BREAKING NEWS
latest

728x90

468x60

බතික් සිතාරා සොයා පොලිස් මෙහෙයුමක්

ගල්කිස්ස ප්‍රදේශයේ "සිතාරා බතික්" නමින් වෙළෙඳසැලක් පවත්වාගෙන ගිය කාන්තාවක් නිමි ඇඳුම් ලබාගෙන වෙළෙඳසැල් හිමියන් වෙත අගරු චෙක්පත් ලබාදී කෝටි එකහමාරකට අධික මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් එම කාන්තාව අත්අඩංගුවට ගැනීමට පොලිසිය මහජන සහය පතයි.

දෝන සිතාරා කළුආරච්චි නම් වන අදාළ සැකකාරිය කැස්බෑව ප්‍රදේශයේ පදිංචි 50 හැවිරිදි කාන්තාවකි.

සැකකාරිය පිළිබඳව තොරතුරු ගල්කිස්ස අපරාධ විමර්ශන ඒකකයේ 011-2729621 සහ ගල්කිස්ස මූලස්ථාන පොලිස් පරීක්ෂක 071 8591664 යන අංකයන්ට ලබාදෙන මෙන් පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී.
« PREV
NEXT »

Facebook Comments APPID