BREAKING NEWS
latest

728x90

468x60

සීගිරියේ රහස් දොරටුව වසා සාපයට ලක්ව ඇස් අන්ධ වූ සීයා සියල්ල ලොවට හෙළි කල හැටි මෙන්න

සිගිරිය කියල කියන්නේ අභිරහස්වලින් අඩුවක් නැති බොහෝම අපූරු විශ්මිත නිර්මාණයක්. මේ කියන්න යන කතාව එහි අපි වැඩිය අහපු නැති පැත්තක් ගැන.

සූරිය ගුණසේකර කියන්නේ සිගිරිය, රාවණ රජු ඇතුළුව ලංකාවේ සැඟවුණු ඉතිහාසය ගැන පරීක්ෂණ කරන කෙනෙක්. ඒ සම්බන්ධව පොත් ගණනාවකුත් රචනා කරල තියෙනවා.

ඒ මහත්මය තරුණ කාලේ, ඒ කියන්නේ එකදාස් නවසිය හැට ගණන්වල සීගිරියට ගිහිල්ලා තියෙනවා තව තරුණ කණ්ඩායමක් එක්ක විශේෂ ගවේෂණයකට. එහිදී එයාලා දවල්ට කන්න ගිහිල්ලා තියෙනවා සිගිරිය පේන මානේ තියෙන පුංචි කටු මැටි ගෙදරකට. ඔය ගෙදර මිදුලේ හිටියලු වයසක සීයා කෙනෙක් කෑම කාලා කට්ටිය එලියට ආපු වෙලේ මෙයාලා ඔය සීයා එක්ක කතාවට වැටිලා. එයා දැනගත්තම මේ කට්ටිය ඇවිල්ලා තියෙන්නේ සිගිරිය ගැන හොයන්න කියලා. ඒ පාර තමයි මේ කතාව කියල තියෙන්නේ.

නිවාස 11කින් දේපළ සොරාගත් සැකකරු අත්අඩංගුවට

හොරණ අවට ප්‍රදේශවල නිවාස බිද දේපළ සොරා ගත් පුද්ගලයකු , ඔහුට සහාය දැක්වු පුද්ගලයන් තිදෙනෙකු සහ රුපියල් ලක්ෂ 10ක් පමණ වටිනාකම ඇති දේපළ තොගයක් සමග අත් අඩංගුවට ගත් බව හොරණ මුලස්ථාන පොලිසිය පවසයි .

අත් අඩංගුවට ගත් භාණ්ඩ අතර පවුම් 1/4 , 1/2 සහ පවුම බැගින් වන රන් මුදු , රන්මාලයක් , රන් අත් ඔරලෝසුවක් , පරිගණක , ජිඩිටල් කැමරාවක් , ජංගම දුරකතන , වතුර මෝටරයක් , විදුලි ලි මඩු උපකරණ ඇතුළු දැ ඇති බව පොලිසිය පවසයි .

අගමැතිට සෙත්පතා හෙට දළදා මාලිගාවේ පින්කම්

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ලිමේන්තු දේශපාලන දිවියට 40 වසරක් සපිරීම සහ ඉදිරි දේශපාලන දිවියට ආශිර්වාද පතා හෙට (13) දින මහනුවර ශ්‍රී දළදා මාලිගාවේදී ආගමික වැඩසටහනක් පැවැත්වීමට කටයුතු සංවිධානය කැර ඇත.

ලසන්ත ඝාතනය වූ හැටි හෙළිවේ

මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය කර ඇත්තේ මොට ආයුධයකින් හිසට තදබල ලෙස කළ පහර දීමකින් බවට නිගමනය කර තිබේ.

අත්තිඩියේ බැංකුවකට පැන්න කොල්ලකරුවෝ ආරක්‍ෂකයා මරා දමති ගනුදෙනුකරුවකුගේ ලක්‍ෂ 16ක්‌ පැහැරගෙන පැනයති

හේමන්ත රන්දුණු, චමින්ද සිල්වා, ප්‍රදීප් සමරකෝන්, පින්සිරි ආරියරත්න - රත්මලාන

රත්මලාන අත්තිඩිය ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික බැංකුවකට ඊයේ (10 දා) දහවල් කඩා වැදුණු කොල්ලකරුවන් දෙදෙනකු බැංකු ආරක්‌ෂක නිලධාරීන්ට වෙඩි තබා එක්‌ නිලධාරියකු ඝාතනය කර ගනුදෙනුකරුවකු සතුව තිබූ රුපියල් ලක්‌ෂ 16 ක්‌ කොල්ල කා ප්‍රදේශයම භීතියට පත්කර පලා ගොස්‌ ඇත.

මෙහිදී වෙඩි වැදී මියගොස්‌ ඇත්තේ කමල් ගුණවර්ධන (56) නමැති බණ්‌ඩාරගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. බරපතළ තුවාල ලැබූ තවත් ආරක්‌ෂක නිලධාරියකු කළුබෝවිල රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇත. ඔහු ශල්‍යකර්මයකට භාජනය කළ බව රෝහල් ප්‍රකාශකයෙක්‌ "දිවයින" ට පැවසීය.

සාරංග හා නැවත එක් වීමට උමාලිගේ උත්සහයක්

එවකට කලා ක්ෂේත්‍රයේ හොඳම විවාහක යුවල ලෙස කිරුළු පැළඳ සිටි සාරංග උමාලිගේ දික්කසාද නඩුව මේ වන විට දෙවතාවක් පමණ කැඳවා ඇති අතර එම කිසිදු නඩු වාරයකට උමාලිගේ පාර්ශවයෙන් කිසිවෙකු හෝ පැමිණි නැත.

මේ වන විට උමාලි තමා කළ වරද ගැන පසුතැවිලිවන බව පවසමින් සාරංගගේ හිත දිනාගැනීමට උත්සාහ ගන්නා බව සමීපතම ආරංචිමාර්ග පවසයි.

කෙසේ වුවද නැවත උමාලි සමඟ දීග කෑමට සාරංග කිසිදු කැමැත්තක් නොමැති බව සාරංග දිසාසේකර පවසා තිබේ.

මෛත්‍රී - රනිල් රවි ඊයේ හමුවෙති රවි අද ඉල්ලා අස්‌වෙයි ?


ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, අගමැති රනිල් වික්‍රමසිංහ සහ විදේශ කටයුතු ඇමැති රවි කරුණානායක යන මහත්වරුන් අතර ඊයේ (09 දා) දහවල් විශේෂ හමුවක්‌ සිදුවී ඇත.

ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති කැබිනට්‌ මණ්‌ඩල රැස්‌වීමෙන් පසුව මෙම හමුවීම සිදුව ඇත. එහිදී වත්මන් දේශපාලන ප්‍රවණතා සම්බන්ධව පැයක පමණ කාලයක්‌ කතාබස්‌ සිදුව ඇතැයි රජයේ ප්‍රකාශකයෙක්‌  කීය.

විදේශ කටයුතු ඇමැති රවි කරුණානායක මහතා සම්බන්ධයෙන් මතුව ඇති ගැටලු මෙන්ම ඒ සඳහා ගත යුතු හොඳම විසඳුම් පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කර තිබේ.

රතුපස්වල සාක්ෂි නෑතිලු

පානීය ජලය ඉල්ලා උද්ඝෝෂණය කළ රතුපස්වල ජනතාවට පහරදී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ සාක්කි එම වකවානුවේදී පොලිසිය විසින්ම විනාශවීමට ඉඩහැර ඇති බව රහස් පොලිසිය ඊයේ (09) ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් සඳහන් කෙළේය.

සිද්ධිය පිළිබඳ පරීක්ෂණ මෙහෙයවන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන අංශ ප්‍රධාන පොලිස් පරීක්ෂක රංජිත් මුණසිංහ මහතා වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් මෙම කරුණු අනාවරණය කෙළේය.

පිළියන්දල ලර්නස්‌ එකේ නෝනා 'ඩෝප්' පිට වාහන පැදලා

බීමතින් වෑන් රථයක්‌ ධාවනය කළ කාන්තාවක්‌ 04 වැනිදා රාත්‍රි අත්අඩංගුවට ගත් බව පිළියන්දල පොලිසිය පවසයි. තමා රියෑදුරු පාසලක සේවය කරන්නියක්‌ බව ඇය පැවසුවේ යෑයි පොලිසිය කිSය.

පිළියන්දල බෝකුන්දර හංදියේදී අපරීක්‍ෂාකාරී අන්දමින් පැමිණෙමින් තිබූ වෑන් රථයක්‌ නවතන ලෙසට රථවාහන රාජකාරියේ යෙදී සිටි පොලිස්‌ නිලධාරීන් අත දමා තිබේ. එහිදී එම අණ නොතකා වෑන් රථය බෝකුන්දර පාරට දමා ධාවනය කර තිබේ. පසුව පොලිස්‌ නිලධාරීන් යතුරු පැදියෙන් ඒ පසුපස යද්දී වෑන් රථය මාර්ගයෙන් ඉවතට පැන කාණුවකට වැටී නතර වී ඇත. එය බැලීමේදී වෑන් රථය තුළ බීමත් කාන්තාවක්‌ සිටිනු පොලිසිය දැක තිබේ.

සිසුවිය සමූහ දූෂණය කළවුන් බේරීමේ චෝදනාවට විජයකලාගෙන් ප්‍රශ්ණ කිරීමට සූදානම්

ළමා කටයුතු රාජ්‍ය ඇමතිනි විජයකලා මහේෂ්වරන්ගෙන් සහ තවත් උතුරේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගෙන් ප්‍රශ්න කිරීම සඳහා කථානායකවරයාගෙන් ඉල්ලීමක් කර ඇති බව රජයේ නීතිඥවරයා අද කයිට්ස් මහේස්ත්‍රාත්වරයාට දැනුම් දුන්නා.

බස් රියේ ප්‍රේමයෙන් ලැගුම්හලට ගිය පසු කාන්තාවට තරු පෙනුන හැටි

බස් රථයේ දී හමු වූ තරුණ පෙනුමැති 49 හැවිරිදි කාන්තාවක් ලැගුම් හලකට ගෙන ගොස් 31 හැවිරිදි තිදරු පියෙකු කළ අපූරු වැඩක් ගැන වරකාපොල ප්‍රදේශයෙන් වාර්තා වනවා.

කොළඹ පෞද්ගලික ආයතනයක සේවය කරන කාන්තාව අනුරාධපුර තම නිවස බලා යාමට බස් රථයට ගොඩ වී සිට තිබෙනවා.

පසුව එම අසුනේ වාඩි වූ තරුණයෙකු ඇය සමග හිතවත් වී ඇත්තේ තමන් විදේශ රැකියා සොයාදෙන ආයතනයක රැකියාව කරන බව පවසමින්.

රුපියල් ලක්ෂ එකහමාරක පමණ මාසික වැටුපකට විදේශ රැකියාවක් සොයා දිය හැකි බව ඔහු ඇයට පවසා තිබෙනවා.

උතුර හෙල්ලූ ‘ආවා’ කල්ලි නායකයා කොළඹ කොටුවෙන් ඇල්ලූ හැටි

“අාවා” කල්ලියේ නායකයා ඇතුළු සැකකරුවන් 6 දෙනෙකු ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.


පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ, යාපනය කෝපායිහිදි පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට පහර දී තුවාල සිදු කිරිමේ සිද්ධියට මොවුන් සම්බන්ධ බවට අනාවරණ වී ඇති බවයි.

පොලිස් නිධාරින්ට තුවාල සිදු කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවෙකු වන යාපනයේ පදිංචි සත්‍යවේල් කාදන් නිශාන්තන් හෙවත් නිශා වික්ටර් යන අය මෙම සිද්ධියට පැමිණි ප්‍රධාන සැකකරු බවට තොරතුරු අනාවරණ වී තිබේ.

ග්‍රාමීය සිසුන්ට අධ්‍යාපනික උපකරණ දීමට ආධාර ඉල්ලයි

ග්‍රාමීය පාසල් තුනක ඉගෙනුම ලබන දරු දැරියන් 82 දෙදෙනෙකුට අධ්‍යාපනික උපකරණ ප්‍රදානය කිරීමේ ව්‍යාපෘතියක් දියත් කර ඇති බව Outreachers Benevolent Society පවසයි.

එම දරු දැරියන් ඉගෙනුම ලබන්නේ, බලන්ගොඩ පිහිටි බෝවත්ත විද්‍යාලය, මුල්ගම විද්‍යාලය සහ වටවල විද්‍යාලය යන පාසල්වලයි.

හැටන් වංචාකාර මාධ්‍ය ලොක්කාගෙන් සෙසු මාධ්‍යවේදීන්ට තර්ජන

ගිනිගත්හේන නගරයේදී පසුගියදා 05 සංවිධානය කර තිබූ දේශපාලන රැස්වීමක් ආවරණය කිරීමට ගිය හැටන් ප්‍රාදේශීය මාධ්‍යවේදී සුන්දරලිංගම් මහතාට රංජිත් රාජපක්ෂ නැමති මාධ්‍යවේදියෙකු යැයි කියාගනිමින් විවිධ වංචාවල නිරතවන පුද්ගලයා පහර දීමට උත්සාහ කර තිබෙනවා.

සුන්දරලිංගම් මහතා මෙම රැස්වීම මාධ්‍ය ආවරණය කිරීමට ගොස් ඇත්තේ හිරු, දෙරණ සහ ස්වාධීන යන රූපවාහිනී නාලිකාවලින් මෙම රැස්වීම ආවරණය කරන ලෙස ලබාදුන් උපදෙස් අනුවයි.

නාමල් නිසා තමයි මම අරක්කු සිගරැට් බොන්නේ නැත්තේ – කපුකම කලෙත් එයා – රහසේම අඩුවියදමින් බැදපු සචිත්‍ර කියන කතාව මෙන්න

වර්තමානයේ ඉන්න ඉතා දක්ෂ ගීත නිර්මාණ ශිල්පියෙක් තමයි සචිත් පීරිස් කියන්නේ. අපි මේ කියන්න හදන්නේ සචිත් ගැන අලුත් ආරංචියක්. ඒ තමයි සචිත් පසුගිය අගෝස්තු පළමුවැනිදා යුග දිවියට එළඹුනා.

විශේෂත්වය තමයි සචිත්ගේ විවාහ මංගල්‍යය උත්සවයේ එක් මංගල ඡායාරූපයක්වත් කාටවත් දැකගන්න හම්බෙලා නෑ. මේකට හේතුවක් තියෙනවා කියලා තමයි සචිත් කියලා තියෙන්නේ. ඉතින් මේ ගැන සචිත් තමන්ගේ මුහුණු පොතේ සටහනක් දමා තිබුණා.

මේ එම සටහනයි.

මෙතෙක් හෙළිනොවූ රහස් රැසක් සමඟ ප්‍රභාකරන්ගේ ගෝලයා එමිල් කාන්තන් ලංකාවට

මෙතෙක් හෙළි නොවුණු ආන්දෝලනාත්මක සිදුවීම් රැසක සත්‍ය තොරතුරු හෙළිකිරීම සඳහා මෙරටට පැමිණීමට තමන් තීරණය කල බව, එල්ටීටීඊ මූල්‍ය අංශය භාරව සිටි නිත්තිලා පිල්ලි ඇන්ටනී එමිල් ලක්ෂ්මි කාන්තන් සතිඅන්ත ජාතික පුවත්පතකට ප්‍රකාශ කර තිබේ.

සාරංග - දිනක්ෂි අතර ඇති සම්බන්ධයක් ගැන පැතිරුණු කතාවට දිනක්ෂි රිදෙන්න දීපු උත්තරේ මෙන්න

දිනක්ෂි ප්‍රියසාද් සති අන්ත පුවත්පතකට කියපු කතාවක් අන්තර්ජාලය පුරාම හුවමාරු වෙනවා.

කොහොම වුණත් වැරදි අදහසක් අරගෙන හැමතැනම වගේ කතාවුණු මේ සිද්ධිය ගැන දිනක්ෂි මුහුණුපොතේ සටහනක් තබා තිබුණා.

දෙවැනි ඉනිමේ සොනාලි ටීචර්ගෙ පට්ට නැටිල්ල මෙන්න

දෙවැනි ඉනිම බලන ඔබට සොනාලි ටීචර්ව අමතක වෙන්න විදියක් නෑනේ.

ඉතින් මේ සොනාලි ටීචර් එහෙමත් නැතිනම් හිමායා බණ්ඩාර ඊයේ දිනයේ ටීවී දෙරණේ විකාශය වූ ඕන්න ඔට්ටුයි වැඩසටහනයට සහභාගී වුණා.

ඉතින් ඇය මේ වැඩසටහනේදී රඟදක්වපු නර්තනය ගැන සමාජජාල මාධ්‍යයන්වල අලුත් කතාබහක් ඇතිවෙලා තියෙනවා.



 

ගින්නෙන් පොත්පත් අළුවෙල‍ා - ශිෂ්‍යත්ව විභාගෙට කොහොම හරි යනවා

දෙහිඕවිට අධ්‍යාපන කලාපයෙන් මෙවර පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයට පෙනීසිටින ශිෂ්‍යාවක ඇගේ මව සමග ජීවත්වන කුලී නිවෙස පසුගියදා ඇතිවූ හදිසි ගින්නකින් දැවී අළුවී ගොස් ඇතැයි යටියන්තොට පොලිසිය සදහන් කරයි.

කෝපායි ප්‍රහාරයට සම්බන්ධ 'ආවා' ලොක්‌කා ඇතුළු කල්ලියේ 6ක්‌ අත්අඩංගුවට

යාපනය, කෝපායිහිදී පොලිස්‌ නිලධාරීන් දෙදෙනකුට පහරදී කපාකොටා බරපතළ තුවාල කිරීමේ සිද්ධියට සම්බන්ධ 'ආවා' කල්ලියේ වර්තමාන නායකයා බව කියන වික්‌ටර් නිශා ඇතුළු එම කල්ලියේ ප්‍රබලම සාමාජිකයන් හයදෙනකු ත්‍රස්‌ත විමර්ශන ඒකකය මඟින් ඊයේ (07 දා) පෙරවරුවේ අත්අඩංගුවට ගෙන ඇත.

මෙම 'ආවා' කල්ලි සාමාජිකයන් අත්අඩංගුවට ගනු ලැබුවේ කොළඹ පිටකොටුව හා මට්‌ටක්‌කුලිය යන ප්‍රදේශවල සැඟවී සිටියදීය.

මෙම සැකකරුවන් පොලිස්‌ නිලධාරීන් කපාකොටා තුවාල කිරීමට යොදාගත් කඩු 5 ක්‌ සහ එම ප්‍රහාරය සඳහා පැමිණි යතුරුපැදි තුනක්‌ ද ත්‍රස්‌ත විමර්ශන ඒකකය භාරයට ගෙන තිබේ.

මුහුණු පොතේ කවුරුත් දන්න තරිඳු කුරේ සදහටම අරන්යන්න තරම් කුරිරැ වූ රිය

තරිඳු කුරේ නමින් කිව්වොත් මුහුණු පොතේ යව ජීව සාමාජිකයෝ ගොඩ දෙනෙකුට නම් හුරු නමක්.තරිඳු ජිවත් වුනේ ඕස්ට්‍රේලියාවේ.ලංකාවේ උපන් ගම අලුත්ගම.ඔහු ලංකාවේ මුහුණු පොතේ ගොඩක් ජනප්‍රිය චරිතයක් වුනේ ඔහු ගොඩක් රචනාවට දක්ෂ කෙනෙක් නිසයි .ඒ නිසාම ඔහු විසින් මෙහෙයවන ලද මුහුණු පොතේ පිටු තරමක් ජනප්‍රියයි.තරිඳු මේ වන විට අප අතරින් සමු අරගෙන ගොස් අවසන්.

දැලක පැටලුණු පිඹුරා බේරා ගනී

ගොදුරු සොයා යමින් සිටි අඩි දොළහක් පමණ දිගැති දැවැන්ත පිඹුරෙක් ගෙවත්තක තිබූ දැලක පැටලීමෙන් ඒ දැල එම සතාගේ සිරුරෙහි හිර වීම නිසා ආහාර ගැනීමටවත්, සිටින තැනින් එහා මෙහා ගමන් කිරීමටවත්, නොහැකිව සිටියදී හික්කඩුව වනජීවී කාර්යාලයේ නිලධාරීන්ගේ හා සේවකයන්ගේ මැදිහත්වීමෙන් එම පිඹුරාගේ ජීවිතය බේරා ගැනීමට හැකි විය.

වාසනා හස්තියා වෙත සුවඳ විලවුන් ඉසින්න එපා

කතරගම මහා දේවාලයේ දෙවියන් වැඩම කරන වාසනා හස්තියාගේ ඇස් වලට හානි සිදුවන බැවින් කරඬුව වෙත සුවඳ විලවුන් විදීමෙන් සහ සුවඳ වර්ග විසි කිරීමෙන් වලකින ලෙස කතරගම මහා පෙරහරේ අලි ඇතුන් භාරව කටයුතු කරන වනජීවී දෙපාර්තමේන්තුවේ දකුණු හා නැඟෙනහිර පළාත් භාර පශු වෛද්‍ය ඩබ්ලිව්.ඒ.ධර්මකීර්ති මහතා සියලු බැතිමතුන්ගෙන් ඉල්ලා සිටී.

අද රෑ අර්ධ චන්ද්‍රග්‍රහණයක්

අර්ධ චන්ද්‍රග්‍රහණයක් අද (07) සිදුවන අතර එය ශ්‍රී ලංකාව ඇතුළු ආසියානු රටවලටද යුරෝපය, අප්‍රිකාව සහ ඕස්ට්‍රේලියාව වැනි රටවල් බොහෝමයකට දිස්වන බව කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අංශයේ තාරකා විද්‍යා සහ අභ්‍යාවකාශ විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ මහාචාර්ය චන්දන ජයරත්න මහතා කියයි.
අද නිකිණි පොහෝ දින රාත්‍රී 9.20 ආරම්භ වන චන්ද්‍රග්‍රහණය හෙට අලුයම 2.21 දක්වා සිදුවෙයි. ‍එදින රාත්‍රී 10.53 ට චන්ද්‍රයා පෘථිවියට වඩා අඳුරු වූ පූර්ණ ඡායාවක් තුළින් ගමන් කිරීම ආරම්භ වේ. චන්ද්‍රයා පූර්ණ ඡායාවෙන් ඉවත්වීම පැය 01 යි විනාඩි 55 කින් එනම් මධ්‍යම රාත්‍රිය පසුවී විනාඩි 48 කට පසුව සිදුවේ.

මගේ ළඟ සිරා ලව් නෑ

දසුන්
 මොකද මේ ගෙදරට වෙලා...?

මේ දවස්වල ටිකක් ගෙදරට වෙලා ඉන්න හිතුණා. ඒක දිග කතාවක් කියන එක ටෙලි නාට්‍ය කරලා මම ඉවර කළා. ඊළඟට මෝදර බඹරු කියන නාට්‍ය කරනවා. ඒකේ ෂූටිං තව ටිකක් කරන්න තියෙනවා. ඒ දේවලුත් එක්ක පසුගිය දවස්වල කරපු වැඩ ඉවරවෙලා දැන් ටිකක් විවේකීයි.

වැඩිය වැඩබාර ගත්තේ නැත්තේ ඇයි...?
මම වැඩිය මෙගා වැඩ කරන්නේ නෑ. අනික මම වැඩක් කරන අතරේ පොඩි නිවාඩුවකුත් ඕන වෙනවා. මට වැඩ වැඩ කියලා ඒ දේවල්ම කරන්න ටිකක් අමාරැයි.

උමාරියාට හදිසි අබාධයක් , ඇවිදීමටත් නොහැකි වෙයි

උමාරියා සිංහවංශ කියන්නේ හැමෝගෙම ආදරය දිනාගත්ත ගායිකාවක්.

ඕනෑම ගීතයක් අපූර්ව ලෙස ගායනා කිරීමට උපන් හපන් ඇති උමාරියා ගැන මේදවස්වල තියෙන ආරංචියනම් එතරම් සුභ එකකක් නෙවෙයි.

ඩිලීගෙන් විශේෂ හෙළිදරව්වක්

ජාතික ක‍්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන ඇතැම් තුන් ඉරියව් ක‍්‍රීඩකයින් සිය වගකීම් නිසි ලෙස ඉටු නොකරන්නේ නම් ඒ පිළිබඳ ක‍්‍රිකට් ආයතනය වහා පියවරක් ගත යුතු බව හිටපු නායක තිලකරත්න ඩිල්ෂාන් පවසනවා.

ඔහු කියා සිටියේ තුන් ඉරියව් ක‍්‍රීඩකයින් ලෙසින් කණ්ඩායමට ඇතුළත් වන ක‍්‍රීඩකයින් පිතිකරණය හෝ පන්දු යැවීම පමණක් තෝරා ගැනීම පිළිබඳව පරිපාලනය තීන්දුවක් ගත යුතු බවයි.