BREAKING NEWS
latest

728x90

468x60

විවාහයට පෙර බලන පොරොන්දම් ගැන ඹබ නොදත් විස්තරේ මෙන්න - love & Horoscope

විවාහය යනු ස්‌ථාන දෙකක වෙන් වෙන්ව ජීවත් වූ අසමාන ගතිගුණ මෙන්ම අදහස්‌ ඇති ස්‌ත්‍රී පුරුෂ දෙපාර්ශ්වය කායික හා මානසික වශයෙන් එක්‌තැන් වීමයි. ආදි කාලයේ සරණ මංගල්‍යය ලෙස අර්ථ දැක්‌වූ විවාහය බොහෝ විට සිදු කෙරුණේ දෙපාර්ශ්වයේ කැමැත්ත මත යෝජිත විවාහයන් ලෙසිනි. එහිදී මනමාල පාර්ශ්වයෙන් මනමාලිය බැලීමට ගොස්‌ දෙමාපියන්ගේ වැඩිහිටියන්ගේ අදහස්‌වලට ගරු කරමින් සියලු චාරිත්‍ර සිදු කර විවාහ කටයුතු කිරීමට තීරණය කෙරිණි. මෙහිදී ස්‌ත්‍රී පුරුෂ දෙදෙනාගේ ජන්ම කේන්ද්‍ර දෙක දෛවඥතුමකු ළඟට ගොස්‌ ගළපා බලා එහි ගැළපීම යහපත් නම් විවාහ කටයුතු සිදු කිරීමට සම්ප්‍රදායානුකූල සිරිත විය. මෙහිදී දෙදෙනාගේ ගැළපීම් පරීක්‍ෂා කිරීම පොරොන්දම් ගැළපීම ලෙස නම් කෙරිණි.


පොරොන්දම් ගැළපීම ආකාර 3 කින් සිදු කිරීම සාමාන්‍ය සිරිත වන්නකි. එනම්

1. විසි පොරොන්දම් පරීක්‍ෂාව

2. දස පොරොන්දම් පරීක්‍ෂාව

3. අෂ්ට කූට හෙවත් අට පොරොන්දම් ගැළපීම ලෙස විග්‍රහ වන්නේය.

මෙහිදී කරුණු 20 ක්‌ සළකා ස්‌ත්‍රී කේන්ද්‍රය මුල් කරගෙන එය පුරුෂ කේන්ද්‍රයට ගැළපේදැයි විග්‍රහ කෙරේ. එසේ දස පොරොන්දම්වලදී මූලික කරුණු 

10 ක්‌ද, අෂ්ට කූඨවලදී මූලික කරුණු 8 ක්‌ද පරීක්‍ෂාවට ලක්‌ කෙරේ. ස්‌ත්‍රී පුරුෂ දෙදෙනාගේ උපන් නැකත මූලික කරගෙන මෙම පොරොන්දම් ගැළපීම සිදු කරනු ලැබේ. මෙහිදී මෙම ගැළපීම්වලට සංඛ්‍යාත්මක අගයන් ලබාදී එම සංඛ්‍යාත්මක වටිනාකම අනුව ගැළපේද නොගැළපේද යන්න තීරණය කරනු ලැබේ. 

එසේම ජ්‍යෙdතිර් විද්‍යාවට අනුව මෙම පොරොන්දම් ගැළපීමේදී නොගැළපීමේ දෝෂ භංග වීමේ ක්‍රමයන්ද දක්‌වා තිබීම වැදගත් වේ. මෙය ස්‌ත්‍රී පුරුෂ දෙදෙනාගේ ගැළපීම් සාධාරණීකරණය කිරීමක්‌ ලෙස දැක්‌විය හැකිය. ජ්‍යෙdතිර්වේදියකු ලෙස මාගේ පෞද්ගලික අදහස නම් දෙපාර්ශ්වයන් ඒකරාශි වීමක්‌ ලෙස සැළකෙන විවාහයේ දී පොරොන්දම් ගැළපීම හා සමානවම දෙදෙනා එකිනෙකා තේරුම්ගෙන අනිත් පාර්ශ්වයේ අදහස්‌ ගරු කරමින් ජීවත් වීම විවාහ ජිවිතය වඩාත් සාර්ථක වීමට හේතු පාදක වන බවයි.

සිංහල බෞද්ධ ජනතාව තමාගේ ජීවිතයේ සෑම විශේෂ අවස්‌ථාවකදීම ජ්‍යෙdතිෂයට මුල්තැන දී කටයුතු කරන අතර විවාහයේ දී ද මූලිකව ජ්‍යෙdතිෂය සම්බන්ධ කරගනී. මෙසේ ජ්‍යෙdතිෂය සම්බන්ධ කර ගැනීමෙන් ග්‍රහ අපල උපද්‍රව දෝෂ නොමැති සාර්ථක ජීවිතයක්‌ ගතකිරීමට අවශ්‍ය උපදෙස්‌ ලබා ගැනීම මූලික අර්ථය වෙයි.

කරුණු 20 ක්‌ මූලික කරගෙන ගළපන්නා වූ පොරොන්දම්වල සැබෑ අර්ථය සමහර විට ඔබ නොදන්නවා විය හැක. හෙට දින විවාහ ජීවිතය 

ඇරැඹීමට සැරසෙන්නා වූ ඔබ සැමගේ දැන ගැනීම පිණිස මෙම පොරොන්දම්වලින් ගම්‍ය වන සැබෑ අර්ථය විග්‍රහ කිරීම පාදක කොටගෙන මෙම ලිපිය සකස්‌ කිරීමට මුඛ්‍ය පරමාර්ථය විය. දැන් අපි විමසා බලමු විසි පොරොන්දම්වලින් කියෑවෙන අර්ථයන් කෙබඳුවේද කියා. 

1. නැකැත් පොරොන්දම - දෙදෙනාගේ පෞරුෂය, දෙදෙනාගේ අදහස්‌ ගැළපීම

2. ගණ පොරොන්දම - දෙදෙනාගේ විශ්වාසය සහ අවබෝධය

3. මහේනු පොරොන්දම - දෙදෙනාගේ අනාගත ජීවිතය, දරුඵල ලැබීම්, ආයුෂ

4. ස්‌ත්‍රී දීර්ඝ පොරොන්දම - අෙන්‍යාන්‍ය සතුට

5. යෝනි පොරොන්දම - ලිංගික ජීවිතය

6. රාශි පොරොන්දම - අභ්‍යන්තරික රුචි අරුචිකම්, එකිනෙකාගේ කැමැත්ත

7. රාශි අධිපති පොරොන්දම - මෙමගින්ද ඉහත සඳහන් කරුණු වන රුචි අරුචිකම් තවදුරටත් ගළපනු ලබයි

8. රඡ්ජු පොරොන්දම - සිතුම් පැතුම්

9. වශ්‍ය පොරොන්දම - එකිනෙකා ආකර්ෂණය වීම

10. වේද පොරොන්දම - සැප සම්පත් හිමිවීම, නිරෝගී බව

11. වෘක්‍ෂ පොරොන්දම - දරුඵල හිමිවීම

12. පක්‍ෂි පොරොන්දම - මිත්‍රශීලී බව

13. ආයුෂ පොරොන්දම - විවාහයේ පැවැත්ම, දෙදෙනාගේ ආයුෂ

14. ඥන පොරොන්දම - දෙදෙනාගේ කායික මානසික ආධ්‍යාත්මික ගැළපීම.

15. ගෝත්‍ර පොරොන්දම - දෙදෙනාගේ වංශය, කුලය

16. වර්ණ පොරොන්දම - දෙදෙනා එකිනෙකාට දක්‌වන කරුණාව, දයාව

17. ලිංග පොරොන්දම - ලිංගික ජීවිතයේ ගැළපීම

18. දින පොරොන්දම - දින ගැළපීම

19. නාඩි පොරොන්දම - රුධිර ශක්‌තිය ගැලපීම

20. ග්‍රහ ගැලපීම - දෙදෙනාගේ අදහස්‌, රුචි අරුචිකම් ගැළපීම

ඉහත සඳහන් කළේ විසි පොරොන්දම් ලෙස ගළපන කරුණු 20 න් ගම්‍ය වන මුඛ්‍ය පරමාර්ථයයි. සැබවින්ම පවසනවා නම් මෙසේ ගළපනු ලබන්නේ දෙදෙනාගේ කායික මානසික සිතුම් පැතුම්වල ගැළපීම යයි අපට වටහාගත හැකිය. 

සසර පුරුද්දට හෝ වෙනයම් අරුතකින් එකතු වෙන්නට සැරසෙන ස්‌ත්‍රී පුරුෂ දෙපාර්ශ්වයට තමාගේ නොගැළපීම් වටහාගෙන එකිනෙකා අවබෝධ කරගෙන ජීවත් වනවා නම් එයයි නියම පොරොන්දම් ගැළපීම.

අෙන්‍යාන්‍ය අවබෝධය තුළින් සාර්ථක විවාහ ජීවිතයක්‌ ගතකිරීමට මංපෙත් විවර කරගත හැකිවේ.

උපමාලිකා අබේරත්න
කඩවත, ජ්‍යෙතිර්වේදිනී
අංක විද්‍යාවේදිනී
« PREV
NEXT »

Facebook Comments APPID