BREAKING NEWS
latest

728x90

468x60

වසංගතයක් වීමට පෙර ඉන්ෆ්ලුවෙන්සාව ගැන අවධානයෙන් පසුවෙන්න

දකුණු පළාත තුළ ඉන්ෆ්ලුවෙන්සා රෝගී තත්වයක් වර්ධනය වන බවට දින කිහිපයක සිට තොරතුරු වාර්ථා වේ.දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ජී. විජේසූරිය මහතා පවසන ආකාරයට මෙය වසංගත තත්වයක් දක්වා වර්ධනය වියහැකි අවධානමක පසුවෙයි.

ළමුන් අතර වැඩි වශයෙන් මෙම රෝගී තත්වය පැතිරයාමේ අවධානමක් පවතින අතර පසුගිය දින කිහිපය තුළ කරාපිටිය රෝහලේ දරුවන් කිහිපදෙනෙකු මියයාමේ සිද්ධියට මෙම වෛරසය හේතුකාරක වන්නේ දැයි සොයාබලමින් සිටින බවද විජේසූරිය මහතා පවසයි.

මෙම ඉන්ෆ්ලුවෙන්සා රෝගී තත්වයේ රෝග කාරකයින් අකාර තුනකි.ඉන්ෆ්ලුවන්සා වෛරසය , ඇඩිනෝ වෛරසය , නියුමෝකොකල් බැක්ටීරියා යන රෝගකාරක ක්ෂද්‍ර ජීවීන් හරහා රෝගයට ගොදුරුවන බව සොයාගෙන තිබේ.

මෙම රෝග කාරකයින් ආසාදනය වීමෙන් කිවිසුම් යාමේ වාර ගණන වැඩිවීම , උගුරේ තදබල වේදනාව , සෙම්ප්‍රතිශ්‍යා ස්වභාවය හා උණ ඇති වන බවත් මෙවැනි රෝග ලක්ෂණ ඇත්නම් වහාම රජයේ රෝහලකට හෝ වෛද්‍යවරයකු හමුවී හෝ ප්‍රතිකාර ගතයුතු බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා පවසයි.

රෝගී තත්වය වැලදී ඇත්නම් මහජනයා අතර ගැවසීමෙන් වැලකී සිටින්නැයි සෞඛ්‍ය සේවා සඳහන් කරයි.

වැඩිහිටියන් කුඩා දරුවන් පිළිබඳ විමසිලිමත් වීමත් රෝග වැලදී ඇතිබවට සැක සහිතනම් වහාම රජයේ රෝහලකට පැමිණ වෛද්‍ය උපදෙස් ලබාගන්නා ලෙසත් ජනතාව දැනුවත් කරයි.
« PREV
NEXT »

Facebook Comments APPID