BREAKING NEWS
latest

728x90

468x60

කැසිනෝ ගහන්න කෝටි ගණන් වලින් රට වටේ රජ ගේම් ගහපු, මීගමුවේ හොර දොස්තර කොටුවේ

ව්‍යාජ සහතික මගින් මීගමුව ප්‍රදේශයේ දක්‍ෂ වෛද්‍යවරයකු ලෙස පෙනී සිට ධනවත් තරුණියක සමඟ වංචනිකව විවාහ වී පසුව කැසිනෝ සූදුවට යැම සඳහා විවිධ අවශ්‍යතා පෙන්වා පමුණුගම, කොළඹ, මීගමුව ඇතුළු ගම්පහ දිස්‌ත්‍රික්‌කයේ ධනවතුන්ගෙන් රුපියල් කෝටියකට අධික මුදලක්‌ වංචාකර සැඟවී සිටි ව්‍යාජ වෛද්‍යවරයකු කොළඹ කැසිනෝ සමාජ ශාලාවකදී කොටුකර ගැනීමට මීගමුව පොලීසිය පෙරේදා (27 දා) සමත් විය.

මූලික පොලිස්‌ විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ පමුණුගම වැලිකැටිය ප්‍රදේශයේ පදිංචි ජෝසප් සරණ ප්‍රදීප් (31) නමැති සැකකරු මීගමුව ප්‍රදේශයේ දක්‍ෂ වෛද්‍යවරයකු පෙනී සිට එම ප්‍රදේශයේ ප්‍රධාන බෙහෙත් ශාලාවක්‌ පවත්වාගෙන ගොස්‌ ඇත.

යතුරුපැදි Helmet ප්‍රමිතිය අනතුරේ

මස්ථ ලංකා යකුරුපැදි කරුවන්ගේ සංගමය විසින් ප‍්‍රවාහන ඇමතිවරයා වෙත යොමු කරන ලද ලිපියක් මෙහි දැක්වෙයි.

යතුරුපැදි හිස්වැසුම් ප්‍රමිතිය අනතුරේ

පසුගිය 2015 වසරේ ජූලි මස 16 වනදා නිකුත් වූ අංක 1923/65 දරණ ගැසට් නිවේදනය ප්‍රකාරව ලංකාව තුල හිස්වැසුම් විකුණන අවස්ථාවේ එය ශ්‍රී ලංකා ප්‍රමිති අංක 517 අනුකූල විය යුතුය. නමුත් එම නීතිය ක්‍රියාත්මක කිරීමට පාරිභෝගික කටයුතු පිළිබඳව අධිකාරිය අසමත් වී ඇත.

මේ වන විට අප සංගමය වෙත ලැබී ඇති තොරතුරුවලට අනුව, ප්‍රමිතියෙන් තොර හිස්වැසුම් තොග වශයෙන් විකුණන අදාළ දේශීය නිෂ්පාදකයා ශ්‍රී ලංකා හිස්වැසුම් 517 ප්‍රමිතියට එරෙහිව අධිකරණය හමුවේ නඩුවක් පවරා ඇති අතර එම නඩුව අවසන් වන තෙක් පාරිභෝගික කටයුතු අධිකාරියට ඒම ව්‍යාපාරයට එරෙහිව කිසිවක් කල නොහැකි බවට අප වෙත තොරතුරු ලැබී තිබේ.

ලංකවේ ලකුණු 3ක් අඩුකළ ICC අමුතුම ශ්‍රේණිගත කිරීම

වතම ටෙස්ට් ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම් ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් අද ප්‍රකාශයට පත් කළා.

එහි කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්හි කිසිදු ස්ථානයක වෙනසක් සිදුව නොමැති නමුත් 6 වන ස්ථානයේ පසුවන ශ්‍රී ලංකාවට හිමි ප්‍රසාද ලකුණු 3ක් අහිමි වී තිබෙනවා.

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම තවදුරටත් 9වන ස්ථානයේ පසුවන අතර ඔවුන්ට හිමි ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 5කින් ඉහළ ගොස් තිබීම විශේෂත්වයක්.

මේ අතර, පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්හි 41 වන ස්ථානය දක්වා ස්ථාන 10කින් ඉදිරියට පැමිණිමට ළහිරු කුමාර සමත්ව තිබෙනවා.

යාපනේ 06 හැවිරිදි දරිය ඝාතනයේ සියල්ල හෙලිවෙයි

යාපනය සුලිපුරම් ප්‍රදේශයේදී ඝාතනයට ලක් වූ 06 හැවිරිදි පාසල් දැරියගේ ඝාතනයට සම්බන්ධ බවට සැකකෙරෙන ප්‍රධාන සැකකරු මල්ලාකම් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ඔහු ලබන ජූලි මස 11 වනදා දක්වා බන්ධනාගාර ගත කිරීමට මල්ලාකම් මහෙස්ත්‍රාත් ආශිර්වාදම් ග්‍රේෂියන් ඇලෙක්ස්රාජ් මහතා නියෝග කොට සිටියේය.

මාතරදී සැමියාට වෙඩි වදිද්දී බිරිඳ නිවුන් දරු ප්‍රසූතියක් සිදු කරයි (වීඩියෝ)

පසුගියදා මාතර ස්වර්ණාභරන ආයතය කොල්ලකෑමට පැමිණි අවස්ථාවේදී මියගිය පොලිස් නිළධාරියා සහ තුවාල ලැබූ පොලිස් නිළධාරීන් රෝහල් ගත කිරීමට කටයුතු කල පුද්ගලයින් පිළිබඳව සමාජයේ පුළුල් කතා බහක් ඇති වුනා.
කෙසේ වෙතත් එම අවස්ථාවේදී මාතර කඹුරුපිටය ප්‍රධාන මාර්ගයේ ගමන්ගත් බස් රථයක රිය සහයකයෙකුගේද හිස ප්‍රදේශයටද වෙඩි වැදී වෙඩි වැදී මාතර රෝහලට ඇතුලත් කර තිබුණා.

විශාල මුදලක් ඉතිරි කරනළ ත්‍රිරෝද රථ සහ යතුරු පැදි වලට එන අලුත්ම පෙට්‍රල් වර්ගය ගැන මෙන්න

ත්‍රිරෝද රථ සහ යතුරු පැදි සඳහා නව පෙට්‍රල් වර්ගයක් හඳුන්වා දීමට ඉදිරියේදී කටයුතු කරන බවත්, එම පෙට්‍රල් අඩු මිලකට ලබා දිය හැකි නිසා යතුරු පැදි හා ත්‍රිරෝද රථ වලට සැලකිය යුතු වාසියක් අත්වන බවත්, ඛනිජ තෙල් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පසුගිය දිනෙක ප්‍රකාශ කළේය.

මෙරටට ආනයනය කරනු ලබන බොරතෙල් සපුගස්කන්ද පිරිපහදුවේදී අඩු ඔක්ටේන් අංකයක් යටතේ පෙට්‍රල් නිෂ්පාදනය කර මෙසේ ත්‍රිරෝද රථ සහ යතුරු පැදි සඳහා ලබා දීමට සැළසුම් කර තිබේ.

ත්‍රීරෝද රථ සහ යතුරු පැදි 99%ක්ම භාවිතා කරන්නේ ඔක්ටේන් 92 පෙට්‍රල් ඉන්ධන වර්ගයයි.

ලෝකයේ දැනට භාවිත ඔක්ටේන් 92 වන හා ඔක්ටේන් 95 ඉහළ ප්‍රමිතිගත පෙට්‍රල් විශේෂයක් ලෙසින් සලකනු ලබයි.

කුසල් ලංකාවේ නම රැකගත් හැටි

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවති තෙවන ටෙස්ට් තරඟය කඩුලු 4කින් ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (26) සමත් වුණා .

ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 5ක් දැවී ලකුණු 81 රැස්කරගෙන සිටි අතර ජයග්‍රහණය සඳහා තවත් ලකුණු 63ක් අවශ්‍ය විය.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා ඉනිමට එකදු ලකුණක් හෝ එකතු වීමට පෙර ජේසන් හෝලඩර් ගේ පන්දුවක් හමුවේ කුසල් මෙන්ඩිස් දැවී ගියේය. පසුව පිටියට එක්වූයේ කුසල් පෙරේරායි.

සමස්ත විදුලි පාරිභෝජනයෙන් සියයට 2ක් විදී ලාම්පු වෙනුවෙන්ලු

සමස්ත විදුලි පාරිභෝජනයෙන් සියයට දෙකක් (2%) වැය කරමින් දිවයින පුරා වීථි ලාම්පු ලක්ෂ 7 දැල්වෙන බව පසුගිය දා රත්නපුර පිහිටි සබරගමු පළාත් සභා ශ්‍රවණාගාරයේ පැවති මහජන උපදේශන වැඩමුළුවේදී හෙලිදරව් විය.

වීථි ලාම්පු කළමනාකරණය පිළිබඳ යෝජිත ජාතික සැලැස්ම සහ විදුලිබල, පානීය ජල හා ඛනිජ තෙල් සම්බන්ධ පරිභෝගික ගැටළු විසදීමේ යාන්ත්‍රණය සැකසීම පිළිබඳ සබරගමුව පළාත් මහජන උපදේශනය එදින පැවැත්විණි.

ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව, ලංකා විදුලි බල මණ්ඩලය, ලංකා විදුලි පෞද්ගලික සමාගම, ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය, පළාත් පාලන ආයතන හා මාර්ග සංවර්ධන අධිකාරිය එක්ව මෙම මහජන උපදේශන වැඩමුළුව ක්‍රියාත්මක කරයි.

කරාපිටිය රෝහලේ ළමා දැඩිසත්කාර ඒකකයේ මැස්‌සන් - අසල ඇති මුළුතැන්ගෙයි අපවිත්‍ර බව වෛද්‍යවරයෙක්‌ සෞඛ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල්ට පෙන්වා දෙයි

කරාපිටිය ශික්‌ෂණ රෝහලේ ළමා දැඩිසත්කාරක ඒකකයේ මැස්‌සන් පවා සිටින බවත් මේ නිසා ඒ ආසන්නයේ ඇති මුළුතැන්ගෙය පිරිසිදුව තබාගැනිමේ වැදගත්කම එම ඒකකයේ වෛද්‍යවරයකු විසින් සෞඛ්‍ය සේවා අධ්‍යක්‌ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා වෙත පෙන්වා දී ඇත.

ළමා දැඩිසත්කාරක ඒකකයේ ධාරිතාවය වැඩිකිරීමේ කටයුතු සොයාබැලීම සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්‌ෂ ජනරාල්වරයා විසින් කළ නිරීක්‌ෂණ චාරිකාවේදී වෛද්‍යවරයා මේ බව සඳහන් කළේය.

මාකඳුරේ මධූෂ්ගේ ගෝලයෙක්‌ එස්‌ටීඑෆ් ප්‍රතිප්‍රහාර හමුවේ මරුට

මාකඳුරේ මධුෂ්ගේ ප්‍රධානම ගෝලයකු බව කියන තිලක්‌ නමැත්තා පොලිස්‌ විශේෂ කාර්ය බළකාය මගින් ඊයේ (25 වැනිදා) සවස කඹුරුපිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමට යැමේදී දෙපාර්ශ්වය අතර ඇතිවූ වෙඩි හුවමාරුවකින් මියගොස්‌ ඇත.

තිලක්‌ නමැති අපරාධකරු ත්‍රිරෝද රථයක යමින් සිටියදී මග රැකවල්ලාගෙන සිටි පොලිස්‌ විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් ඔහු අත්අඩංගුවට ගැනීමට සූදානම් වෙද්දී ටී 56 ගිනි අවියකින් ඔවුන් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් වෙත ප්‍රහාරයක්‌ එල්ල කර තිබේ. ඒ අවස්‌ථාවේදී විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් එල්ල කළ ප්‍රතිප්‍රහාරවලින් තිලක්‌ නමැති අපරාධකරු බරපතළ තුවාල ලැබූ අතර ඔහු රෝහල්ගත කිරීමට රැගෙන යද්දී මියගොස්‌ ඇත.

දිවියා ඝාතනයේ සැකකරුවෝ 5ක්‌ අත්අඩංගුවට

කිලිනොච්චිය අම්බාකුලම් ගම්මානයේදී අමානුෂික ලෙස පහරදී දිවියකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් ප්‍රධාන සැකකරුවන් පස්‌දෙනකු ඊයේ (24දා) කිලිනොච්චිය පොලිsසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් පස්‌දෙනා අම්බාකුලම් ගම්මානයේ පදිංචිකරුවන් වන අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් එම ප්‍රදේශයේ පදිංචි තවත් 03 දෙනකු අත්අඩංගුවට ගැනීමට පොලිස්‌ කණ්‌ඩායම් දෙකක්‌ යොදවා ඇතැයි උසස්‌ පොලිස්‌ නිලධාරියෙක්‌  ඊයේ (24දා) පැවැසීය. 

කුමාර තිරිමාදුර අසරණයෙකුට පිහිට වෙන්න ගිහින් හෝමාගම පොලිසියේ ලැගපු හැටි

"වඳින්න ගිය දේවාලෙ ඉහේ කඩාගෙන වැටුණ" කියල බොහොම ප්‍රසිද්ධ කියමනක්‌ තියෙනවා. ඔන්න ඔය කියමන නැවත වතාවක්‌ සත්‍යයක්‌ බවට පත් කරමින් මේ ළඟදී දවසක අපිට ඉන්න දක්‍ෂ ජනප්‍රිය රංගන ශිල්පියෙකුට ලොකු අකරතැබ්බකට මුහුණ පාන්න සිද්ධ වෙලා.

ඔහු නමින් කුමාර, කුමාර තිරිමාදුර. සිංදු කියල නටල බොහොම විනෝදෙන් ඉන්න අපේ භාෂාවෙන් කියනවා නම් ෆන් පොරක්‌ තමයි කුමාර තිරිමාදුර කියන්නෙ. ඒ වගේම ඔහු බොහොම සංවේදී පුද්ගලයෙක්‌. සරසවි මෑණියන්ගෙ ඇල්ම බැල්ම ආකර්ෂණය හරියට ලබල වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම කලාකාරයෙක්‌ වෙච්ච අපේ මේ කතා නායකයට මේ කියන්න යන අලකලංචියට මුහුණ දෙන්න වෙන්නෙත් ඔහු තුළ තිබුණ ඒ සංවේදී උතුම් මානුෂීය ගුණාංග නිසාමයි.

මහවැලියේ ගහගෙන ගිය අරාබියේ අටක්‌ බේරාගත් මෙහෙයුම

විනෝද වීමට ගොස්‌ දියේ ගිලී මියගිය සිද්ධීන් පිළිබඳ වාර්තා අපි අනේක වාරයක්‌ අසා ඇත්තෙමු. ගිලී මිය යා නොදී දිවි බේරා ගැනීමට පිරිමින් පැමිණි බැවින් තමාව අල්ලන්න එපා යෑයි කෑ ගැසූ ගැහැනුන් පිළිබඳ ඔබ අසා තිබෙනවා ද? එවැනි පුවතක්‌ සැලවූයේ පසුගියදා මහනුවර ගන්නෝරුවෙනි. අවදානම් ස්‌ථානයක සුන්දර අත්දැකීමක්‌ අත්විඳීමට බෝට්‌ටුවකින් ගොස්‌ එය පෙරලී ජීවිතයත් මරණයක්‌ අතර සටනක්‌ කරමින් දිවි ගලවා ගැනීමට සෞදි සංචාරකයන් පිරිසක්‌ උත්සහ කරත්දී අප මෙතෙක්‌ අසා නොතිබූ මෙම අපූරු සිද්ධියට මුහුණ දුන්නේ ඔවුන් බේරා ගැනීමට උත්සහ කළ ගන්නෝරුවේම තරුණ පිරිසකි.