
මෝගනන් බාල් කල්‍යාණි නම්වූ 33 වියෑති සැකකාරිය තවදුරටත් රක්‌ෂිත බන්ධනාගාර ගත වූවාය. ඇය වෛද්‍ය පරික්‌ෂණයකට පෙනී සිටීමට නියමිතය. මරණකරු ශ්‍රී ලාංකික කාන්තාවක සමඟ මාතලේ පලාපත්වල උඩුගම පදිංචිව සිටියේය. තමා බීමත්ව තම හාම්පුතාට පහරදුන් බවට සැකකාරිය මාතලේ පොලිසියට පාපොච්චාරණය කළාය. පහරදීම සිදුවන විට සුදු ජාතිකයාගේ බිරිය නිවසින් බැහැර ගොස් සිටියාය. එම නිවස පරීක්‌ෂා කිරීමට අවසර දෙන ලෙස පොලිසිය කළ ඉල්ලීමට අතිරේක දිසා විනිසුරු සේසිරි හේරත් මහතා අවසර දුන්නේය. වැඩබලන මහෙස්‌ත්‍රාත් වසන්තා ධර්මකීර්ති මහත්මිය අදාළ මහෙස්‌ත්‍රාත් පරීක්‌ෂණය පැවැත්වීමට නියමිතය.