BREAKING NEWS
latest

728x90

468x60

උපාලි විජයවර්ධන ගුණ සමරු පිංකම්

උපාලි සමූහ ව්‍යාපාරයේ නිර්මාතෘ උපාලි විජයවර්ධන මහතාගේ 35 වැනි ගුණසමරුව ඊයේට (13 වැනිදා) යෙදී තිබිණි. ඒ නිමිත්තෙන් කැලණිය රජමහා විහාරය කේන්ද්‍ර කරගෙන ප්‍රධාන පිංකම් මාලාව ඊයේ දවස පුරා පැවති අතර එහිදී හෙලේනා විජයවර්ධන විදුහලේ ඉගෙනුම ලබන ආර්ථික අපහසුතාවයන්ගෙන් පෙළෙන දරු දැරියන් දසදෙනකුට ශිෂ්‍යත්ව ප්‍රදානය කරන ලදී.

 එම දරු දැරියන් කැලණිය රජ මහා විහාරාධිපති මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්‌ත නාහිමියන් සහ උපාලි සමූහ ව්‍යාපාරයේ කළමනාකාර අධ්‍යක්‍ෂ නිමල් වෙල්ගම, රාජ්‍ය ආරක්‍ෂක ඇමැති රුවන් විජයවර්ධන කැලණිය රජමහා විහාරයේ බස්‌නායක නිලමේ සහ උපාලි සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්‍ෂ ධම්මික ආටිගල, කොළඹ නාගරික මන්ත්‍රී දුමින්ද ආටිගල මහත්වරුන් ඇතුළු පිරිස සමඟ සමූහ ඡායාරූපයකට මුහුණ දුන් අයුරු. ඡායාරූපය - නිශාන් එස්‌. ප්‍රියන්ත

« PREV
NEXT »

Facebook Comments APPID