BREAKING NEWS
latest

728x90

468x60

සුපිරි හෝටලයක දැමූ මත්පැන් සාදයට අවසානයේ සිදු වුන දේ

හික්‌කඩුව ප්‍රදේශයේ හෝටලයක මුහුණු පොතෙන් හඳුනාගත් මිතුරු මිතුරියන් පිරිසක්‌ විසින් පවත්වාගෙන යමින් තිබූ සාදයක්‌ වටලා මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන සිටි පුද්ගලයන් 07 දෙනකු හා අනන්‍යතාවය ඔප්පු කිරීමට අසමත් වූ පුද්ගලයන් 12 දෙනකු ඊයේ (13 වැනිදා) අලුයම අත්අඩංගුවට ගත් බැව් මීටියාගොඩ පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් අය අතර තරුණයින් 16 දෙනෙකු හා තරුණියන් තිදෙනෙකු සිටින බවද මිටියාගොඩ පොලිසිය කියයි. අනුරාධපුරය, නොච්චියාගම, තඹුත්තේගම, කොළඹ ආදී දිවයිනේ විවිධ ප්‍රදේශවලින් පැමිණි 150 කට අධික පිරිසක්‌ මෙම සාදයට සහභාගි වී ඇත. මෙකී සාදය සංවිධානය කළ පුද්ගලයාද පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් පුද්ගලයින් ගංජා, මත්ද්‍රව්‍ය දමා සැදූ ලොලිපොප් ඇතුළු මත්ද්‍රව්‍ය ළඟ තබා ගෙන සිටි බව පොලිසිය කියයි. මෙකී හෝටලය කුලී පදනම මත ලබාදී ඇති බැව පොලිසිය කියයි.

මීටියාගොඩ පොලිස්‌ ස්‌ථානාධිපති තුෂාර මංජුල, බද්දේගම හා කරන්දෙණිය යන පොලිස්‌ ස්‌ථානවල ස්‌ථානාධිපතිවරුන් ඇතුළු පොලිස්‌ නිලධාරීන් 75 දෙනකු මෙකී වැටලීමට එක්‌ව ඇත.
« PREV
NEXT »

Facebook Comments APPID