BREAKING NEWS
latest

728x90

468x60

බස් රියේ ප්‍රේමයෙන් ලැගුම්හලට ගිය පසු කාන්තාවට තරු පෙනුන හැටි

බස් රථයේ දී හමු වූ තරුණ පෙනුමැති 49 හැවිරිදි කාන්තාවක් ලැගුම් හලකට ගෙන ගොස් 31 හැවිරිදි තිදරු පියෙකු කළ අපූරු වැඩක් ගැන වරකාපොල ප්‍රදේශයෙන් වාර්තා වනවා.

කොළඹ පෞද්ගලික ආයතනයක සේවය කරන කාන්තාව අනුරාධපුර තම නිවස බලා යාමට බස් රථයට ගොඩ වී සිට තිබෙනවා.

පසුව එම අසුනේ වාඩි වූ තරුණයෙකු ඇය සමග හිතවත් වී ඇත්තේ තමන් විදේශ රැකියා සොයාදෙන ආයතනයක රැකියාව කරන බව පවසමින්.

රුපියල් ලක්ෂ එකහමාරක පමණ මාසික වැටුපකට විදේශ රැකියාවක් සොයා දිය හැකි බව ඔහු ඇයට පවසා තිබෙනවා.

පසුව දෙදෙනා දුරකථන අංක හුවමාරු කරගෙන පිටත්ව ගොස් ඇති අතර පසු දිනක ඔහු ඇයට දුරකථන ඇමතුමක් ලබා දී වරකාපොලට ගෙන්වාගෙන ඇත්තේ ඇගේ විදේශ රැකියාව ගැන වැඩිදුර සාකච්ඡා කිරීමටයි.

ඔහුගේ යෝජනාව අනුව නගරයේ ලැගුම් හලකට දෙදෙනා ගොස් ඇය පිරිසිදු වීම සඳහා නාන කාමරයට ගොස් ඇත්තේ තරුණයා කාමරයේ සිටියදීයි.

කාන්තාව ඇඟ සෝදාගෙන ආ පසු ඔහු පවසා ඇත්තේ තමන් ඒ.ටී.එම් යන්ත්‍රයෙන් මුදල් ලබාගෙන තමන් විගස පැමිණෙන බවයි.

පසුව බොහෝ වෙලාවක් ගත වුවත් ඔහු නොපැමිණීම නිසා ඇය සොයා බලද්දී ඇගේ අත් බෑගයේ තිබු රුපියල් 51,000ක් වටිනා රන් අත් පළඳනාව තිබී නැහැ.

අනතුරුව ඇය ඇඟිල්ලේ තිබූ මුදුව ගලවා හෝටලයට දී වරකාපොල පොලිසියට පැමිණිලි කර තිබෙනවා.

පසුව කාන්තාව වෙනත් සිම් පතකින් තරුණයාට වෙනත් කාන්තාවක් සේ කතා කර පොල්ගහවෙල නගරයට ගෙන්වාගෙන පොලිසියට අල්ලා දී ඇති බවයි වාර්තා වන්නේ.
« PREV
NEXT »

Facebook Comments APPID