BREAKING NEWS
latest

728x90

468x60

මාර්ක්ගෙන් Facebook නිවුස් ෆීඩ් එකෙහි යළි වෙනසක්


ෆේස්බුක් සමාගම විසින් සිය නිවුස් ෆීඩ් පිටුවේ වෙනස්කම් කිහිපයක් කිරීමට නියමිත බව වාර්තා වේ.
මේ අනුව, ව්‍යාපාර, සන්නාම නාම හා මාධ්‍ය ආයතන විසින් එකතු කර ඇති සටහන් (post) වලට වඩා පවුලේ හා මිතුරන් අතර කතාබහක් ඇති කරන සටහන් වලට වැඩි ප්‍රමුඛත්වයක් ලබා දීමට එම සමාගම තීරණය කර ඇත.

මේ අනුව, එවැනි සංවිධාන හා සමාගම් හට සිය ෆේස්බුක් සටහන් වල ජනප්‍රියත්වයේ අඩුවක් දක්නට හැකි වනු ඇතැයි ද ෆේස්බුක් සමාගම සඳහන් කරයි.

මේ පිළිබඳව ෆේස්බුක් ප්‍රධාන විධායක නිලධාරී - මාක් සකර්බර්ග් සිය ෆේස්බුක් පිටුවේ සටහනක් එක්කරමින් නිවේදනය කර ඇත.

ව්‍යාපාර, සන්නාම නාම හා මාධ්‍ය ආයතන විසින් එකතු කර ඇති පොදු අන්තර්ගතයන් (public content) මගින් එකිනෙකා හා සම්බන්ධ කරන සිය පෞද්ගලික සටහන් වලට ඇති ඉඩකඩ අඩුවන බවත් ෆේස්බුක් ප්‍රජාවගෙන් ප්‍රතිචාර ලැබී ඇති බව සකර්බර්ග් වැඩිදුරටත් පවසා තිබේ.

ඉදිරියේදී පොදු අන්තර්ගතයන් ප්‍රවර්ධනය කළ යුතු නම්, එම සටහන් මගින් ෆේස්බුක් ප්‍රජාව අතර අන්තර්ක්‍රියා ඇති කිරීමට අනුබල දෙන්නක් බවට දිස්විය යුතු බවද ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.

මෙම වෙනස්කම් ඉදිරි සති කිහිපය තුළදී සිදුවීමට නියමිතය.
« PREV
NEXT »

Facebook Comments APPID