BREAKING NEWS
latest

728x90

468x60

යාපනේ 06 හැවිරිදි දරිය ඝාතනයේ සියල්ල හෙලිවෙයි

යාපනය සුලිපුරම් ප්‍රදේශයේදී ඝාතනයට ලක් වූ 06 හැවිරිදි පාසල් දැරියගේ ඝාතනයට සම්බන්ධ බවට සැකකෙරෙන ප්‍රධාන සැකකරු මල්ලාකම් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ඔහු ලබන ජූලි මස 11 වනදා දක්වා බන්ධනාගාර ගත කිරීමට මල්ලාකම් මහෙස්ත්‍රාත් ආශිර්වාදම් ග්‍රේෂියන් ඇලෙක්ස්රාජ් මහතා නියෝග කොට සිටියේය.

06 හැවිරිදි සිවනේශ්වරන් රෙජීනා දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් 06 දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගත් අතර ඉන් ප්‍රධාන සැකකරු වූ සුලිපුරම් කාසුකුලම්හි පදිංචි සිවකුමාර් සදීස්කුමාර් නැමත්තා මල්ලාකම් අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇති අතර සෙසු සැකකරුවන්ගේන් වැඩි දුර ප්‍රශ්න කිරීම සඳහා රඳවාගෙන ඇත.

06 හැවිරිදි ශිවනේස්වරන් රෙජීනා පාසල් ගොස් ආපසු නිවසට එමින් සිටියදී ඇගේ ගෙල සිරකොට ඝාතනය කර අසල ළිඳකට දමා තිබියදී දැරියගේ මළ සිරුර හමුවිය.

දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු දැඩි ලෙස මත්ද්‍රව්‍යට ඇබ්බැහි වූවෙකු වන අතරම මිය ගිය දැරියගේ පියා සමග ආරවුලක් තිබී ඇති බවටද තොරතුරු වාර්ථා වූ බවට පරික්ෂණ සිදු කරන වඩුක්කොඩෙයි පොලීසිය වැඩි දුරටත් කියා සිටියේය.

– වන්නි රොමේෂ් මධුෂංඛ
« PREV
NEXT »

Facebook Comments APPID