BREAKING NEWS
latest

728x90

468x60

බ්‍රිතාන්‍ය රග්බි ක්‍රීඩකයා ලංකාවේදී අභිරහස්‌ ලෙස මියගිහින් - තව අයෙක්‌ අසාධ්‍යව රෝහලේ

සුහද රගර් තරගයකට බ්‍රිතාන්‍යයේ සිට මෙරටට පැමිණ සිටි රගර් කණ්‌ඩායමක ක්‍රීඩකයකු අභිරහස්‌ ලෙස මියගොස්‌ ඇති අතර තවත් ක්‍රීඩකයකු අසාධ්‍ය තත්ත්වයෙන් පෙරේදා (13දා) කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කර ඇත. 

මෙලෙස මියගොස්‌ ඇත්තේ හාවඩ් තෝමස්‌ ඇන්ඩෘ නමැති 26 හැවිරිදි බ්‍රිතාන්‍ය ජාතිකයකු වන අතර අසාධ්‍ය තත්ත්වයෙන් ප්‍රතිකාර ලබන්නේ 27 හැවිරිදි බෙට්‌ තෝමස්‌ රීඩ් නමැති බ්‍රිතාන්‍ය ජාතිකයෙකි.

කළමනාකරුවකුද සමඟ බ්‍රිතාන්‍යයේ සිට රග්බි ක්‍රීඩකයන් 22 දෙනකු මෙරටට පැමිණ ඇත්තේ ඉකුත් 10 වැනිදාය. ඔවුන් කොටුව සංචාරක හෝටලයක නතර වී සිට ඇති අතර පසුගිය සෙනසුරාදා (12දා) කොළඹ ප්‍රදේශයේ ක්‍රීඩාංගණයක සුහද රග්බි තරගාවලියකට සහභාගි වී ඇත. තරගයෙන් අනතුරුව එම ක්‍රීඩා සංකීර්ණයේ පැවැති රාත්‍රි භෝජන සංග්‍රහයකටද සහභාගී වී අලුයම 12.30 ට පමණ ඔවුන් නැවතී සිටි හෝටලයට කුඩා කණ්‌ඩායම් වශයෙන් පැමිණ ඇත. අලුයම 4.00 ට පමණ හෝටලයට පැමිණි ක්‍රීඩකයන් දෙදෙනා පෙරේදා (13දා) පෙරවරු 10.00 ට පමණ හුස්‌ම ගැනීමේ අපහසුතාවක්‌ පවතින බව හෝටල් කළමනාකාරීත්වයට දැනුම් දී ඇත. හෝටලේ කළමනාකරුවන් විසින් එම ක්‍රීඩකයන් දෙදෙනා කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කර ඇති අතර දහවල් 12.00 ට පමණ එක්‌ ක්‍රීඩකයකු මියගොස්‌ ඇත.

මියගිය පුද්ගලයාගේ පශ්චාත් මරණ පරීක්‌ෂණය ඊයේ (14දා) පැවැත්වීමට නියමිතව තිබූ අතර එහිදී මරණයට හේතුව අනාවරණය කර ගැනීමට හැකිවනු ඇතැයි පොලිසිය පවසයි.

කොටුව පොලිස්‌ ස්‌ථානාධිපති එම්. ගµdර් මහතාගේ උපදෙස්‌ මත අපරාධ අංශයේ ස්‌ථානාධිපති එස්‌. එම්. එල්. එන්. සුරියකුමාර මහතා ඇතුළු නිලධාරීහු කණ්‌ඩායමක්‌ මේ පිළිබඳව වැඩිදුර විමර්ශන සිදුකරති.

චමින්ද සිල්වා
« PREV
NEXT »

Facebook Comments APPID