BREAKING NEWS
latest

728x90

468x60

දැලක පැටලුණු පිඹුරා බේරා ගනී

ගොදුරු සොයා යමින් සිටි අඩි දොළහක් පමණ දිගැති දැවැන්ත පිඹුරෙක් ගෙවත්තක තිබූ දැලක පැටලීමෙන් ඒ දැල එම සතාගේ සිරුරෙහි හිර වීම නිසා ආහාර ගැනීමටවත්, සිටින තැනින් එහා මෙහා ගමන් කිරීමටවත්, නොහැකිව සිටියදී හික්කඩුව වනජීවී කාර්යාලයේ නිලධාරීන්ගේ හා සේවකයන්ගේ මැදිහත්වීමෙන් එම පිඹුරාගේ ජීවිතය බේරා ගැනීමට හැකි විය.
ඉඳුරුව, කයිකාවල, ප්‍රදේශයේ ගෙවත්තකදී මෙම අකරතැබ්බයට මුහුණ පෑ එම පිඹුරා බේරා ගැනීමේ සද් කාර්යයට වනජීවි නිලධාරීන් සම්බන්ධීකරණය කිරීම ක්ෂණිකව කරගත හැකි වූයේ දකුණු පළාත් ප්‍රධාන ඇමැති ෂාන් විජේලාල් ද සිල්වා මහතාගේ මාධ්‍ය ලේකම් රුවන් කෝට්ටගේ මහතාගේ මැදිහත් වීමෙනි. පසුව එම වනජීවී සේවකයන් එම පිඹුරාගේ සිරුරේ ඉතා තදින් හිර වී තිබූ දැල් කපා දමා රක්ෂිත වනයකට මුදා හැරීම සඳහා ගෙන ගිය අතර, පිඹුරා එම දැලේ පටලැවී සිටි අයුරුත්, පසුව වනජීවි සේවකයන් එම දැල් කපා දැමූ අයුරුත්, ඡායාරූපවලින් දැක් වේ.
« PREV
NEXT »

Facebook Comments APPID