BREAKING NEWS
latest

728x90

468x60

විශාල මුදලක් ඉතිරි කරනළ ත්‍රිරෝද රථ සහ යතුරු පැදි වලට එන අලුත්ම පෙට්‍රල් වර්ගය ගැන මෙන්න

ත්‍රිරෝද රථ සහ යතුරු පැදි සඳහා නව පෙට්‍රල් වර්ගයක් හඳුන්වා දීමට ඉදිරියේදී කටයුතු කරන බවත්, එම පෙට්‍රල් අඩු මිලකට ලබා දිය හැකි නිසා යතුරු පැදි හා ත්‍රිරෝද රථ වලට සැලකිය යුතු වාසියක් අත්වන බවත්, ඛනිජ තෙල් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පසුගිය දිනෙක ප්‍රකාශ කළේය.

මෙරටට ආනයනය කරනු ලබන බොරතෙල් සපුගස්කන්ද පිරිපහදුවේදී අඩු ඔක්ටේන් අංකයක් යටතේ පෙට්‍රල් නිෂ්පාදනය කර මෙසේ ත්‍රිරෝද රථ සහ යතුරු පැදි සඳහා ලබා දීමට සැළසුම් කර තිබේ.

ත්‍රීරෝද රථ සහ යතුරු පැදි 99%ක්ම භාවිතා කරන්නේ ඔක්ටේන් 92 පෙට්‍රල් ඉන්ධන වර්ගයයි.

ලෝකයේ දැනට භාවිත ඔක්ටේන් 92 වන හා ඔක්ටේන් 95 ඉහළ ප්‍රමිතිගත පෙට්‍රල් විශේෂයක් ලෙසින් සලකනු ලබයි.

ලංකා ඛනිජ තෙල් සංස්ථාව විසින් හඳුන්වා දීමට යෝජිත මේ පෙට්‍රල් වර්ගය ආසන්න වශයෙන් ඔක්ටේන් 90 පමණ විය හැකි බව දැන ගන්නට ලැබේ.

ලෝකයේ දැනට ඔක්ටේන් 87ට වඩා ඉහළ ප්‍රමිතියෙන් යුක්ත පෙට්‍රල් පරිසර සංරක්ෂණ මෙන්ම වාහන සඳහා සුදුසු පෙට්‍රල් ලෙස නිර්දේශ කර තිබේ.

මේ සම්බන්ධයෙන් සිදු කරන ලද පළමු පර්යේෂණය ඉතාම සාර්ථක වී ඇති අතර, ත්‍රිරෝද රථ සහ යතුරු පැදි වලට යෙදීමේදී ඒවා නිසි පරිදි ක්‍රියාකාරීත්වයෙන් මෙන්ම මෙන්ම ධාවනයේදී උපරිම කාර්යක්ෂමතාවක් පෙන්නුම් කර තිබේ.

එසේම දහනයේදී ඉවතට යන අප ද්‍රව්‍ය කාබන් ඩයෝක්සයිඩ් ප්‍රතිශත ආදිය සම්බන්ධයෙන්ද සිදු කළ පරීක්ෂණයේදී හෙළිව ඇත්තේ දැනට එම වාහනවලින් පිටවන අපද්‍රව්‍යවලට වඩා වෙනත් අපද්‍රව්‍යයක් පිට නොවන බවයි.

මෙරටට ත්‍රි රෝද රථ සහ යතුරු පැදි ආනයනය කරනු ලබන සමාගම් සමඟ ඉදිරියේදී මෙම ඉන්ධන වර්ගය යෙදීම සම්බන්ධව සාකච්ඡා කිරීමටත්,අදාළ සමාගම් විසින් එම පෙට්‍රල් සම්බන්ධව සොයා බලා ඒවා වාහන සඳහා යෝග්‍ය සහ ගැළපෙන බව නිර්දේශ කිරීමෙන් පසු ඉදිරි පර්යේෂණ කටයුතු වැඩි කර මේ පෙට්‍රල් වර්ගය හඳුන්වා දීමට ඛනිජ තෙල් සංවර්ධන අමාත්‍යාංශය බලාපොරොත්තු වෙයි.

යෝජිත නව පෙට්‍රල් ඉන්ධන විශේෂය දෙපහර මෙන්ම සිවුපහර දහන එන්ජින් සඳහා කිසිදු අකාරයක ගැටලුවකින් තොරව භාවිත කළ හැකි බවත් සංස්ථාව පවසයි.

මින් ලැබෙන වාසිය පා‍රිභෝගිකයාට ලබා දීමටත්, එතෙරට ඇදී යන අති විශාල ඉන්ධන වියදමෙන් සැලකිය යුතු විදේශ විනිමයක් ඉතිරි කර ගැනීමට මෙන්ම, ලංකාවේ ආර්ථිකයට මෙය ඉහළ දායකත්වයක් සපයනු ඇතැයි ආමාත්‍යංශයේ බලාපොරාත්තුව වී ඇත.

මෝටර් රථ දෙපාර්තමේන්තු සංඛ්‍යා ලේඛන අනුව 2018 වසර ආරම්භයේදී මෙරට ධාවනය වන ත්‍රිරෝද රථ සංඛ්‍යාව 1 141 209ක් (එකොලොස් ලක්ෂ් හතලිස් එක් දහස් දෙසිය නවයක්) හා යතුරුපැදි සංඛ්‍යාව 4 075 719ක් ( හතළිස් ලක්ෂ හැත්තෑ පන්දහස් හත්සිය දහ නවයක්) වෙයි.
« PREV
NEXT »

Facebook Comments APPID