BREAKING NEWS
latest

728x90

468x60

මීගහවත්ත අපරාධ ස්ථානාධිපතිට අල්ලස් දෙන්න හැදූ ඥාතියා කොටුවේ

මීගහවත්ත පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක රවින්ද්‍ර ප්‍රේමලාල් මහතාට රුපියල් ලක්ෂ දෙකක අල්ලසක් ලබාදීමට උත්සාහ කළ පුද්ගලයකු ඊයේ පස්වරුවේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.

හෙරොයින් ජාවාරමට සම්බන්ධව අත්අඩංගුවට ගත් කාන්තාවකට නීති මඟින් කටයුතු කිරීම වැළැක්වීම සඳහා පොලිස් පරීක්ෂක රවින්ද්‍ර ප්‍රේමලාල් මහතාට යෝජනා කර ඇති එම සැකකාරියගේ ඥාතියකු එම මුදල් දෙන අවස්ථාවේදී එසේ අත්අඩංගුවට ගත් බව අල්ලස් කොමිසම කියයි.

රාජකාරිය අකුරටම අවංකව ඉටුකරන පොලිස් නිලධාරියකු වූ රවින්ද්‍ර ප්‍රේමලාල් මහතා ඒ පිළිබඳව අල්ලස් කොමිසමට පැමිණිලි කර තිබුණි.

සැකකාරිය අත්අඩංගුවට ගෙන තිබුණේ හෙරොයින් මිලිග්‍රෑම් 10.2 ක් ළඟ තබා ගැනීම සම්බන්ධයෙනි.

එම මිලිග්‍රෑම් ප්‍රමාණය අඩක් දක්වා දඬුවම අඩුකරගැනීම සඳහා එසේ අල්ලස් දීමට යෝජනා කර ඇත.

ඒ අනුව සැකකරු මුදලින් රුපියල් එක්ලක්ෂ තිස්හතර දහසක්ද ඉතිරි මුදල බැංකුවෙන් ලබාගැනීම සඳහා සැකකරුට අයත් ATM කාඩ්පතද ලබාදෙන අවස්ථාවේ එසේ අත්අඩංගුවට ගෙන ඇති අතර ඊයේ පස්වරුවේ ඔහු මහර අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

දෙල්ගොඩ සමූහ
« PREV
NEXT »

Facebook Comments APPID