BREAKING NEWS
latest

728x90

468x60

පළමු තොගයේ කිලෝ හැටදෙදහසක්

මෙරට තේ ඇතුළු කෘෂි නිෂ්පාදනවලට රුසියාව පනවා තිබූ තාවකාලික තහනම ඉවත් කිරීමෙන් පසුව ප්‍රථම වරට තේ නිෂ්පාදන රැගත් නෞකා රුසියාව බලා පිටත්ව ගොස් ඇතැයි තේ මණ්ඩලයේ කොමසාරිස් ජයන්ත එදිරිසිංහ මහතා දිනමිණට පවසයි. රුසියාව ඉදිරිපත් කළ ප්‍රමිතීන්ට අනුකූලව නිෂ්පාදනය කෙරුණු තේ මණ්ඩලයේ අනුමැතිය ලත් තේ කිලෝග්‍රෑම් 62131ක් පසුගිය 02 වැනිදා සිට වරායේ රේගු අංශයට බාර දුන් බවද එදිරිසිංහ මහතා කීවේය.

ඒ අනුව මෙරට තේ වගාකරුවන් කිසිදු බිය සැකයකින් තොරව තේ නිෂ්පාදන කර්මාන්තයේ නියැළෙන ලෙස ඉල්ලා සිටි ඒ මහතා ඉදිරියේදී රුසියාවෙන් අපගේ තේවලට වර්තමාන මිලට වඩා හොඳ මිලක් ලැබේයැයි විශ්වාස කරන බව ද කීවේය.

රුසියානු තේ අර්බුදය පැන නැඟුණු මොහොතේ සිට රුසියාව සමඟ රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් සුහද මිත්‍රත්වයක් ගොඩනඟාගෙන ජනපති, අගමැති සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය ප්‍රමුඛ රජය ගත් ක්ෂණික ක්‍රියාමාර්ග නිසා මාස 6කට පැනවූ තහනම සති දෙකක් තුළ ඉවත් කරගැනීමට හැකි විය.

අමිල මලවිසූරිය
« PREV
NEXT »

Facebook Comments APPID