BREAKING NEWS
latest

728x90

header-ad

468x60

header-ad

මහේල ජයවර්ධන ගැන ලොව ධනවත්ම පුද්ගලයෙකුගේ බිරිඳ කිව්ව දේ මෙන්න

මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ පුහුණුකරු මහේල ජයවර්ධන ලොව හොඳම පුහුණුකරුවා බව මුම්බායි කණ්ඩායමේ හිමිකාරිනිය මෙන්ම ලොව 18 වැනි ධනවත්ම පුද්ගලයා වන මුකේෂ් අම්බානිගේ බිරිය වන නීටා අම්බානි ප්‍රකාශ කර ඇති බව ඉන්දියානු මාධ්‍ය වාර්තා කරනවා.

මෙවර අයි.පී.එල් තරගාවලියේ නොකඩවා තුන්වැනි ජයග්‍රහණයත් ලබා ගනිමින් ප්‍රසාද ලකුණු සටහනේ 4 වැනි ස්ථානය දක්වා පැමිණීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට හැකිවුණා. අයි.පී.එල් තරගාවලියේ 41 වැනි තරගය ලෙස කල්කටා නයිට්රයිඩර්ස් කණ්ඩායම සමඟ කල්කටාහි ඊඩ්න්ගාඩ්න් ක්‍රීඩාංගණයේ පැවැති තරගයෙන් ලකුණු 102ක දැවැන්ත ජයග්‍රහණයක් මුම්බායි කණ්ඩායම විසින් වාර්තා කිරීමෙන් අනතුරුව පිටිය තුළට පැමිණි නීටා අම්බානි රෝහිත් ෂර්මා ඇතුළු මුම්බායි ක්‍රීඩකයන්ට සුබ පතමින් සුහද පිළිසඳරක යෙදී තිබෙනවා.

එහිදී මුම්බායි නායක රෝහිත් ෂර්මා ලොව හොඳම සහ නිරහංකාරම නායකයා බවත් එම කණ්ඩායමේ පුහුණුකරු මහේල ජයවර්ධන ලොව හොඳම පුහුණුකරුවා බවත් නීටා අම්බානි ප්‍රකාශ කර ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ.
« PREV
NEXT »

Facebook Comments APPID

About Us

logo

fbtemplates in Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Nunc interdum metus vitae dui tempus ornare. Nulla facilisi. Vivamus id eros sit amet lorem condimentum ultrices. Phasellus imperdiet, magna at sodales dictum, nibh mauris tempor nulla, in consequat est purus eget.

Nulla facilisi. Vivamus id eros sit amet lorem condimentum ultrices. Phasellus imperdiet, magna at sodales dictum, nibh mauris tempor nulla, in consequat est purus eget.