BREAKING NEWS
latest

728x90

468x60

මාකඳුරේ මධූෂ්ගේ ගෝලයෙක්‌ එස්‌ටීඑෆ් ප්‍රතිප්‍රහාර හමුවේ මරුට

මාකඳුරේ මධුෂ්ගේ ප්‍රධානම ගෝලයකු බව කියන තිලක්‌ නමැත්තා පොලිස්‌ විශේෂ කාර්ය බළකාය මගින් ඊයේ (25 වැනිදා) සවස කඹුරුපිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමට යැමේදී දෙපාර්ශ්වය අතර ඇතිවූ වෙඩි හුවමාරුවකින් මියගොස්‌ ඇත.

තිලක්‌ නමැති අපරාධකරු ත්‍රිරෝද රථයක යමින් සිටියදී මග රැකවල්ලාගෙන සිටි පොලිස්‌ විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් ඔහු අත්අඩංගුවට ගැනීමට සූදානම් වෙද්දී ටී 56 ගිනි අවියකින් ඔවුන් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් වෙත ප්‍රහාරයක්‌ එල්ල කර තිබේ. ඒ අවස්‌ථාවේදී විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් එල්ල කළ ප්‍රතිප්‍රහාරවලින් තිලක්‌ නමැති අපරාධකරු බරපතළ තුවාල ලැබූ අතර ඔහු රෝහල්ගත කිරීමට රැගෙන යද්දී මියගොස්‌ ඇත.

එම පාතාල ප්‍රබලයා සතුව තිබී ටී 56 ගිනි අවියක්‌ සහ ඊට යොදන උණ්‌ඩ තොගයක්‌ ද ඔහු ගමන් ගත් ත්‍රිරෝද රථය ද විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

දකුණු පළාතේ සිදුවූ මිනීමැරුම්, කොල්ලකෑම්, කප්පම් ගැනීම් ඇතුළු අපරාධ රැසකට සම්බන්ධ තිලක්‌ නමැත්තා මාකඳුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

අපරාධ කීපයක්‌ සම්බන්ධයෙන් බන්ධනාගාරගතව සිටි ඔහු ඇප මත මුදාහැර ඇත්තේ මීට මාස කීපයකට උඩදීය.

කිසියම් අපරාධයක්‌ කිරීම සඳහා ඔහු මෙලෙස ආයුධ රැගෙන ත්‍රිරෝද රථයක යමින් සිටින්නට ඇතැයි සැක කෙරේ. 

පොලිස්‌ විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්‌පති එම්. ආර්. ලතීෆ් මහතාගේ මෙහෙයවීමෙන් පොලිස්‌ විශේෂ කාර්ය බළකාය මෙම මෙහෙයුම ක්‍රියාත්මක කර ඇත.

හේමන්ත රන්දුණු
« PREV
NEXT »

Facebook Comments APPID