BREAKING NEWS
latest

728x90

468x60

මෙතෙක් හෙළිනොවූ රහස් රැසක් සමඟ ප්‍රභාකරන්ගේ ගෝලයා එමිල් කාන්තන් ලංකාවට

මෙතෙක් හෙළි නොවුණු ආන්දෝලනාත්මක සිදුවීම් රැසක සත්‍ය තොරතුරු හෙළිකිරීම සඳහා මෙරටට පැමිණීමට තමන් තීරණය කල බව, එල්ටීටීඊ මූල්‍ය අංශය භාරව සිටි නිත්තිලා පිල්ලි ඇන්ටනී එමිල් ලක්ෂ්මි කාන්තන් සතිඅන්ත ජාතික පුවත්පතකට ප්‍රකාශ කර තිබේ.
උතුරු නැගෙනහිර සුනාමි ව්‍යවසනයෙන් හානියට පත් නිවාස නැවත ගොඩනැගීම සඳහා බව පවසමින් රජයේ මුදල් රුපියල් කෝටි 12ක් පමණ අවභාවිතා කිරීම සම්බන්ධයෙන් මව්බිම පුවත්පතේ හිමිකරු ටිරාන් අලස් සහ තවත් විත්තිකරුවන් කිහිප දෙනෙකුට එරෙහිව ක්‍රියාත්මකවන “රාඩා” නඩුවේ සාක්ෂිකරුවකු ලෙස ඔහු ලංකාවට පැමිණීමට නියමිතව ඇත.

එල්ටීටීය සහ දකුණේ දේශපාලකයින් අතර වූ සම්බන්ධතා, අවසන් සටනේ රහස් ඇතුලු බොහෝ දේ එමිල් කාන්තන්ගේ ලංකාගමනයෙන් පසු හෙළිදරව් වනු ඇති බවට දේශපාලන ආරංචිමාර්ග තහවුරු කර තිබේ.

මූලාශ්‍රය – ජනයුගය ඉරිදා පුවත්පත
« PREV
NEXT »

Facebook Comments APPID