BREAKING NEWS
latest

728x90

468x60

ලංකාවට ඇවිත්ගිය සොෆියාගේ පැටිකිරිය - Britain's Prince Edward

බි‍්‍රතානය රාජකීයන් අතර නිතර කතා බහට ලක් නොවන යුවළක් පසුගිය දා අපේ රටට ආවේ අපේ හැත්තෑවෙනි නිදහස් සැමරුම වෙනුවෙන්. එළිසබෙත් රැුජිනගේ දරුවන් සිව්දෙනා අතරින් බාලයා වන එඞ්වඞ් කුමරු නැතිනම් වෙසෙක්ස් හි අර්ල්වරයා එසේ අපේ රටට ආවේ ඔහුගේ බිරි`ද වන වෙසෙක්ස් හි ආදිපාදවරිය නැත්නම් සොෆියා කුමරිය සමග. ඇය කවුදැයි දැන ගන්නට කවුරුත් කැමැති ඇති.


සොෆියා කුමරියත් රාජකීය පෙළපතකින් පැවත එන රාජකීයයකු නොවෙයි. 1965 ජනවාරි 20 වැනිදා එංගලන්තයේ ඔක්ස්ෆර්ඞ් හි රෙඞ්ක්ලිෆ් ප‍්‍රදේශයේ ඈ ඉපිද ඇත්තේ සාමාන්‍ය පවුලක. විවාහයට පෙර ඇගේ නම සොෆියා හෙලන් රේ-ජෝන්ස්. රේ-ජෝන්ස් කියන්නෙ ඇගේ පියාගෙම නමේ කොටසක්. ටයර් අලෙවිකරුවකු වුණු සොෆියා කුමරියගේ පියා ක‍්‍රිස්ටොෆ් ර් රේ-ජෝන්ස්. මව ලේකම්වරියක් ලෙස කටයුතු කළ මාරි ඔසුලිවන්. කෙන්ට් පාසලෙන් ඉගෙනුම ලබා ඇති සොෆියා තමන්ගේ වෘත්තීය ජීවිතය පටන් ගෙන ඇත්තේ මහජන සම්බන්ධතා නිලධාරිනියක ලෙස. ඇය කලක් තමන්ගේ මිතුරියක සමග මහජන සම්බන්ධතා ඒජන්සියක් පවත්වාගෙන ගොස් ඇති අතර වසර හතරක් පමණ කාලයක් කැපිටල් රේඩියෝහි මහජන සම්බන්ධතා නිලධාරිනිය ලෙසද කටයුතු කර තිබෙනවා.

සොෆියාට මුල් වරට එඞ්වඞ් කුමරු මුණගැසී ඇත්තේද කැපිටල් රේඩියෝහි සේවය කරමින් සිටි කාලයේදී. 1987 අවුරුද්දේ මේ දෙදෙනා මුල් වරට හමුවන විට එඞ්වඞ් කුමරු සොෆියාගේ යෙහෙලියක හා විවාහ වන්නට බලාපොරොත්තුවෙන් සිටි බව කියැවෙනවා. මේ දෙදෙනා යළිත් මුණගැසී ඇත්තේ ඊට වසර හයකට පමණ පසුව 1993 වසරේ සමාජ සත්කාරක වැඩසටහනකදී. දෙදෙනාගේ හිතවත්කම පටන් ගෙන ඇත්තේ ඒ මුණගැසීමෙන් පසුවයි.

ටිකෙන් ටික වැඩුණු හිතවත්කම විවාහය දක්වා දුර එන්නට රාජකීය පවුලේ අවසරයද ලැබී තිබෙන්නේ දෙදෙනාගේ බලාපොරොත්තු ඉටු කරමින්. 1999 අවුරුද්දේ ජන්වාරි 06 වැනිදා සිදුවුණු ඔවුන්ගේ විවාහ ගිවිස ගැනීම ගැන කවුරුත් කතා කළේ විවාහ ගිවිසුම වෙනුවෙන් එඞ්වඞ් කුමරු සොෆියාට පැල`දවූ මුදුව නිසා. ඕවල් හැඩැති දියමන්තියක් දෙපස හදවත් හැඩැති මැණික් දෙකක් යොදා මේ මුදුව සකසා තිබුණා. ඒ වසරේම ජුනි 19 වැනිදා මේ දෙදෙනාගේ රාජකීය විවාහය සිදුවුණේ ශාන්ත ජෝර්ජ් චැපල් හිදී. විවාහයෙන් පසුවයි ඔවුන් දෙදෙනා වෙසෙක්ස් හි අර්ල්වරයා සහ අර්ල්වරිය ලෙස නම් කළේ. විවාහයෙන් පසුව නව යුවළගේ නිවහන වුණේ වින්ස්ඩර් මාළිගය.

මේ විවාහය සිදුවන කාලය වන විට චාල්ස් කුමරු සහ ඇන්ඩෲ කුමරු දෙදෙනාම සිටියේ අවිවාහකව නිසා 2002 අවුරුද්දේ මවු රැුජිනගේ අභාවයෙන් පසුව බි‍්‍රතාන්‍ය රජ පවුලේ දෙවන ඉහළම කාන්තාව වීමේ වරමද සොෆියා කුමරියට ලැබුණා. නමුත් පසු කාලවල චාල්ස් කුමරු නැවත විවාහ වීමත් විලියම් කුමරුගේ විවාහයත් නිසා මේ තනතුර වෙනස් වී ගියා. ඉදිරියේදී සිදුවන්නට නියමිත හැරී කුමරුගේ විවාහය නිසා සොෆියා කුමරියගේ මේ තැන තව දුරටත් පහළට යනු ද ඇති.

එඞ්වඞ් කුමරුට සහ සොෆියා කුමරියට දරුවන් දෙදෙනකු සිටින අතර ලේඩි ලූවිස් වින්ස්ඩෙර් සහ ජේම්ස් විස්කවුන්ට් සර්වන් ඔවුන් දෙදෙනායි. තවමත් සමාජ සත්කාරක කටයුතුවලට මුල් තැන දී කටයුතු කරන සොෆියා කුමරිය පසු ගිය කාලයේදී කේට් කුමරිය හා එක්ව නොයෙක් සමාජ සත්කාරක කටයුතුවලද යෙදුනු බව පෙනෙන්නට තිබුණා. කෙසේ වෙතත් එඞ්වඞ් කුමරු සිටින්නේ බි‍්‍රතාන්‍ය කිරුළට හිමිකම් කියන ලැයිස්තුවේ නම වැනි තැන වන නිසා සොෆියා කුමරියට රැුජිනක වීමේ වාසනාව නම් අහිමිවී යනු ඇති.

නෙලූෂා සිල්වා
« PREV
NEXT »

Facebook Comments APPID