BREAKING NEWS
latest

728x90

468x60

හෂිනි අමේන්ද්‍රා රත්නායකගේ රන්බඩු වංචාවට එරෙහි නඩුව ජූලි 20 වැනිදාට කල් යයි

තංගල්ල ප්‍රදේශයේ රාජ්‍ය බැංකුවක සේවයේ යෙදී සිටිය කාලයේදී සිදු වූ බව කියන රන් භාණ්‌ඩ වංචාවක්‌ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයේ සිට පසුගිය 12 වැනි දින තංගල්ල මහාධිකරණයෙන් ඇප හිමි වූ හෂිනි අමේන්ද්‍රා රත්නායක ඊයේ (16 දා) තංගල්ල මහෙස්‌ත්‍රාත් අධිකරණයේ පැවැති නඩු විභාගය සඳහා පැමිණි අතර, එහිදී ඊට අදාළ නඩු විභාගය නැවතත් ජුලි මස 20 වැනිදා දක්‌වා කල් තැබීය.

තංගල්ල මහෙස්‌ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු මහී විඡේවීර මහතා හමුවේ නඩුව කැඳවිණි.

2012 සිට 2016 දක්‌වා තංගල්ලේ පිහිටි රාජ්‍ය බැංකුවක සේවය කරමින් සිටින කාලය තුළදී එහි උකස්‌ අංශයේ තිබූ රුපියල් දොළොස්‌ ලක්‍ෂ අසූදහසක්‌ වටිනා රන් භාණ්‌ඩ වංචාවක්‌ සම්බන්ධයෙන් සැකකාරිය පසුගිය ජනවාරි මස 09 වැනි දා තංගල්ල කොට්‌ඨාස වංචා විමර්ශන අංශය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්‍ෂිත බන්ධනාගාරගත කෙරිණි.

පසුව සැකකාරිය අවස්‌ථා කිහිපයකදීම මෙම සිද්ධියට අදාළව තංගල්ල මහෙස්‌ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණු අතර එම සෑම අවස්‌ථාවකදීම ඇය රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට තංගල්ල මහෙස්‌ත්‍රාත්වරයා නියෝග කළේය.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් සැකකාරියගේ පාර්ශ්වයෙන් තංගල්ල මහාධිකරණය හමුවට ඇප අයෑදුම්පතක්‌ ඉදිරිපත් කරමින් ඇප ඉල්ලා සිටි අතර, එම කරුණු පිළිබඳව සලකා බැලූ තංගල්ල බළාත්බද මහාධිකරණ විනිසුරු සුජාතා අලහප්පෙරුම මහත්මිය පසුගිය 12 වැනි දා සැකකාරියට ඇප නියම කළාය. ඒ රුපියල් ලක්‍ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකකි. ඒ අනුව එදිනම ඇප ලබා පැමිණි සැකකාරිය ඊයේ (16 දා) නැවතත් තංගල්ල මහෙස්‌ත්‍රාත් අධිකරණයේ පැවැත්වෙන නඩු විභාගය සඳහා පැමිණියාය. නඩුව ජුලි මස 20 වැනි දා යළි කැඳවීමට නියමිතය.

« PREV
NEXT »

Facebook Comments APPID