BREAKING NEWS
latest

728x90

header-ad

468x60

header-ad

කැසිනෝ ගහන්න කෝටි ගණන් වලින් රට වටේ රජ ගේම් ගහපු, මීගමුවේ හොර දොස්තර කොටුවේ

ව්‍යාජ සහතික මගින් මීගමුව ප්‍රදේශයේ දක්‍ෂ වෛද්‍යවරයකු ලෙස පෙනී සිට ධනවත් තරුණියක සමඟ වංචනිකව විවාහ වී පසුව කැසිනෝ සූදුවට යැම සඳහා විවිධ අවශ්‍යතා පෙන්වා පමුණුගම, කොළඹ, මීගමුව ඇතුළු ගම්පහ දිස්‌ත්‍රික්‌කයේ ධනවතුන්ගෙන් රුපියල් කෝටියකට අධික මුදලක්‌ වංචාකර සැඟවී සිටි ව්‍යාජ වෛද්‍යවරයකු කොළඹ කැසිනෝ සමාජ ශාලාවකදී කොටුකර ගැනීමට මීගමුව පොලීසිය පෙරේදා (27 දා) සමත් විය.

මූලික පොලිස්‌ විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ පමුණුගම වැලිකැටිය ප්‍රදේශයේ පදිංචි ජෝසප් සරණ ප්‍රදීප් (31) නමැති සැකකරු මීගමුව ප්‍රදේශයේ දක්‍ෂ වෛද්‍යවරයකු පෙනී සිට එම ප්‍රදේශයේ ප්‍රධාන බෙහෙත් ශාලාවක්‌ පවත්වාගෙන ගොස්‌ ඇත.

ඔහු එහිදී ව්‍යාජ සහතික ඉදිරිපත් කර වෛද්‍යවරයකු ලෙස පෙනී සිට ඇත.

පසුව සැකකරු වෛද්‍යවරයකු ලෙස රඟදක්‌වමින් එම ප්‍රදේශයේ 23 හැවිරිදි ධනවත් තරුණියක සහ විවාහ වී ඇත.

එම විවාහයෙන් සතියකට පසු සැකකරු තම බිරිඳගේ රන් අභරණ සහ වටිනා දැ සොරකම් කරගෙන පළාගොස්‌ ඇත.

සැකකරු හදිසියේ පළායැමට හේතුව පරීක්‍ෂා කිරීමේදී සැකකරු “කැසිනෝ” සූදුවට තදින් ඇබ්බැහි වූවකු බවත් ඔහු තම බිරිඳගේ රන් අභරණ විකුණා ලත් මුදල් සූදුවට වැයකිරීමට අමතරව විවිධ අවශ්‍යතා දක්‌වමින් පමුණුගම, කොළඹ, මීගමුව ඇතුළු ගම්පහ දිස්‌ත්‍රික්‌කයේ ධනවතුන්ගෙන් රුපියල් කෝටියකට අධික මුදලක්‌ ලබාගෙන වංචාකර ඇති බවත් අනාවරණය වී ඇත.
« PREV
NEXT »

Facebook Comments APPID

About Us

logo

fbtemplates in Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Nunc interdum metus vitae dui tempus ornare. Nulla facilisi. Vivamus id eros sit amet lorem condimentum ultrices. Phasellus imperdiet, magna at sodales dictum, nibh mauris tempor nulla, in consequat est purus eget.

Nulla facilisi. Vivamus id eros sit amet lorem condimentum ultrices. Phasellus imperdiet, magna at sodales dictum, nibh mauris tempor nulla, in consequat est purus eget.