංහ මහතා සමඟ පැවැති සාර්ථක සාකච්ඡාවකින් අනතුරුව පෞද්ගලික බස් සංගම් මෙම තීරණය ගෙන තිබෙන බව වාර්තා වෙයි.

බස් ගාස්තු සියයට 6.5කින් ඉහළ නැංවීමට රජය ගත් තීරණයට විරෝධය පල කරමින් ඊයේ (16) මධ්‍යම රාත්‍රියේ සිට බස් වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට පෞද්ගලික බස් සංගම් තීරණය සැලසුම්කර තිබුණු නමුත් නියෝජ්‍ය ඇමැතිවරයා සමඟ පැවැති සාකච්ඡාවෙන් අනතුරුව එම බස්රථ වර්ජනය අවලංගු කිරීමට තීරණය කර තිබේ.

කාන්තාවන් රැඳී සිටින තැන්වලට සර්පයන් දමා 'ඔන්න මිස්‌ සර්පයෙක්‌' කියා රන් මාල කොල්ලකන අයෙකු කොටුවෙයි

විෂ සහිත සර්පයින් අල්ලා මිනිසුන් සිටින ස්‌ථානවලට හොර රහසේ දමා ඔවුන් බියට හා කලබලයට පත්කොට මංකොල්ල කෑමේ යෙදී සිටි පුද්ගලයකු ලබන 23 දා දක්‌වා රක්‍ෂිත බන්ධනාගාර ගතකරන ලෙස ගම්පොළ වැඩබලන මහෙස්‌ත්‍රාත් නිලන්ත පිළපිටිය මහතා නියෝග කළේය.

මෙවැනි සිද්ධි ගණනාවක්‌ සිදුකොට වරෙන්තු පිට සිටි මොහු ගම්පොළ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබුණි.

ගම්පොළ මරියාවත්ත ප්‍රදේශයේ පදිංචි මොහු කුඩු නුවන් (නුවන් කුමාර) ලෙස ප්‍රදේශයේ ප්‍රසිද්ධව සිටින අයෙකි.

බතික් සිතාරා සොයා පොලිස් මෙහෙයුමක්

ගල්කිස්ස ප්‍රදේශයේ "සිතාරා බතික්" නමින් වෙළෙඳසැලක් පවත්වාගෙන ගිය කාන්තාවක් නිමි ඇඳුම් ලබාගෙන වෙළෙඳසැල් හිමියන් වෙත අගරු චෙක්පත් ලබාදී කෝටි එකහමාරකට අධික මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් එම කාන්තාව අත්අඩංගුවට ගැනීමට පොලිසිය මහජන සහය පතයි.

බ්‍රිතාන්‍ය රග්බි ක්‍රීඩකයා ලංකාවේදී අභිරහස්‌ ලෙස මියගිහින් - තව අයෙක්‌ අසාධ්‍යව රෝහලේ

සුහද රගර් තරගයකට බ්‍රිතාන්‍යයේ සිට මෙරටට පැමිණ සිටි රගර් කණ්‌ඩායමක ක්‍රීඩකයකු අභිරහස්‌ ලෙස මියගොස්‌ ඇති අතර තවත් ක්‍රීඩකයකු අසාධ්‍ය තත්ත්වයෙන් පෙරේදා (13දා) කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කර ඇත. 

මෙලෙස මියගොස්‌ ඇත්තේ හාවඩ් තෝමස්‌ ඇන්ඩෘ නමැති 26 හැවිරිදි බ්‍රිතාන්‍ය ජාතිකයකු වන අතර අසාධ්‍ය තත්ත්වයෙන් ප්‍රතිකාර ලබන්නේ 27 හැවිරිදි බෙට්‌ තෝමස්‌ රීඩ් නමැති බ්‍රිතාන්‍ය ජාතිකයෙකි.

ඉන්දියාවේ සුපිරිකොටිය්පතියා අම්බානිගේ දියණියගේ හිත හොරකම් කර තරුණයා

ඉන්දියාවේ ධනවත්ම පුද්ගලයා ලෙස සැලකෙන මුකේෂ් අම්භානිගේ එකම දුව ඉෂා අම්භානි යුග දිවියට සූදානම් වන බවත් ඇය අතගනු ඇත්තේ 25 හැවිරිදි ආනන්ද් පිරමාල් බවත් ඊයේ පවුලේ නිවේදනයක් මගින් තහවුරු කර තිබේ.


මංගල උත්සවය ලබන 2018 දෙසැම්බරයේ පැවැත්වීමට දින යොදාගෙන ඇත. ඇස්තමේන්තුගත ඩොලර් බිලියන 40 ක වත්කම ඇති ධනපති මුකේෂ් අම්භානිට පිරිමි දරුවන් දෙදෙනෙකු සහ එකම දියණිය ඉෂා සිටින අතර ඉෂා කුඩා කාලයේ සිටම අනන්ද් සමග ඇසුරු කළ බවත් ඔහුගේ ව්‍යාපාරික දියුණුව හා පවුල් සබඳතා නිසා මෙම විවාහයට අනුමැතිය ලැබී ඇති බවත් වාර්තා පළවේ.

රාජකීය පවුලේ හිතුවක්කාරයාගේ විවාහයේ රස රහස්

මේ දිනවල ලොව පුරා මාධ්‍ය අතර වැඩිම අවධානයට ලක්වී ඇත්තේ බ්‍රිතාන්‍ය රජ පවුලේ හිතුවක්කාර කුමාරයා ලෙස කාගෙත් ආදරයට පාත්‍රවූ හැරී කුමරුගේ විවාහය ගැනය.

අමුත්තන් 600ක් ඉදිරියේ ලොව පුරා මිලියන ගණනාවක රූපවාහිනී ප්‍රේක්ෂකයන් හමුවේ සාන්ත ජොර්ජ් පල්ලියේ වින්ඩ්සර් ප්‍රධාන දේවගැතිවරයා විසින් සිදුකිරිමට නියමිත මේ රාජකීය විවාහය එංගලන්තයේ වේලාවෙන් හරියටම පස්වරු 1.00ට ආරම්භ කෙරෙනු ඇත. එය ශ්‍රී ලංකා වේලාවෙන් පැවැත්වෙන්නේ පස්වරු 6.30ට පමණය.

ඔවුන්ගේ විවාහය රාජකීය සම්ප්‍රදායේ සෑම අංගයක්ම අනුගමනය කෙරෙන එකක් නොවූවත් දෙපාර්ශ්වයෙන්ම මල් කුමර කුමරියන් ලෙස ඔවුනොවුන්ගේ සමීපතම ඥාතීන් පිරිස අතරින් තෝරාගැනීමට සැළකිලිමත් වී තිබේ.

මහේල ජයවර්ධන ගැන ලොව ධනවත්ම පුද්ගලයෙකුගේ බිරිඳ කිව්ව දේ මෙන්න

මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ පුහුණුකරු මහේල ජයවර්ධන ලොව හොඳම පුහුණුකරුවා බව මුම්බායි කණ්ඩායමේ හිමිකාරිනිය මෙන්ම ලොව 18 වැනි ධනවත්ම පුද්ගලයා වන මුකේෂ් අම්බානිගේ බිරිය වන නීටා අම්බානි ප්‍රකාශ කර ඇති බව ඉන්දියානු මාධ්‍ය වාර්තා කරනවා.

විද්‍යාඥවරයෙකුට දිවි නසා ගැනීමට රජය අවසර දෙයි

104 හැවිරිදි ඕස්ට්‍රේලියානු විද්‍යාඥ ඩේවිඩ් ගුඩෝල් සිය දිවි තොර කර ගැනීමට ස්විට්සර්ලන්තයට රජය අවසර ලබා දී තිබෙනවා. ඒ අනුව ඔහු ඊයේ දිනයේ ග්‍රිනිච් වේලාවෙන් 10.30 ට “නෙම්බුටාල්” නමැති විස ශරීරගත කිරීමක් මගින් දිවියෙන් සමුගත් බව “එක්සිට් ඉන්ටර්නැෂනල්” සංවිධානය පවසනවා.