BREAKING NEWS
latest

728x90

468x60

පිළියන්දල ලර්නස්‌ එකේ නෝනා 'ඩෝප්' පිට වාහන පැදලා

බීමතින් වෑන් රථයක්‌ ධාවනය කළ කාන්තාවක්‌ 04 වැනිදා රාත්‍රි අත්අඩංගුවට ගත් බව පිළියන්දල පොලිසිය පවසයි. තමා රියෑදුරු පාසලක සේවය කරන්නියක්‌ බව ඇය පැවසුවේ යෑයි පොලිසිය කිSය.

පිළියන්දල බෝකුන්දර හංදියේදී අපරීක්‍ෂාකාරී අන්දමින් පැමිණෙමින් තිබූ වෑන් රථයක්‌ නවතන ලෙසට රථවාහන රාජකාරියේ යෙදී සිටි පොලිස්‌ නිලධාරීන් අත දමා තිබේ. එහිදී එම අණ නොතකා වෑන් රථය බෝකුන්දර පාරට දමා ධාවනය කර තිබේ. පසුව පොලිස්‌ නිලධාරීන් යතුරු පැදියෙන් ඒ පසුපස යද්දී වෑන් රථය මාර්ගයෙන් ඉවතට පැන කාණුවකට වැටී නතර වී ඇත. එය බැලීමේදී වෑන් රථය තුළ බීමත් කාන්තාවක්‌ සිටිනු පොලිසිය දැක තිබේ.


මෙම කාන්තාව වැල්ලවත්ත පදිංචි 30 හැවිරිදි රූමත් තැනැත්තියක බව පොලිසිය කියයි.

මැය කැස්‌බෑව ප්‍රදේශයේ සාදයකට ගොස්‌ පැමිණෙමින් සිටියදී පොලිස්‌ අත්අඩංගුවට පත් වී තිබේ.

මෙම කාන්තාවට රියෑදුරු බලපත්‍රයක්‌ පවා නොතිබූ බව ද පොලිසිය කියයි.

මැය රියෑදුරු පාසලක්‌ පවත්වා ගෙන යන බව ද පොලිසියට පවසා ඇත.

මෙම කාන්තාව පිළියන්දල රෝහලට ඉදිරිපත් කර සිදුකළ පරීක්‍ෂාවේදී ඇය බීමත්ව ඇතැයි තහවුරු වූ බව ද පොලිසිය කියයි.

මැයට එරෙහිව නඩු පවරන බව පොලිසිය කියයි.

පිළියන්දල පොලිස්‌ ස්‌ථානාධිපති ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක සාරානාත් සමරකෝන් මහතාගේ උපදෙස්‌ මත උප පොලිස්‌ පරීක්‍ෂක බණ්‌ඩාර ඇතුළු නිලධාරීහු කණ්‌ඩායමක්‌ වැඩිදුර පරීක්‍ෂණ සිදුකරති.
« PREV
NEXT »

Facebook Comments APPID