BREAKING NEWS
latest

728x90

468x60

මෛත්‍රී - රනිල් රවි ඊයේ හමුවෙති රවි අද ඉල්ලා අස්‌වෙයි ?


ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, අගමැති රනිල් වික්‍රමසිංහ සහ විදේශ කටයුතු ඇමැති රවි කරුණානායක යන මහත්වරුන් අතර ඊයේ (09 දා) දහවල් විශේෂ හමුවක්‌ සිදුවී ඇත.

ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති කැබිනට්‌ මණ්‌ඩල රැස්‌වීමෙන් පසුව මෙම හමුවීම සිදුව ඇත. එහිදී වත්මන් දේශපාලන ප්‍රවණතා සම්බන්ධව පැයක පමණ කාලයක්‌ කතාබස්‌ සිදුව ඇතැයි රජයේ ප්‍රකාශකයෙක්‌  කීය.

විදේශ කටයුතු ඇමැති රවි කරුණානායක මහතා සම්බන්ධයෙන් මතුව ඇති ගැටලු මෙන්ම ඒ සඳහා ගත යුතු හොඳම විසඳුම් පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කර තිබේ.
ඒ අනුව මෙම සාකච්ඡාවේදී රවි කරුණානායක මහතාගේ ඉල්ලා අස්‌වීම සම්බන්ධව ගන්නා තීරණය අද (10 දා) සවස්‌ වන විට බොහෝ විට ප්‍රකාශයට පත්කෙරෙනු ඇතැයි ද එම ප්‍රකාශකයා සඳහන් කළේය.

රවි කරුණානායක මහතා ඊයේ පැවති කැබිනට්‌ රැස්‌වීමට සහභාගි වී නැත. පසුව ජනාධිපතිවරයා විසින් රවි කරුණානායක මහතා ජනාධිපති ලේකම් කාර්යාලයට කැඳවා ඇති අතර එහිදී අගමැතිවරයා ද එම සාකච්ඡාවට එක්‌වී තිබේ.

මේ අතර රජයේ ප්‍රබල ඇමැතිවරයකු සඳහන් කළේ රවි කරුණානායක ඇමැතිවරයා අද (10 දා) සිය ඇමැති ධුරයෙන් ඉල්ලා අස්‌වීමට බොහෝ දුරට ඉඩ ඇති බවයි.

මේ අතර විදේශ ඇමැති රවි කරුණානායක මහතා ඇමැති ධුරයෙන් ඉවත් කිරීම සම්බන්ධව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සමඟ සාකච්ඡා කර තීරණයක්‌ ගන්නා බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (09 වැනිදා) ආණ්‌ඩු පක්‍ෂය නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ ඇමැතිවරුන්ට දැනුම් දී ඇත.

අගමැතිවරයා මෙසේ දැනුම් දී ඇත්තේ ඊයේ (09 වැනිදා) පෙරවරුවේ පැවැති සතියේ කැබිනට්‌ රැස්‌වීමට පෙර ආණ්‌ඩු පක්‍ෂයේ ශ්‍රීලනිප ඇමැතිවරුන් සමඟ පැවැති සාකච්ඡාවේදීය. 

රවි කරුණානායක මහතා ඇමැති ධුරයෙන් ඉවත් කරන ලෙසට ඉල්ලා සිටීමට ශ්‍රීලනිප ඇමැතිවරුන් මෙලෙස ඊයේ අගමැතිවරයා හමු වී තිබුණි.

බැඳුම්කර කොමිසම හමුවේ රවි කරුණානායක ඇමැතිවරයාට එල්ල වී ඇති චෝදනා අනුව ඔහු ඇමැති ධුරයෙන් ඉල්ලා අස්‌විය යුතු බවත් එසේ නොවුණහොත් එය වත්මන් යහපාලන ආණ්‌ඩුවට කැළලක්‌ බවත්, මෙහිදී ශ්‍රීලනිප ඇමැතිවරුන් විසින් අගමැතිවරයාට දැනුම් දී තිබේ.

එක්‌සත් ජාතික පක්‍ෂයේ මැති ඇමැතිවරුන් කිහිපදෙනකු ද තමාගෙන් මෙම ඉල්ලීම කර ඇතැයි අගමැතිවරයා ශ්‍රී ලංනිප ඇමැතිවරුන් හමුවේ ප්‍රකාශ කර ඇත.
« PREV
NEXT »

Facebook Comments APPID