BREAKING NEWS
latest

728x90

468x60

සාර්ථක ගැබ් ගැන්වීමක් සඳහා පිරිමියෙක් තුළ තිබිය යුතු සුදුසුකම්

දරු පිළිසිඳ ගැනීමකදී කාන්තාවක තුළ තිබිය යුතු සුදුසුකම් පිළිබඳව බොහෝ දෙනෙක් කථා කරනවා. නමුත් කාන්තාවක් ගැබ් ගැන්වීම සම්බන්ධයෙන් කටයුතු කරන පිරිමියෙකුගේ තිබිය යුතු නීරෝගීතාවය පිළිබඳව බොහෝ දෙනෙකු අවධානය යොමුකොට නැහැ.

මේ අතර ඉන්දියාවෙ මුම්බායි නගරයේ කොහිනූර් රෝහලේ ප්‍රසව සහ නාරිවේද විශේෂඥ වෛද්‍ය අංජලී තල්වල්කාර් මාස දෙකකට වරක් ආසියාතික තරුණියන්ගේ ගර්භනී බව පිළිබඳ වැඩමුළු පවත්වනවා. මෙවර ඇය කතා කර තිබෙන්නේ දරු උපතක් සඳහා පිරිමියාගේ සෞඛ්‍යයේ බලපෑම ගැනයි.
දරුවෙකු පිළිසිඳ ගැනීම සහ පිරිමියා අතර ඇති සම්බන්ධය විස්තර කළොත්?

හෂිනි අමේන්ද්‍රා රත්නායකගේ රන්බඩු වංචාවට එරෙහි නඩුව ජූලි 20 වැනිදාට කල් යයි

තංගල්ල ප්‍රදේශයේ රාජ්‍ය බැංකුවක සේවයේ යෙදී සිටිය කාලයේදී සිදු වූ බව කියන රන් භාණ්‌ඩ වංචාවක්‌ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයේ සිට පසුගිය 12 වැනි දින තංගල්ල මහාධිකරණයෙන් ඇප හිමි වූ හෂිනි අමේන්ද්‍රා රත්නායක ඊයේ (16 දා) තංගල්ල මහෙස්‌ත්‍රාත් අධිකරණයේ පැවැති නඩු විභාගය සඳහා පැමිණි අතර, එහිදී ඊට අදාළ නඩු විභාගය නැවතත් ජුලි මස 20 වැනිදා දක්‌වා කල් තැබීය.

තංගල්ල මහෙස්‌ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු මහී විඡේවීර මහතා හමුවේ නඩුව කැඳවිණි.

ධම්මික ලංකාවට ගෙන්වූ ලොව මිල අධිකම සුපිරි වාහනය මෙන්න

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ප්‍රකෝටිපති ව්‍යාපාරික ධම්මික පෙරේරා විසින් මිල දී ගෙන තිබූ Bentley Mulsanne Hallmark මෝටර් රථය මේ වන විට මෙරටට පැමිණ ඇතැයි වාර්තා වේ. මෙහි වටිනාකම ශ්‍රී ලංකා මුදලින් රුපියල් මිලියන 160 ක් හෙවත් රුපියල් කෝටි 16 ක් පමණ වන බව වැඩිදුරටත් සඳහන් වේ.


මේ බව අනාවරණය කරමින් අද (15) දින Daily FT පුවත් පත කියා සිටින්නේ ධම්මික පෙරේරා විසින් මිල දී ගනු ලැබූ Blue සහ Porcelain White වර්ණයන්ගෙන් යුතු Bentley Mulsanne Hallmark මෝටර් රථය ඊයේ (14) දිනයේ දී ගුවන් මගින් ශ්‍රී ලංකාවට පැමිණි බවයි.

නිවසක තනිව ජීවත් වූ සිව් දරු මවකගේ මළ සිරුරක් මාස 03කට පසුව හමුවෙයි

නෝටන්බ්‍රිජ් පොලිස් වසමට අයත් කිරිවන්එළිය ග්‍රාමයේ නිවසක තිබී කාන්තා මළ සිරුරක ඇට කොටස් හා හිස හමු වී ඇති බව නෝටන්බ්‍රිජ් පොලීසිය පවසයි.

එසේ සොයාගෙන ඇත්තේ, එම ගෙහිමි කාන්තාවවන 79 හැවිරිදි රාජපක්ෂ මුදියන්සේලාගේ කුසුමාවතී නැමති සිව් දරු මවකි.

එංගලන්ත ජාතිකයාට පහරදී මැරූ මෙහෙකාරිය රිමාන්ඩ්


එංගලන්ත ජාතිකයකු වූ 70 වියෑති ක්‍රිස්‌ට්‍රොaපර් බූඩ් පේලි නමැත්තාට බෝතලයකින් පහරදී ඔහු මරාදමන ලදැයි කියන ඔහුගේ මෙහෙකාරිය ලබන 21 තෙක්‌ රක්‌ෂිත බන්ධනාගාරගත කරන ලෙස මාතලේ අතිරේක දිසා විනිසුරු සේසිරි හේරත් මහතා නියෝග කළේය.

ලාබාලම නගර සභා මන්ත්‍රීවරියවූ සචිනි කාරියවසම්

පසුගියදා පැවැති මැතිවරණයෙන් ලාබාලම නගර සභා මන්ත්‍රීවරිය ලෙස තේරී පත් වී වාර්තාවක් තබා ඇත්තේ පොදු ජන පෙරමුණේ අපේක්ෂිකාවක ලෙස අනුරාධපුරය මහ නගර සභාවට තරග කර ජයගත් සචිනි කාරියවසම් මෙනවිය යි.

විවාහයට පෙර බලන පොරොන්දම් ගැන ඹබ නොදත් විස්තරේ මෙන්න - love & Horoscope

විවාහය යනු ස්‌ථාන දෙකක වෙන් වෙන්ව ජීවත් වූ අසමාන ගතිගුණ මෙන්ම අදහස්‌ ඇති ස්‌ත්‍රී පුරුෂ දෙපාර්ශ්වය කායික හා මානසික වශයෙන් එක්‌තැන් වීමයි. ආදි කාලයේ සරණ මංගල්‍යය ලෙස අර්ථ දැක්‌වූ විවාහය බොහෝ විට සිදු කෙරුණේ දෙපාර්ශ්වයේ කැමැත්ත මත යෝජිත විවාහයන් ලෙසිනි. එහිදී මනමාල පාර්ශ්වයෙන් මනමාලිය බැලීමට ගොස්‌ දෙමාපියන්ගේ වැඩිහිටියන්ගේ අදහස්‌වලට ගරු කරමින් සියලු චාරිත්‍ර සිදු කර විවාහ කටයුතු කිරීමට තීරණය කෙරිණි. මෙහිදී ස්‌ත්‍රී පුරුෂ දෙදෙනාගේ ජන්ම කේන්ද්‍ර දෙක දෛවඥතුමකු ළඟට ගොස්‌ ගළපා බලා එහි ගැළපීම යහපත් නම් විවාහ කටයුතු සිදු කිරීමට සම්ප්‍රදායානුකූල සිරිත විය. මෙහිදී දෙදෙනාගේ ගැළපීම් පරීක්‍ෂා කිරීම පොරොන්දම් ගැළපීම ලෙස නම් කෙරිණි.

නිවසේ කසිප්පු පෙරූ දෙල්ගමුවේ පොලිස්‌ නිලධාරියා

වරකාපොළ මාහේන දෙල්ගමුව ප්‍රදේශයේ පදිංචි හිටපු පොලිස්‌ නිලධාරියකු විසින් තමාගේ දෙමහල් නිවස තුළ පවත්වා ගෙන ගිය කසිප්පු පෙරීමේ මධ්‍යස්‌ථානයක්‌ වටලා හිටපු පොලිස්‌ නිලධාරියා සහ කසිප්පු ස්‌ප්‍රීතු බෝතල් 90 ක්‌, ගෝඩා මිලි ලීටර් 180,000 ක්‌ හා පෙරීමට ගන්නා උපකරණ තොගයක්‌ ද සමඟ පසුගියදා අත්අඩංගුවට ගත් බව වරකාපොළ පොලිසිය පවසයි.

දින 14 කදී සොෆ්ට්ලොජික් කොටස් මිල 75% කින් ඉහලට

සොෆ්ට්ලොජික් හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගමේ කොටස් මිල පසුගිය ගනුදෙනු දින 14 තුළ දී සියයට 75 කින් ඉහළ ගොස් තිබේ.

පසුගිය ජනවාරි 23 දින වන රු. 12.70 ක්ව පැවති සමාගමේ කොටසක මිල අද (14) දින රු. 22.60 ක් දක්වා වූ මිල ගණන් යටතේ ගනුදෙනු විය.

පසුගිය ජනවාරි 24 දින සමාගම විසින් අනාවරණය කරනු ලැබූ පුද්ගලික නිකුතුවක් හා හිමිකම් නිකුතුවක් හරහා සිදුකරනු ලබන කොටස් නිකුතු සම්බන්ධ ප්‍රවෘත්තිය මෙලෙස සොෆ්ට්ලොජික් හෝල්ඩිංග්ස් කොටස් මිල ඉහළ යාමට හේතුවී තිබේ.

වික්‌ටර්ගේ බිරිඳට ඇප

වෙනත් පාර්ශ්වයක්‌ විසින් තමන් සේවය කළ බැංකු ආයතනයේ උකස්‌ කොට තිබූ රන් ආභරණ තොගයක්‌ සම්බන්ධයෙන් විශ්වාසය කඩකිරීමේ චෝදනාව යටතේ රක්‍ෂිත බන්ධනාගාර ගතකර සිටි ප්‍රවීණ සංගීතවේදී වික්‌ටර් රත්නායක මහතාගේ බිරිඳ වන හෂිනි අමෙන්ද්‍රා රත්නායක මහත්මියව දැඩි ඇප කොන්දේසි පනවා ඇපමත මුදාහැරීමට තංගල්ල මහෙස්‌ත්‍රාත් මහිල් විඡේවීර මහතා (12 වැනිදා) පස්‌වරුවේ නියෝග කළේය.

දිනුවා නම් ගෙදර පලයං යෑයි කියා'.... පොහොට්‌ටුවයි බුලත් කොළයයි එකතු වී මට ගැහුවා

ගම්පොල උඩපළාත ප්‍රාදේශීය සභාවට එජාපයෙන් තරග කොට ජයග්‍රහණය කළ යසස්‌ දෙනුවර මහතාට එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පිරිසක්‌ එක්‌ව පහරදුන් බව කියමින් ඒ මහතා ගම්පොල ශික්‌ෂණ රෝහලට ඇතුළත්ව තිබේ.

ගම්පොල දැල්පිටිය ස්‌ටෝල්ඩ් ප්‍රදේශයේ පිහිටි තම නිවස ආසන්නයේදී මෙම පහරදීම සිදු වූ බවට ඔහු ගම්පොල පොලිසියට පැමිණිලි කොට ඇත.

උපාලි විජයවර්ධන ගුණ සමරු පිංකම්

උපාලි සමූහ ව්‍යාපාරයේ නිර්මාතෘ උපාලි විජයවර්ධන මහතාගේ 35 වැනි ගුණසමරුව ඊයේට (13 වැනිදා) යෙදී තිබිණි. ඒ නිමිත්තෙන් කැලණිය රජමහා විහාරය කේන්ද්‍ර කරගෙන ප්‍රධාන පිංකම් මාලාව ඊයේ දවස පුරා පැවති අතර එහිදී හෙලේනා විජයවර්ධන විදුහලේ ඉගෙනුම ලබන ආර්ථික අපහසුතාවයන්ගෙන් පෙළෙන දරු දැරියන් දසදෙනකුට ශිෂ්‍යත්ව ප්‍රදානය කරන ලදී.

'නුඹ සුළං රැල්ලක් ව' පෙබරවාරි මස 17 ජනගත වේ.

නිශාන්ත ෆර්නෑන්ඩු ගේ පළමු කාව්‍ය සංග්‍රහයේ 'නුඹ සුළං රැල්ලක් ව' පෙබරවාරි මස 17 වැනිදා සවස3.00ට මහවැලි කේන්ද්‍රීය ශ්‍රවණාගාරයේ දී ජනගත කෙරේ. 

ශ්‍රී ලංකාවට මාවතක්‌ පෙන්වූ විජයවර්ධන චින්තනය - Upali Wijewardene

උපාලි සමූහ ව්‍යාපාර නිර්මාතෘ උපාලි විජයවර්ධන මහතාගේ 35 වැනි ගුණ සැමරුම අදට (13 වැනි දිනට) යෙදී ඇත. මේ නිමිත්තෙන් උපාලි සමූහ ව්‍යාපාර අලෙවි නියෝජිතයන්, සේවක සේවිකාවන් හා ජනතාව විසින් දිවයින පුරා ගුණසමරු උත්සව සහ පිංකම් රැසක්‌ සංවිධානය කර තිබේ. 


13 වැනිදා උදේ 9.00 ට උපාලි සමූහ ව්‍යාපාර සේවක සේවිකාවන් විසින් සංවිධානය කරන ලේ දන්දීමේ වැඩසටහනක්‌ කැලණිය රජමහා විහාරස්‌ථානයේදී පැවැත්වේ. අඟහරුවාදා දින උදැසන 9.30 ට මට්‌ටක්‌කුලිය කාමලයිට්‌ දේවස්‌ථානයේ දේව මෙහෙයක්‌ද පැවැත්වේ. උදැසන 10.00 ට කැලණි රජමහා විහාරයේ ධාතු මන්දිරයට බුද්ධ පූජාවක්‌ සිදුකරන අතර කැලණිය හෙලේනා විජයවර්ධන විදුහලේ ආර්ථික දුෂ්කරතාවන්ගෙන් පෙළෙන දරුවන් 10 දෙනකුට ශිෂ්‍යත්ව ප්‍රදානය උපාලි සමූහ ව්‍යාපාරයේ සමූහ කළමනාකාර අධ්‍යක්‍ෂ නිමල් වෙල්ගම මහතාගේ ප්‍රධානත්වයෙන් උදැසන 10.30 ට සිදු කෙරේ.

කොට සාය තහනමට විශ්වවිද්‍යාල සිසු සිසුවියන්ගේ විරෝධය


කොට සායවල් නොඅඳින ලෙසට කොලොම්බියාවේ විශ්වවිද්‍යාල බලධාරීන් කළ දැනුම්දීමකට විරෝධය පා විශ්වවිද්‍යාල සිසු සිසුවියන් සියලු දෙනා කොට සාය හා කොට කලිසම් ඇඳ විරෝධතා ව්‍යාපාරයක්‌ ආරම්භ කර තිබේ.

ලංකාවට ඇවිත්ගිය සොෆියාගේ පැටිකිරිය - Britain's Prince Edward

බි‍්‍රතානය රාජකීයන් අතර නිතර කතා බහට ලක් නොවන යුවළක් පසුගිය දා අපේ රටට ආවේ අපේ හැත්තෑවෙනි නිදහස් සැමරුම වෙනුවෙන්. එළිසබෙත් රැුජිනගේ දරුවන් සිව්දෙනා අතරින් බාලයා වන එඞ්වඞ් කුමරු නැතිනම් වෙසෙක්ස් හි අර්ල්වරයා එසේ අපේ රටට ආවේ ඔහුගේ බිරි`ද වන වෙසෙක්ස් හි ආදිපාදවරිය නැත්නම් සොෆියා කුමරිය සමග. ඇය කවුදැයි දැන ගන්නට කවුරුත් කැමැති ඇති.


සොෆියා කුමරියත් රාජකීය පෙළපතකින් පැවත එන රාජකීයයකු නොවෙයි. 1965 ජනවාරි 20 වැනිදා එංගලන්තයේ ඔක්ස්ෆර්ඞ් හි රෙඞ්ක්ලිෆ් ප‍්‍රදේශයේ ඈ ඉපිද ඇත්තේ සාමාන්‍ය පවුලක. විවාහයට පෙර ඇගේ නම සොෆියා හෙලන් රේ-ජෝන්ස්. රේ-ජෝන්ස් කියන්නෙ ඇගේ පියාගෙම නමේ කොටසක්. ටයර් අලෙවිකරුවකු වුණු සොෆියා කුමරියගේ පියා ක‍්‍රිස්ටොෆ් ර් රේ-ජෝන්ස්. මව ලේකම්වරියක් ලෙස කටයුතු කළ මාරි ඔසුලිවන්. කෙන්ට් පාසලෙන් ඉගෙනුම ලබා ඇති සොෆියා තමන්ගේ වෘත්තීය ජීවිතය පටන් ගෙන ඇත්තේ මහජන සම්බන්ධතා නිලධාරිනියක ලෙස. ඇය කලක් තමන්ගේ මිතුරියක සමග මහජන සම්බන්ධතා ඒජන්සියක් පවත්වාගෙන ගොස් ඇති අතර වසර හතරක් පමණ කාලයක් කැපිටල් රේඩියෝහි මහජන සම්බන්ධතා නිලධාරිනිය ලෙසද කටයුතු කර තිබෙනවා.