සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවති තෙවන ටෙස්ට් තරඟය කඩුලු 4කින් ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (26) සමත් වුණා .
ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 5ක් දැවී ලකුණු 81 රැස්කරගෙන සිටි අතර ජයග්‍රහණය සඳහා තවත් ලකුණු 63ක් අවශ්‍ය විය.
කෙසේ වෙතත් ශ්‍රී ලංකා ඉනිමට එකදු ලකුණක් හෝ එකතු වීමට පෙර ජේසන් හෝලඩර් ගේ පන්දුවක් හමුවේ කුසල් මෙන්ඩිස් දැවී ගියේය. පසුව පිටියට එක්වූයේ කුසල් පෙරේරායි.
ඔහු පෙරේදා (25) තරඟය අතරතුරදී අබාධයකට ලක්වී රෝහල් ගත කරද තිබුණි.නමුත් ඔහුගේ තත්වය බරපතළ නොවුණත් ඊයේ (26) පන්දුවට පහර දීමෙදී යම් අපහසුතාවකින් ක්‍රීඩා කරනුද දක්නට ලැබිණි.
කෙසේ වෙතත් කුසල් පෙරේරා සමගින් එක්වූ දිල්රුවන් පෙරේරා නොබිඳුනු ලකුණු 63ක පවත්වමින් ශ්‍රී ලංකා පිල ජයග්‍රහණය වෙත රැගෙන ගියේය.එහිදී කුසල් පෙරේරා පන්දු 43කදී නොදැවී ලකුණු 28ක් රැස් කලේය.
මෙම ජයග්‍රහණය වාර්තා පොත් අතරට එක්වූයේ බිජස්ටවුන්හි කෙන්සින්ටන් ඕවල් ක්‍රීඩාංගණයේ පැවති ටෙස්ට් තරඟයක් ආසියානු කණ්ඩායමක් ජය ලබාගත් පළමු අවස්ථාව ලෙසය
එමෙන්ම දිමුත් කරුනාරත්න,දිනේෂ් චන්දිමාල් හා ඇන්ජලෝ මැතිව්ස් යන ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් නොමැතිව ශ්‍රී ලංකාව ලබාගත් මෙම ජය සුවිශේෂි විය. කොදෙව් දෙවන ඉනිම ලකුණු 93කට සීමා කිරීමට ශ්‍රී ලංකා වේග පන්දු බල ඇණිය සමත්වීම මෙම ජයග්‍රහණය ලබා ගැනීමට බෙහෙවින් ඉවහල් වූ බව විචාරකයන් පවසා තිබිණි.එමෙන්ම දෙවන තරඟයේදී පන්දු පළුදු කිරීමේ සිදුවීමට ආදාළව පැය දෙකක පමණ කාලයක් පිටියෙන් ඉවත්වී නොසිටියේ නම් තරඟාවලියේද ජය ලබාගැනීමට අවස්ථාවක් තිබූ බව ඔවුන්ගේ මතය විය.
තරඟයේ විශේෂ අවස්ථා පහතින් නරඹන්න.