BREAKING NEWS
latest

728x90

468x60

බිරිඳව බිය කිරීමට යෑයි කියා මිනී පෙට්‌ටියක්‌ ගෙදරට එවන්නැයි සැමියා මල්ශාලාවකට සල්ලි බැඳලා

සිය බිරිඳ සමඟ බහින් බස්‌ වීමෙන් අනතුරුව කෙලින්ම කුලියාපිටිය නගරයේ මල්ශාලාවකට පැමිණි මැදි වයසේ සැමියෙකු සාමාන්‍ය තත්ත්වයේ මිනී පෙට්‌ටියක මිල ගණන් විමසීයග

'....එතකොට මල් සැරසිලි - පිත්තල පහන් ආදියත් ඕනෑදරෑ' 

කළමනාකරු විමසීය.

'....නෑ....නෑ මට ඕනෑ පෙට්‌ටිය හොඳට හදලා පොලිෂ් කරලා විතරයි....'

'....ගඑහෙම නම් මේ පෙට්‌ටිය හොඳයි රුපියල් විසිදාහක්‌ වෙනවා.... අනෙක්‌ බඩු අවශ්‍ය නැත්නම් 18 ක්‌ විතර දෙන්න යෑයි' කළමනාකරු පැවසීයග 

ඔහු කිසිත් කතා නොකොට රුපියල් දසදහසක මුදලක්‌ කළමනාකරු අත තැබීයග

'.... මහත්තයාල එහෙම නම් හරියට 4 ට (ඔහු ගමක නමක්‌ කීය) අපේ ගෙදරට පෙට්‌ටිය එවන්නග ඉතුරු මුදල ගෙදරදි දෙන්නම් යෑයි' පවසමින් ආපසු හැරුණිග

කළමනාකාරවරයා අන්දුන් කුන්දුන් වියග

'....ග මහත්තයා එහෙම හිස්‌ පෙට්‌ටි ගෙවල්වලට ගෙනියන්නෙ නෑ....මහත්තයා දිවිනසා ගන්නවත්ද යන්නෙ....ඔහු විමසීයග

'....නෑ නෑ.... මැනේජර් මහත්තයෝ ගෑනිව බය කරන්න මගෙ කාමරේ තියා ගන්නයි ගෙනි යන්නෙ....ග' කියමින් පිටව ගියේයග

සවස 4 ට මියගිය කෙනෙක්‌ එම ප්‍රදේශයෙන් වාර්තා නොවූ අතර පෙට්‌ටියද ඒ වෙලාවට එම නිවසට නොගියේයග

පසුදා හොඳ සිහියෙන් මල්ශාලාවට පැමිණි පෙර පැමිණි පුද්ගලයා කළමනාකරුගෙන් රුපියල් දසදහස ඉල්ලාගෙන ආපසු ගියේයග

(පසුගිය 6 වැනි දින සිදු වූ සත්‍ය සිද්ධියකිග)

බිංගිරිය - සෝමසිරි ඒකනායක
« PREV
NEXT »

Facebook Comments APPID