BREAKING NEWS
latest

728x90

468x60

නිවසක තනිව ජීවත් වූ සිව් දරු මවකගේ මළ සිරුරක් මාස 03කට පසුව හමුවෙයි

නෝටන්බ්‍රිජ් පොලිස් වසමට අයත් කිරිවන්එළිය ග්‍රාමයේ නිවසක තිබී කාන්තා මළ සිරුරක ඇට කොටස් හා හිස හමු වී ඇති බව නෝටන්බ්‍රිජ් පොලීසිය පවසයි.

එසේ සොයාගෙන ඇත්තේ, එම ගෙහිමි කාන්තාවවන 79 හැවිරිදි රාජපක්ෂ මුදියන්සේලාගේ කුසුමාවතී නැමති සිව් දරු මවකි.

එම කාන්තාව හුදෙකලා නිවසක තනිවම පදිංචිව සිට ඇති අතර මාස 03ක පමණ කාලයකින් වැඩිහිටි දීමනාව ලබා ගැනීම සඳහා නොපැමිණි නිසා අසල්වාසී ඥාතීන් පිරිසක් විසින් පසුගියදා (14) පස්වරුවේ ඇය පදිංචිව සිටි නිවසට ගොස් සොයාබලා තිබේ.

එහි දී නිවස තුළ ඇඳ අසල තිබී ඇගේ ශරීරයේ ඇටකටු හා හිස දක්නට ලැබුණ බවට නෝටන්බ්‍රිජ් පොලීසියට පැමිණිළි කර තිබේ.

මෙම කාන්තාවගේ දරුවන් සිව් දෙනාගෙන් වැඩිහිටි පුත්‍රයා හා ස්වාමියා වසර කීපයකට පෙර මිය ගොස් ඇති අතර අනෙක් දරුවන් ඈත ප්‍රදේශවල පදිංචි ව සිටී.

ඇය වැඩිහිටි දීමණාව ලබා ගනිමින් තනිවම නිවසේ ජීවත් වෙමින් සිටි බව අසල්වාසීන් පවසයී.
« PREV
NEXT »

Facebook Comments APPID