BREAKING NEWS
latest

728x90

468x60

අත්තිඩියේ බැංකුවකට පැන්න කොල්ලකරුවෝ ආරක්‍ෂකයා මරා දමති ගනුදෙනුකරුවකුගේ ලක්‍ෂ 16ක්‌ පැහැරගෙන පැනයති

හේමන්ත රන්දුණු, චමින්ද සිල්වා, ප්‍රදීප් සමරකෝන්, පින්සිරි ආරියරත්න - රත්මලාන

රත්මලාන අත්තිඩිය ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික බැංකුවකට ඊයේ (10 දා) දහවල් කඩා වැදුණු කොල්ලකරුවන් දෙදෙනකු බැංකු ආරක්‌ෂක නිලධාරීන්ට වෙඩි තබා එක්‌ නිලධාරියකු ඝාතනය කර ගනුදෙනුකරුවකු සතුව තිබූ රුපියල් ලක්‌ෂ 16 ක්‌ කොල්ල කා ප්‍රදේශයම භීතියට පත්කර පලා ගොස්‌ ඇත.

මෙහිදී වෙඩි වැදී මියගොස්‌ ඇත්තේ කමල් ගුණවර්ධන (56) නමැති බණ්‌ඩාරගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. බරපතළ තුවාල ලැබූ තවත් ආරක්‌ෂක නිලධාරියකු කළුබෝවිල රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇත. ඔහු ශල්‍යකර්මයකට භාජනය කළ බව රෝහල් ප්‍රකාශකයෙක්‌ "දිවයින" ට පැවසීය.

කොල්ලකරුවන් දෙදෙනා µqල්ෙµaස්‌ හෙල්මට්‌ පැළඳ බැංකුවට කඩා වැදුණු අවස්‌ථාවේ මියගිය ආරක්‌ෂක නිලධාරියා එක්‌ අයකු බදාගෙන ඇත. එහිදී කොල්ලකරු ආරක්‌ෂක නිලධාරියාගේ හිසට වෙඩි තබා ඇතැයි පොලිසිය කියයි. මියගිය ආරක්‌ෂක නිලධාරියා සමඟ බැංකුවේ ආරක්‌ෂක නිලධාරීන් තිදෙනකු සිට ඇත. එක්‌ නිලධාරියකු සතුව රිපීටර් වර්ගයේ ගිනි අවියක්‌ තිබී ඇතත් ඔහු කොල්ලකරුවන්ට වෙඩි තබා නැත. කොල්ලකරුවන් ගිනි අවිය තබාගෙන සිටි නිලධාරියාටද වෙඩි තබා තිබූ ගිනි අවිය බැංකුවෙන් පිටතට ගෙනවිත් දමා ගොස්‌ තිබියදී පොලිසියට හමුවී ඇත.

කොල්ලකරුවන් බැංකුවට පැමිණෙන විට ගනුදෙනුකරුවන් 10 දෙනකු පමණ එහි සිට ඇත. එක්‌ අයකු බැංකුවේ තැන්පත් කිරීමට රැගෙනවිත් තිබූ රුපියල් ලක්‌ෂ 18 ක මුදලින් ලක්‌ෂ 16 ක්‌ කොල්ලකරුවන් පැහැරගෙන ගොස්‌ ඇති අතර ඉතිරි ලක්‌ෂ 2 බිම වැටී තිබියදී හමුවී ඇත.

කොල්ලකරුවන් දෙදෙනා බැංකුව කොල්ල කෑමට පැය භාගයකට පමණ පෙර යතුරුපැදියෙන් ගොස්‌ දෙහිවල ලිසිං ආයතනයකට ඇතුළුවීමට උත්සාහ කළ අවස්‌ථාවේ එහි ආරක්‌ෂක නිලධාරීන් එම ආයතනයේ දොරවල්වලට අගුළු දැමීම නිසා ඇතුළු වීමට හැකි වී නැත. අනතුරුව එම ලිසිං ආයතනයටම අයත් අත්තිඩිය ප්‍රදේශයේ ශාඛාවට පැමිණ එයටද ඇතුළු වීමට තැත් කළ අවස්‌ථාවේ එහි ආරක්‌ෂක නිලධාරීන්ද දොරගුළු දැමීම නිසා එයද ව්‍යර්ථ වී ඇත.

ඉන් අනතුරුව අත්තිඩිය ලිසිං ශාඛාවට යාබදව තිබෙන පෞද්ගලික බැංකුවට කඩා වැදී මෙම කොල්ලය සිදුකර ඇත. සැකකරුවන් බැංකුවට කඩා වදින ආකාරය සහ ඔවුන් යතුරුපැදියෙන් පැමිණෙන ආකාරය ඇතුළු අවස්‌ථා ගණනාවක්‌ සී. සී. ටී. වී කැමරා පද්ධතියේ සටහන් වී ඇති අතර ඒ සම්බන්ධයෙන් පොලිසිය විමර්ශන ආරම්භ කර ඇත.

මෙම බැංකුව ඇතුළු බැංකු කිහිපයක්‌ 2015 වසරේදී මේ ආකාරයෙන්ම µqල්ෙµaස්‌ හෙල්මට්‌ පැළඳ පැමිණි කොල්ලකරුවන් දෙදෙනකු විසින් කොල්ල කා තිබූ අතර එම කොල්ලකරුවන් මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන් මීට මාස කිහිපයකට පෙර අත්අඩංගුවට ගෙන තිබුණි. ඔවුන් මේ වනවිට ඇපමත සිටින බවද උසස්‌ පොලිස්‌ නිලධාරියෙක්‌ "දිවයින" ට පැවසීය.

සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා බස්‌නාහිර පළාත දකුණ භාර නියෝජ්‍ය පොලිස්‌පති වසන්ත වික්‍රමසිංහ මහතාගේ උපදෙස්‌ මත ගල්කිස්‌ස කොට්‌ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි චන්දන අතුකෝරාළ මහතාගේ අධීක්‌ෂණයෙන් ගල්කිස්‌ස වැඩබලන පොලිස්‌ ස්‌ථානාධිපති ප්‍රධාන පොලිස්‌ පරීක්‌ෂක ගුණතිලක මහතාගේ මෙහෙයවීමෙන් පරීක්‌ෂණ පැවැත්වේ. අපරාධ අංශයේ ස්‌ථානාධිපති මල්ලිකාරච්චි, මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකයේ උප පොලිස්‌ පරීක්‌ෂක කුමාර නලවංශ, උප පොලිස්‌ පරීක්‌ෂක පෙරේරා යන නිලධාරීන් ඇතුළු පොලිස්‌ කණ්‌ඩායමක්‌ වැඩිදුර විමර්ශන සිදුකරයි.
« PREV
NEXT »

Facebook Comments APPID