BREAKING NEWS
latest

728x90

468x60

මුදල් ප්‍රශ්නයක් නිසා කිරිබත්ගොඩ ව්‍යාපාරිකයෙක් කැළණි ගඟට පැන මියයයි


කිරිබත්ගොඩ ධනවත් ව්‍යාපාරිකයකුගේ මළ සිරුරක් ඊයේ (12) පෙරවරුවේ වැල්ලම්පිටිය පොලිසිය මගින් කැලණි ගගේ තිබී සොයාගත්තා. මෙම මළ සිරුර කිරිබත්ගොඩ සුදර්ශනාරාම පාරේ පදිංචි 44 හැවිරිදි පරණලියනගේ ජයලත් සම්පත් නමැති තිදරණ පියෙකුගේ බව හඳුනාගෙන තිබේ. 

මෙම ව්‍යාපාරිකයා ඊයේ පෙරවරුවේ සිය දරුවන් පාසලට ඇරලීම සඳහා තමාගේ මෝටර් රථයෙන් නිවසින් පිටත්ව ගොස් දරු තිදෙනා ද පාසල්වලට හැරලවා ඇති අතර කැලණිමුල්ල ගංගාතිලක විහාරය ඉදිරිපිට කැලණිගඟ ආසන්නයේ හිමිකරුවකු නොමැති මෝටර් රථයක් නවතා තිබෙන බවට පොලිසියට ලැබුණු තොරතුරක් මත පොලිසිය එම ස්ථානයට පැමිණ පරීක්ෂණ ආරම්භ කර තිබුණි. 

මාර්ක්ගෙන් Facebook නිවුස් ෆීඩ් එකෙහි යළි වෙනසක්


ෆේස්බුක් සමාගම විසින් සිය නිවුස් ෆීඩ් පිටුවේ වෙනස්කම් කිහිපයක් කිරීමට නියමිත බව වාර්තා වේ.
මේ අනුව, ව්‍යාපාර, සන්නාම නාම හා මාධ්‍ය ආයතන විසින් එකතු කර ඇති සටහන් (post) වලට වඩා පවුලේ හා මිතුරන් අතර කතාබහක් ඇති කරන සටහන් වලට වැඩි ප්‍රමුඛත්වයක් ලබා දීමට එම සමාගම තීරණය කර ඇත.

මේ අනුව, එවැනි සංවිධාන හා සමාගම් හට සිය ෆේස්බුක් සටහන් වල ජනප්‍රියත්වයේ අඩුවක් දක්නට හැකි වනු ඇතැයි ද ෆේස්බුක් සමාගම සඳහන් කරයි.

ප‍්‍රබල ඇමතියෙක් ගණිකා මඩමකදී පොලීසියට කොටුවෙයි - බීමත් ඇමති අතහැර රියදුරා ගෙනයයි

ආන්ඩුවේ ප‍්‍රබල ඇමතිවරයෙක් කොල්ලුපිටියේ පිහිටි තරු පන්තියේ තිබූ ගණිකා මඩමකදී පොලීසිය විසින් කොටු කරගෙන ඇති බව අන්තර්ජාල පුවත් අඩවි වාර්තා කරයි.

ඉෂාරා සඳමිණි මව් පදවියට සූදානමින්

පසුගිය කාලයේ මෙගා ටෙලි නාට්‍ය ගණනාවක ප්‍රකට චරිත රඟපෑ ඉෂාරා සඳමිණි මේ දිනවල රංගන කටයුතු වලින් ඉවත්වී මව්

ලෙඩ වූ ඌරන්ගේ මස්‌ කෑමෙන් පාරිභෝගිකයෝ රැසක්‌ රෝගී වෙලා

අනවසරයෙන් පවත්වා ගෙන ගිය ඌරු මස්‌ වෙළෙඳ සැල් වැටලීමකදී සෞඛ්‍ය ආරක්‍ෂිත නොවන ඌරු මස්‌ විශාල තොගයක්‌ අත්අඩංගුවට ගත් බව බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහන් කරයි.

අනවසර හා බලපත්‍රයක්‌ නොමැතිව පවත්වා ගෙන ගිය ඌරු මස්‌ වෙළෙඳ සැල් මෙසේ පරීක්‍ෂාවට ලක්‌ කර ඒවායේ තිබූ ඌරු මස්‌ විශාල තොගයක්‌ අත්අඩංගුවට ගෙන ඒවා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.

චීනයේ ළාබාලම කෝටිපතියා ලංකාවට එයි

නව තාක්‍ෂණික නිර්මාණ පිළිබඳ කර්මාන්ත ආරම්භ කිරීමේ අරමුණින් චීනයේ ලාබාලම කෝටිපති ව්‍යාපාරික කායි සියෝරු (Cai Xiaoru) මහතා මෙරටට පැමිණ තිබේ.

කායි සියෝරු මහතා සේවකයන් දහස්‌ ගණනක්‌ සේවය කරන චීනයේ ටාට්‌වෝ ආයතනය ඇතුළු සමාගම් ගණනාවක සභාපතිවරයා වේ. විදේශගත කර්මාන්තශාලා ආරම්භ කිරීම කායි සියෝරු මහතාගේ අරමුණවී ඇති අතර ඒ අරමුණු පෙරදැරිව ඉකුත් 09 වැනිදා මෙරටට පැමිණියේය. 

ලසිත් මාලිංග ලංකාවට ගෙන්නපු සුපිරි BMW කාර් එක මෙන්න

පසුගිය දිනවල වඩාත් ආන්දෝලනයට පත්ව සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග ගේ මෝටර් රථයක් විකිණීම සඳහා දැන්වීමක් වෙබ් අඩවියක පලකොට ඇත.


ලසිත් මාලිංග විසින් මෑතකදී mitsubishi lancer evolution x වර්ගයේ මෝටර් රථයක් මිලදී ගෙන තිබු අතර එම මෝටර් රථය ටර්බෝ බලගැන්වු සිලින්ඩර් හත‍රේ පැයට කිලෝමීටර් 300ක වේගයෙන් ධාවනය කළ හැකි ද්විත් කි‍්‍රයාකාරී ක්ලචයකින් හා ගියර හයක් මාරු කළ හැකි ගියර පෙට්ටියකින්ද (6-Speed twin clutch gear box) සමන්විත වේ...
ලසිත් මාලිංග එම මෝටර් රථය මිලට ගැනීමත් සමග මෝටර් රථ ධාවන තරඟ සඳහා එක්වීමේ සුදානමක්ද තිබුණු බවද පැවසුනා..

ඌවේ දේශපාලකයෙක්‌ විදුහල්පතිනියක දණගස්‌සයි ! - කැෆේ පරීක්‍ෂණයක්‌ ඉල්ලයි

ඌව පළාතේ දේශපාලන බලවතකු විසින් ඌව පළාත් සභාව යටතේ පාලනය වන බදුල්ල දෙමළ බාලිකා විද්‍යාලයක විදුහල්පතිනියක තම නිල නිවසට කැඳවා දණ ගස්‌වා සිසුවියක ඇතුළත් කිරීමට බලපෑම් කළ බව කියන සිද්ධියක්‌ සම්බන්ධයෙන් පරීක්‍ෂණයක්‌ පවත්වන ලෙසට කැෆේ සංවිධානය සහ ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රයේ විධායක අධ්‍යක්‍ෂ කීර්ති තෙන්නකෝන් මහතා අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා වෙත ලිපියක්‌ යොමු කරමින් ඉල්ලීමක්‌ කොට ඇත.

බිරිඳව බිය කිරීමට යෑයි කියා මිනී පෙට්‌ටියක්‌ ගෙදරට එවන්නැයි සැමියා මල්ශාලාවකට සල්ලි බැඳලා

සිය බිරිඳ සමඟ බහින් බස්‌ වීමෙන් අනතුරුව කෙලින්ම කුලියාපිටිය නගරයේ මල්ශාලාවකට පැමිණි මැදි වයසේ සැමියෙකු සාමාන්‍ය තත්ත්වයේ මිනී පෙට්‌ටියක මිල ගණන් විමසීයග

'....එතකොට මල් සැරසිලි - පිත්තල පහන් ආදියත් ඕනෑදරෑ' 

කළමනාකරු විමසීය.

'....නෑ....නෑ මට ඕනෑ පෙට්‌ටිය හොඳට හදලා පොලිෂ් කරලා විතරයි....'

නීතිවිරෝධී සංක්‍රමණිකයන්ගෙන් අල්ලස් ලබාගත් ආගමන නිළධාරීන් තිදෙනා පොලිස් දැලේ - මෙන්න නම් ගම්

නීතිවිරෝධී ලෙස ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වූ ශ්‍රී ලාංකිකකයන් පිරිසකගෙන් අල්ලස් ලබාගෙන ඔවුන් නිදහස් කිරීමේ චෝදනාව මත ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිළධාරීන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිළධාරීන් විසින් මෙම තිදෙනා අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

නැටුවේ අපේ පදයකට, අගමැතිතුමාට දෙවෙනි වටයට යවන්න පුළුවන් සියතේ අරවින්ද කියයි

සමහරු කාලා බීලා ජොලියෙන් ඉන්නවා. සමහරු තමන්ගෙ පාඩුවේ පැත්තකට වෙලා ඉන්නවා. ඔය අතරේ පහුගිය දවසක රටම කතා කරපු නැටුමක් තිබ්බා. එ් තමයි අපේ අගමැතිතුමා, එතුමගේ නැන්දා වුන ප්‍රවීණ රංගන ශිල්පීණී අයිරාංගනී සේරසිංහ එක්ක නටපු හැටි.

දෙවුන්දර මුහුදේදී ධීවර බෝට්ටුවක් සහ මෝටර් රථ ප්‍රවාහන නෞකාව ගැටීමෙන් අනතුරෙන් දෙදෙනෙකු මරුට

දෙවුන්දර මුහුදේදී ධිවර යාත්‍රාවක් සහ නෞකාවක් ගැටීමෙන් ධීවරයන් දෙදෙනෙක් මියගොස් දෙදෙනක් අතුරුදන් වී තිදෙනෙක් තුවාල ලබා තිබේ. 

පළමු තොගයේ කිලෝ හැටදෙදහසක්

මෙරට තේ ඇතුළු කෘෂි නිෂ්පාදනවලට රුසියාව පනවා තිබූ තාවකාලික තහනම ඉවත් කිරීමෙන් පසුව ප්‍රථම වරට තේ නිෂ්පාදන රැගත් නෞකා රුසියාව බලා පිටත්ව ගොස් ඇතැයි තේ මණ්ඩලයේ කොමසාරිස් ජයන්ත එදිරිසිංහ මහතා දිනමිණට පවසයි. රුසියාව ඉදිරිපත් කළ ප්‍රමිතීන්ට අනුකූලව නිෂ්පාදනය කෙරුණු තේ මණ්ඩලයේ අනුමැතිය ලත් තේ කිලෝග්‍රෑම් 62131ක් පසුගිය 02 වැනිදා සිට වරායේ රේගු අංශයට බාර දුන් බවද එදිරිසිංහ මහතා කීවේය.

මීගහවත්ත අපරාධ ස්ථානාධිපතිට අල්ලස් දෙන්න හැදූ ඥාතියා කොටුවේ

මීගහවත්ත පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක රවින්ද්‍ර ප්‍රේමලාල් මහතාට රුපියල් ලක්ෂ දෙකක අල්ලසක් ලබාදීමට උත්සාහ කළ පුද්ගලයකු ඊයේ පස්වරුවේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.

හෙරොයින් ජාවාරමට සම්බන්ධව අත්අඩංගුවට ගත් කාන්තාවකට නීති මඟින් කටයුතු කිරීම වැළැක්වීම සඳහා පොලිස් පරීක්ෂක රවින්ද්‍ර ප්‍රේමලාල් මහතාට යෝජනා කර ඇති එම සැකකාරියගේ ඥාතියකු එම මුදල් දෙන අවස්ථාවේදී එසේ අත්අඩංගුවට ගත් බව අල්ලස් කොමිසම කියයි.

වික්ටර් රත්නායකගේ බිරිඳ අත්අඩංගුවට

ප්‍රවීන ගායන ශිල්පී වික්ටර් රත්නායක මහතාගේ බිරිඳ වන හෂිණි අමේන්ද්‍ර රත්නායක මහත්මිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ප්‍රකාශයක් ලබාදීම සඳහා අද(09) උදෑසන තංගල්ල පොලිසියට පැමිණීමෙන් අනතුරුව ඇය අත්අඩංගුවට ගෙන ඇත.

තංගල්ල ප්‍රදේශයේ රාජ්‍ය බැංකුවක සේවය කරමින් සිටියදී සිදුවූ රන් භාණ්ඩ වංචාවක් සම්බන්ධයෙන් සිදුකළ පැමිණිල්ලකට අදාලව නීතිඥවරයෙකු මාර්ගයෙන් ඇය මෙලෙස තංගල්ල පොලිසියේ විශේෂ අපරාධ විමර්ශන ඒකකයට පැමිණ ප්‍රකාශයක් ලබාදී තිබේ.
එම ප්‍රකාශය ලබාදීමෙන් අනතුරුව ඇය මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

ගායන ශිල්පී දුලාජ් ධනුෂ්ක මනාළියත් නිවසට කැන්දන් එනකොට මිතුරන් දුන් සුපිරි බයිට් එක

දුලාජ් ධනුෂ්ක කියන්නේ  රසික හදවත් ආදරයෙන් වැළඳගත්තු සොඳුරු ගායකයෙක්. ඉතින් සරල ජීවිතයක් ගතකරන දුලාජ් පසුගිදා  නිමා ප්‍රනාන්දු සමගින් යුග දිවියට පාතැබුව.

ක්‍රිකට් ක්‍රීඩක අසේල ගුණරත්න තමන්ගේ උපන්දිනය සමරපු හැටි මෙන්න

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක අසේල ගුණරත්න ඊයේ (08) සිය 32 වැනි උපන් දිනය සැමරුවා. 

සටන්කාමී රැස ජනවාරි 11 සිට එළියට

ශ්‍රී ලංකාවේ ජාතික පුවත්පත් අතරට නව දිනපතා ජාතික පුවත්පතක් ලබන 11 වනදා සිට නිකුත් කිරීමට නියමිතයි.

මේ පුවත්පත නිකුත් කරන්නේ ලේක් හවුස් ආයතනය වන අතර පුවත්පතේ නම වන්නේ 'රැස' යි. මෙම පුවත්පත අවිද්‍යාව, අශිෂ්ඨත්වය, මිත්‍යාව, ජාතිවාදය, ආගම්වාදය යනු පටු දෘෂ්ඨීන්ට එරෙහිව සැබෑ නවීන පුවත්පතක් ලෙස ප්‍රකාශයට පත් කරන්නක් බව වාර්තා වේ.

පෙර පාසලේදීම දැරිය පැහැර ගන්න හදපු නරුමයාගේ වීඩියෝව මෙන්න

පෙරපාසල් භූමියක් තුළදී වයස අවුරුදු තුන හමාරක ළදැරියක් කිසියම් පුද්ගලයකු විසින් පැහැර ගැනීමට උත්සාහ දැරු පුවතක් වාර්තා වෙනවා.


අදාළ සිදුවීමේ විඩීයෝව පැහැර ගැනීමට උත්සාහ කළ දියණියගේ පියා විසින් සමාජජාලා මාධ්‍යයට නිකුත් කර තිබුණා.

ඉකුත් 04 වැනිදා දහවල් පැහැරගෙන පලායෑමට උත්සහ දැරූ අවස්ථාවේදී එම පුද්ගලයා පැහැරගත් දරුවාද සමඟම පය පැටලී බිම පතිත වීමත් සමඟ ඒ අවට සිටි පිරිස් විසින් ඔහු අල්ලාගන්නා අයුරු එම දර්ශන පෙළේ දැක්වෙනවා.

හොරු ඇල්ලිල්ල

අලි පාටියෙ පසුපෙළ කස්ටිය කිහිපදෙනෙක් අලුත් වැඩකට සූදානම් වෙනවා කියලා ආරංචියක් යනවා. මේකට නායකත්වය දෙන්නෙ තරුණ පහේ ඇමැති සයිස් දෙතුන් දෙනෙකුත් ඉන්නවලු.

බැඳුංකර ජරමරේ නිසා තමන්ගෙ පක්ෂයෙ ලොකු ලොක්කන්ට හොරු හොරු කියලා චෝදනා කරන පුටු පාටියෙන් ආණ්ඩුවට ඇවිත් හොර නාමෙ ගාගත්ත දෙතුන් දෙනෙක් හොරකමේ එළිකිරීමලු මේ අලුත්ම ව්‍යාපෘතිය...

හෝමාගම සපත්තු කඩේට ගිය ගොලු හිගන්නෙකුට වෙච්ච දේ

කෙනෙකුගේ හිතකට සතුටක් දෙන්න, එහෙමත් නැත්නම් අසරණ කෙනෙකුට සරණක් වෙන්න පුළුවන්නම් ඒක කියලා නිම කරන්න බැරි දෙයක් වගේම මිල කරන්නත් බැහැ.

ඒ විදිහට කෙනෙකුගේ කැමැත්ත වෙනුවෙන් පුංචි කැපකිරීමක් කරපු තරුණයෙක් ගැන අපිට අහන්න ලැබුණේ හෝමාගම පැත්තෙන්.
නමින් ඔහු නදුන්.

නඳුන් ඔහුගේ සොහොයුරාට අයත් පාවහන් අලෙවිසැලේ ඉද්දි ඊයේ කඩේට අමුත්තෙක් ඇවිත්.

ඒ තමයි හෝමාගම නගරය පුරාම හැමදාම වගේ සැරිසරන කතාකරන්න් බැරි පුද්ගලයෙක්. කතාකරන්න බැරිවුණත් මොහුට කියන හැමදෙයක්ම හොඳට තේරෙනවලු.

චීන අහස් ලබ්බ කඩා වැටෙයි

ඇත්ත පත්‍රය මේ රටේ පුවත්පත් කලාවේ අමුතු නිර්මාණ ඉදිරිපත් කළ පුරෝගාමී මාධ්‍යයකි. එහි කර්තෘ බී.ඒ. සිරිවර්ධන උපහාසය කැටිකොටගත් වෙඩි බඳු හෙඩිම් කලාවේ නිපුණයෙකි. 1979 ජූලි මාසයේ ඇත්තේ අමුතු හෙඩිමක් පලවිය. අහස් ලබ්බ කඩා වැටෙයි! යනුවෙනි. අමෙරිකානු නාසා ආයතනය 1973 දී උඩු ගුවනට යවා තිබූ ඔවුන්ගේ පළමු අභ්‍යවකාශ මධ්‍යස්ථානය වන Sky lab යානය නැවත මහ පොළොව වෙත ඇතුළුවීම ඒ කාලයේ මාධ්‍යවලට ලොකු ආන්දෝලනාත්මක වාර්තාවක් සැපැයීය. කලින් කියා තිබූ වේලාවට වඩා පැය බාගයක් ප්‍රමාද වී ඇදවැටුණු අමෙරිකන් අහස් ලබ්බ කලින් කියා තිබූ ආකාරයට පැසිෆික් සාගරය වෙත ඇදවැටෙනු වෙනුවට ඕස්ට්‍රේලියාවේ නගර දෙකක් වන එස්පෙරාන්ස් සහ රොවිලිනා වෙත එහි ලොකු කොටස් කිහිපයක් ඇද වැටුණි.