BREAKING NEWS
latest

728x90

468x60

නීතිවිරෝධී සංක්‍රමණිකයන්ගෙන් අල්ලස් ලබාගත් ආගමන නිළධාරීන් තිදෙනා පොලිස් දැලේ - මෙන්න නම් ගම්

නීතිවිරෝධී ලෙස ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වූ ශ්‍රී ලාංකිකකයන් පිරිසකගෙන් අල්ලස් ලබාගෙන ඔවුන් නිදහස් කිරීමේ චෝදනාව මත ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිළධාරීන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිළධාරීන් විසින් මෙම තිදෙනා අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

නීතිවිරෝධී ලෙස ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වූ මෙම ශ්‍රී ලාංකිකයන් පිරිස, ඕස්ට්‍රේලියානු රජය මගින් ශ්‍රී ලංකාවට එවා තිබේ. එම පිරිස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදීම වෙනුවට මෙම නිළධාරීන් සිදුකර ඇත්තේ ඔවුන්ගෙන් ඩොලර් 200 බැගින් අල්ලස් ලබාගෙන ඔවුන්ව නිදහස් කිරීමයි.

පෙරමුණ කංකානම්ලාගේ ගාමිණී - උතුම්ගම, මතුගම (සේවා හැඳුනුම්පත් අංක 19720630022)
අබේසිංහ ආරච්චිගේ දොන් සතිස්චන්ද්‍ර විජේවර්ධන - අංක 86, වෑතර, පොල්ගස්ඕවිට, පිළියන්දල (ජා.හැ. අංක 791591023V)
පලික්කොන්දගේ සුගත් චමින්ද මධුරජීව - අංක 302/6 ඒ, පොකුණ පාර, උඩුගම්පොල (ජා.හැ. අංක 780663782V)
යන ආගමන විගමන නිළධාරීන් තිදෙනා මෙසේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිළධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන්ට එරෙහිව අල්ලස් ගැනීමේ චෝදනාව මත සහ නීතිවිරෝධී සංක්‍රමණිකයන් නිදහස් කිරීම සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු සිදුවනු ඇත.

LNW
« PREV
NEXT »

Facebook Comments APPID