BREAKING NEWS
latest

728x90

468x60

ධම්මික ලංකාවට ගෙන්වූ ලොව මිල අධිකම සුපිරි වාහනය මෙන්න

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ප්‍රකෝටිපති ව්‍යාපාරික ධම්මික පෙරේරා විසින් මිල දී ගෙන තිබූ Bentley Mulsanne Hallmark මෝටර් රථය මේ වන විට මෙරටට පැමිණ ඇතැයි වාර්තා වේ. මෙහි වටිනාකම ශ්‍රී ලංකා මුදලින් රුපියල් මිලියන 160 ක් හෙවත් රුපියල් කෝටි 16 ක් පමණ වන බව වැඩිදුරටත් සඳහන් වේ.


මේ බව අනාවරණය කරමින් අද (15) දින Daily FT පුවත් පත කියා සිටින්නේ ධම්මික පෙරේරා විසින් මිල දී ගනු ලැබූ Blue සහ Porcelain White වර්ණයන්ගෙන් යුතු Bentley Mulsanne Hallmark මෝටර් රථය ඊයේ (14) දිනයේ දී ගුවන් මගින් ශ්‍රී ලංකාවට පැමිණි බවයි.

Bentley Mulsanne Hallmark රථ මුළු ලොවටම නිෂ්පාදනය කර ඇත්තේ ඒකක 50 ක් වන අතර ධම්මික පෙරේරා විසින් මිල දී ගෙන ඇත්තේ එම පෙළේ අවසාන වශයෙන් නිෂ්පාදිත මෝටර් රථයයි.

මේ අනුව දකුණු ආසියාව, අග්නිදිග ආසියානු කලාපය හා මැදපෙරදිග කලාපයටම Bentley Mulsanne Hallmark මෝටර් රථයක හිමිකාරීත්වය දරනු ලබන එකම පුද්ගලයා බවට ධම්මික පෙරේරා පත් වී තිබේ.

එංගලන්තයේ H. J. Mulliner & Co සමාගම විසින් Bentley Mulsanne Hallmark නිෂ්පාදනය කරනු ලබයි. එහි නිමාව සම්පූර්ණයෙන්ම මිනිස් අතින් (handcrafted cars) සිදුකරනු ලබන නිෂ්පාදනයක් වේ.

Mulsanne Hallmark කාණ්ඩය, ඒකක 50 කට පමණක් සිමා කර ඇති අතර එහි අවසාන වශයෙන් නිෂ්පාදනය කරනු ලැබූ මෝටර් රථය මෙලෙස ධම්මිකගේ හිමිකාරීත්වයට පත්වී තිබේ.

Bentley Mulsanne Hallmark මෝටර් රථයක ආරම්භක මිල ස්ටර්ලිං පවුම් 390,000 ක් පමණ වේ. එය ආසන්න වශයෙන් ශ්‍රී ලංකා මුදලින් රුපියල් මිලියන 84 කි. එසේම ශ්‍රී ලංකා රේගුවේ තොරතුරුවලට අනුව මේ සඳහා ගෙවන ලද තීරු බද්ද රුපියල් මිලියන 76 කි.



« PREV
NEXT »

Facebook Comments APPID