BREAKING NEWS
latest

728x90

468x60

වාසනා හස්තියා වෙත සුවඳ විලවුන් ඉසින්න එපා

කතරගම මහා දේවාලයේ දෙවියන් වැඩම කරන වාසනා හස්තියාගේ ඇස් වලට හානි සිදුවන බැවින් කරඬුව වෙත සුවඳ විලවුන් විදීමෙන් සහ සුවඳ වර්ග විසි කිරීමෙන් වලකින ලෙස කතරගම මහා පෙරහරේ අලි ඇතුන් භාරව කටයුතු කරන වනජීවී දෙපාර්තමේන්තුවේ දකුණු හා නැඟෙනහිර පළාත් භාර පශු වෛද්‍ය ඩබ්ලිව්.ඒ.ධර්මකීර්ති මහතා සියලු බැතිමතුන්ගෙන් ඉල්ලා සිටී.

පෙරහර පිටත් වීමට පෙර දේවාල භූමියේදීත් පෙරහර වල්ලි අම්මා දේවාලයට පැමිණි විටත් බැතිමතුන් තමන්ගේ දැඩි භක්තිය ප්‍රකාශ කිරීමට දෙවියන් සහිත කරඬුවට සුවඳ විලවුන් විදීම සහ සුවඳ සහිත රසායනික ද්‍රව්‍ය අඩංගු ජලය කරඬුවට විසි කරනවා මේවා ඇතාගේ ඇස් වලට වැටෙනවා ඒ නිසා මෙම ඇතා පෙරහරේ ගමන් කරන්නේ ඇස් කඳුලින් තෙත් වෙලයි.මේ තත්වය දිගටම පැවතියොත් මෙම සතාගේ ඇස් අන්ධ වෙන්න පුළුවන් එම නිසා මෙම ක්‍රියාව නොකරන මෙන් බැතිමතුන්ගෙන් ඉල්ලා සිටිනවා යනුවෙන් වෛද්‍ය ධර්මකීර්ති මහතා පැවසීය.

මේ සම්බන්ධයෙන් පොලීසිය සහ දේවාල බලධාරින්ද දැනුවත් කොට ඇති බවද වෛද්‍යවරයා කීය.
« PREV
NEXT »

Facebook Comments APPID