BREAKING NEWS
latest

728x90

468x60

ලංකාවෙම සුපිරිම බඩු ටික එක තැනකදි හමුවෙන Auto Vision Motor Show මෙවරත්

3 වන වරටත් සංවිධානය කරන Auto Vision Motor Show 2018 ප්‍රදර්ශනය ඊයේ (25) ඇරඹ්නා. එය  අද සහ හෙට දිනයන් දෙක තුලදී කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ සිරිමාවෝ බණ්ඩාරනායක පරිශ්‍රයේදී පැවැත්වේ.ලොව මිල අධිකම වාහන වන Ferrari ,Lamborghini ,Austin Martin ,Bmw 7,Bently ,Meserati ,Gtr ,Audi ,I8,Mustang වාහන මෙන්ම ලංකාවේ ඉපැරණි මෝටර් රථ රැසක් දැක බලා ගැනීමට හැකියාව ඇත.

දෙමළ සන්ධානයේ ඉල්ලීමත් ප්‍රතික්ෂේප කරමින් රටම ආදරය කල විනිසුරු ඉලන්චේලියන් යාපනය මහාධිකරණ විනිසුරු ධූරයට සමුදෙයි.

ජාති ආගම් බේදයක් නැතුව මුළු ලංකාවේම ගෞරවයට පත්‍ර වුන කෙනෙක් තමයි යාපනය මහාධිකරණ විනිසුරු ඉලන්චේලියන් මහතා. එතුමා දුන්න නඩු තීන්දු මුළු රටේම කතා බහට ලක් වුණා.

එතුමා යාපනය මහාධිකරණ විනිසුරු ධූරයට සමු දීලා තියෙනවා. ඒ ත්‍රිකුණාමලයේ මහාධිකරණ විනිසුරු විදියට වැඩ බාර ගන්න. අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් තමයි මේ පත් කිරීම කරලා තියෙන්නේ. ලබන න් 8 වෙනිදා එතුමා ත්‍රිකුණාමලය මහාධිකරණයේ වැඩ බාර ගන්න නියමිතයි.

විනිසුරු ඉලන්චේලියන් මහතා විද්‍යා දැරියගේ ඝාතකයන්ට දුන්න නඩු තීන්දුව ලෝකයේම පැසසුමට ලක් වුණා. ඒ වගේම එතුමාගේ ආරක්ෂකයින්ට වෙඩි තිබ්බ මොහොතේ එතුමා සංවේදී වුන හැටි හැමෝගෙම නෙතට කඳුලක් එක් කරා.

ඉලන්චේලියන් මහතාගේ ස්ථාන මාරුව වෙනස් කරන්න දෙමළ ජාතික සංවිධානයේ මන්ත්‍රීවරු උත්සහා කරලා තියෙනවා. හැබැයි ඉලන්චේලියන් මහතා මාරුව වෙනස් කරන්න එපා කියලා ඉලල්ලා තියෙනවා.

මේ අතර ඉලන්චෙලියන් මහතාගේ ස්ථාන මාරුව අත්හිටුවීමට දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු ඇතුළු බොහෝ දෙනෙකු උත්සහ කර ඇතිමුත් එලෙස නොකරන ලෙසට විනිසුරුවරයා ඉල්ලා සිට ඇති බවටත් වාර්තාවෙයි.

සෝමාවතියට රන් වැටක්‌ පූජා කෙරේ

පොලොන්නරුව, ඓතිහාසික සෝමාවතිය පුදබිමේ බෝධීන් වහන්සේ වටා පහත මළුවේ අභිනවයෙන් ඉදිකරන ලද රන්වැට පූජා කිරිමේ පුණ්‍ය මහෝත්සවය පසුගියදා සිදු කෙරිණි.

ශ්‍රී දේවිගේ මරණය සැලසුම් කළ මිනීමැරුමක්‌ - විශ්‍රාමික සහකාර පොලිස්‌ අධිකාරි වෙඩ් භූෂාන් පවසයි

සුපිරි බොලිවුඩ් නිළි ශ්‍රී දේවිගේ මරණය සැලසුම් කළ එකක් බවට නවදිල්ලියේ විශ්‍රාමික සහකාර පොලිස් අධිකාරී වෙඩ් භූෂන් පවසනවා.

එමි­රේට්ස් ඩොලර් බිලි­යන 1.1ක ලාබ ලබයි

එමිරේට්ස් සමූහය විසින් 2018 වසරේ මාර්තු 31 වනදායින් අවසන් වන මූල්‍ය වසර තුළදී ඩිරාම් බිලියන 4.1 ක (ඇමරිකානු ඩොලර් බිලියන 1.1 ක) ලාභයක් ලබාගැනීමට සමත්ව ඇති අතර, මෙය පසුගිය මුදල් වසරට සාපේක්ෂව 67% ක වර්ධනයකි. මේ මුදල් වසරේ දී සමූහයේ ආදායම පසුගිය මුදල් වසරට සාපේක්ෂව 8% කින් ඩිරාම් බිලියන 102.4 ක් (ඇමරිකානු ඩොලර් බිලියන 27.9 ක්) දක්වා වර්ධනය වී තිබෙන අතර, සමූහයේ මුදල් ශේෂය 33% කින් වර්ධනය වී ඩිරාම් බිලියන 25.4 ක් (ඇමරිකානු ඩොලර් බිලියන 6.9 ක්) වී තිබේ. මේ වර්ධනය සඳහා පසුගිය මාර්තු මාසයේ දී සිදුකළ බැඳුම්කර නිකුත් කිරීම සහ මාර්තු මාසය අවසානයේ දී තිබූ නිවාඩු සමයේ ලැබූ ඉහළ අලෙවි ආදායම හේතුවී තිබේ.

දිස්ත්‍රික්ක 5කට රතු නිවේදන - මරණ 11යි: 105,352ක් පීඩාවට - ත්‍රිවිධ හමුදාව එස්ටීඑෆ් ක්ෂණික මෙහෙයුම්

මේ වන විට පවතින ආපදා තත්ත්වය නිසා පුද්ගල මරණ 11ක් දක්වා වැඩිවි ඇති අතර දිස්ත්‍රික් 14ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස110ක පවුල් 18542 පුද්ගලයින් 105,352ක් පීඩාවට පත් වී ඇති බවද පූර්ණහානි වූ නිවාස 29ක්ද, අර්ධ හානි වූ නිවාස 2527ක් වාර්තා වන බව ද ඊයේ(23) ආපදා කළමණාකර න ම්‍යස්ථානයේදී පැවැති මාධ්‍ය හමුවේදී සඳහන් විණි. නාය යාමේ අවදානම සහ ජල ගැලිම් හේතුවෙන් පිඩාවට පත්ව සිටින ජනතාව දැනට දිස්ත්‍රික් දහයක සුරක්ෂිත මධ්‍යස්ථාන 214 ක පවුල් 11445කට අයත් පුද්ගලයින් 43368ක් රඳවා තිබෙන බවද මෙහිදී පැවැසීය.


නායයාම් පිළිබඳව අදහස් දක්වමින් ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ ගාමිණී ජයතිස්ස මහතා ප්‍රකාශ කළේ පවතින වැසි තත්ත්වය සලකා බලමින් දිස්ත්‍රික්ක 05ක් සඳහා රතු නිවේදන නිකුත් කළ බවයි. ඒ අනුව රත්නපුර දිස්ත්‍රික්කය(රත්නපුර, ඇළපාත, කුරුවිට සහ ඇහැලියගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ), කෑගල්ල දිස්ත්‍රික්කය( බුලත්කොහුපිටිය,දෙහිඕවිට, දැරණියගල, රුවන්වැල්ල, අරණායක සහ මාවනැල්ල ප්‍රා දේශිය ලේකම් කොට්ඨාශ)නුවරඑළිය දිස්ත්‍රික්කය(අඹගමුව, කොත්මලේ සහ නුවරඑළිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ) කලුතර දිස්ත්‍රකික්කයේ( පාලින්ද නුවර. අඟලවත්ත, බුලත්සිංහල, ඉංගිරිය සහ වලල්ලාවිට ප්‍රදේශීය ලේකම් කොට්ඨාශ) ගාල්ල දිස්ත්‍රිතක්කයේ( ඇල්පිටිය, ගාල්ල කඩවත් සතර, නාගොඩ, නෙලුව, තවලම ප්‍රාද්ශීය ලේකම් කොට්ඨාශ )වලට රතු නිවේදනය නිකුත් කර ඇත. අනෙකුත් දිස්ත්‍රික්කවලට පෙර පැවැති අනතුරු ඇඟවීම් එසේම පවතින බවද ගාමිණී ජයතිස්ස මහතා කීය.

සිය බිරිදගේ හත් දවසේ දානයට ලද භාන්ඩ ගංවතුරෙන් පීඩාවට පත් අය වෙනුවෙන් පූජා කල පියාණන්ගේ සංවේදී කතාව

සිය බිරිඳගේ හත් දවසේ දානය වෙනුවෙන් ලද වියලි ආහාර ද්‍රව්‍ය අයහපත් කාළගුණයෙන් පීඩාවට පත්ව සිටින ජනතාව වෙත බෙදාදීම සඳහා සිරස - ශක්ති සහන යාත්‍රාවට ගෙනවිත් භාරදුන් ආදර්ශමත් පියෙකුගේ සංවේදී කතාවක් සමාජජාල තුල මේ වනවිට වේගයෙන් සංසරණය වෙමින් තිබේ. 

විල්පත්තු මායිමෙන් විජය-කුවේණි කතාවේ අබිරහස මතුවෙයිද?

විජය - කුවේණි හමුවූ පෙදෙස පුත්තලමින් දකුණට වූවකි. එහෙත් තම්මැන්නාවල, කුවේණි මාලිගය යන ස්ථාන දෙක පිහිටියේ ඊට බොහෝ අෑතිනි. එය විල්පත්තු අභයභූමියේ වර්තමාන ප්‍රවේශ මාර්ගයට තරමක් දුරින් පිහිටියකි. එය පිළිබඳ එන ජන කතාවේ කුවේණිය සමඟ සම්බන්ධ ස්ථානයක් බව කියැවේ. කුවේණිය මෙහි සිටි බවත් ඇය දිය නෑ වළ (වැව) මෙහි වූ බවත් කියැවේ. මේ ප්‍රවාද ඉවතලිය නොහැකිය.

තම්මැන්නාවල හා කුවේණි මාලිගය කුවේණියට සම්බන්ධ කිරීමට ජනප්‍රවාදය හැර වෙනත් යම් සාධකයක් නැත. එහෙත් මේ ස්ථාන දෙකේ බෞද්ධ ආරාම දෙකක නටබුන් තිබේ. එක් තැනක ගරා වැටුණු විශාල ස්තූපයක ගැඹුරු වළක් හාරා නිධාන සෙවීම නිසා එය හානියට පත්වී තිබේ. වළේ අවසානය දක්වාම ඉවුරු තුළ සෑයේ ගඩොලු තට්ටු දක්නට ලැබේ. ඒවා අනුරාධපුර යුගයේ මුල් භාගයට අයත් බව පෙනේ. ස්තූපයේ වළේ හා අවට පැරැණි ගල් කණු රැසක් දක්නට ලැබේ. ඒවායේ නිර්මාණ ලක්ෂණ නැත. චාම්ය. විවිධ උසින් යුක්තය. මේවා කිසියම් ගොඩනැඟිලි කිහිපයකට අයත් වූ ඒවා බව පෙනේ. එසේම ඒ අසල උස් ගල්කණු ගොඩනැඟිලි දෙකක් වේ. ඒවා කුවේණි මාලිගාවට අයත් ලෙස ජනප්‍රවාදය දක්වයි.

ලංකාවේ ළදරුවන් 11,000ක්‌ යුරෝපයට විකුණලාලු

ශ්‍රී ලංකාවේ ළදරුවන් සොරාගෙන යුරෝපා රටවලට අලෙවි කිරීමේ විශාල ජාවාරමක්‌ ගැන ස්‌විස්‌ ෙµඩරල් අධිකරණය පරීක්‌ෂණ අරඹා ඇත.

ළදරුවන් අලෙවි කිරීමේ ජාවාරම ගැන ස්‌විස්‌ එස්‌. එ. ආර්. රූපවාහිනි සේවාව විසින් හෙළි කර තිබිණි.

දරුවන්ට චෝදනා නො කරනු

පාසල් ළමයින්ගේ විනය පිරිහී ඇති බවට විශාල චෝදනාවක්‌ මතුවෙමින් පවතී. රටේම විනය පිරිහී ඇති පසුබිමක දරුවන් ගැන කුමන කතාවක්‌ද? දෙමාපියන්ට තම දරුවන් තරම් උතුම් වස්‌තුවක්‌ තවත් නැත. දරුවන් හැදුම වැඩුම මෙන්ම යහපත් පුරවැසියකු බවට පත්කිරීම දෙමව්පියන් සතු වගකීමකි.

මේ වගකීම කලක්‌ තිස්‌සේ පැහැර හැර ඇති නිසා ශ්‍රී ලාංකික සමාජ සංස්‌ථාව පිරිහී යන්නේ ෙ€දජනක අන්දමටය. කකුළුවා ඇදේට ගමන් කරමින් උන්ගේ පැටවුන්ට කෙළින් වරෙල්ලා යයි කීම වැනි කතාවකි දෙමාපියන් හා වැඩිහිටියන් නොපනත්කම් කරමින් වැරැදි ලෙසට හැසිරෙමින් තම දූ පුතුන්ට හොඳට හැදියල්ලා කීම.

බස් ගාස්තු වෙනස්වෙන්නෙ මෙන්න මෙහෙමයි

බස් ගාස්තු සියයට 12යි දශම 5කින් ඉහළ නැංවීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.


එමෙන්ම අවම බස් ගාස්තුව රුපියල් 12ක් දක්වා ඉහළ නැවීමට ද අනුමැතිය හිමිව ඇති බව සඳහන් වෙයි.

අද(22) මධ්‍යම රාත්‍රියේ සිට මෙම ගාස්තු සංශෝධනය ක්‍රියාත්මක වීමට නියමිතයි.

අද පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමට මෙම යෝජනාව ඉදිරිපත් වූ අතර එහිදී ඊට අනුමැතිය හිමිවූ බව අමාත්‍ය මණ්ඩල රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේය.

එවරස්ට් කන්ද තරණය කල ජොහාන් පීරිස්

සාර්ථකව එවරස්ට් කන්ද තරණය කළ දෙවැනි ශ්‍රී ලාංකිකයා බවට පත්වීමට ජොහාන් පීරිස්ට හැකිවී තිබෙනවා.
2016 වසරේදී ජයන්ති කුරුඋතුම්පල සමග එවරස්ට් කදු මුදුන පෙනෙන මානය තෙක් ජොහාන් ගමන් කළද මීටර් 446 ක් පහළින් සිය ගමන නතර කිරීමට සිදුවුණා. එලෙස ජොහාන්ට නතරවීමට සිදුවුණේ කඳුමුදුනට ළඟාවීමට තරම් ඔක්සිජන් නොමැතිවීම හේතුවෙන්.

ඔබේ ස්‌වාමි පුරුෂයාට හොඳම මිතුරියක්‌ සිටී නම්? එයත් මෙහෙමද?

විවාහ වී වසර විසි එකක්‌ වන බිරිඳක්‌ ඇගේ අත්දැකීම් මෙලෙස පළ කරයි. ගැහැණුන් හා පිරිමින් හොඳම යහළුවන් ලෙස පමණක්‌ ඇසුරු කළ හැකිද? සහතිකෙන්ම, කිසිම ගැහැණියක්‌ තම ස්‌වාමියාට හොඳම යෙහෙළියක්‌ සිටිනවාට කැමති නැත. එවැනි මිතුරියක්‌ ඇසුරු කිරීම පසු කලෙක මිතුරිය බිරිඳ වී බිරිඳ තනිකඩ වීමෙන් කෙලවර විය හැකිය. නමුත් මයික්‌ ගේල් (Mike Gayle), ඔහුගේ බිරිඳ ක්‌ලෙයා (Claire) සහ දාහත්වැනි වියේ පටන් මයික්‌ගේ ලඟම හිතවතිය ජැකී (Jackie) එය සැබෑවක්‌ නොවන බව පවසයි. මේ තුන්කොන් සහ - සම්බන්ධතාවයේ කතාව ඔවුන්ගේ වචන වලින්ම ප්‍රසිද්ධ මාධ්‍යයට ප්‍රකාශ කොට තිබුණි. මයික්‌ ගේල් හතලිස්‌ හත් වියෑති වන අතර ක්‌ලෙයා හතලිස්‌ පස්‌ හැවිරිදිය. ඔවුන් විවාහ වී මේවන විට විසි එක්‌ වසරක්‌ ගෙවී අවසන්ය. ඔවුන් බර්මිංහැම් (Birmingham) වල දිවි ගෙවන අතර පහළොස්‌ හැවිරිදි දුවක්‌ හා එකොලොස්‌ හැවිරිදි දුවක්‌ද සිටිති. මයික්‌ගේ බිරිඳ ක්‌ලෙයා මෙසේ පවන්නීය. 

මහ වැස්සෙන් දිස්ත්‍රික් 12ක පුද්ගලයන් 20000ක් පීඩාවට - මරණ 08යි

ඇති වී තිබෙන ආපදා තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික් දොළහක පුද්ගලයන් 20000ක් පීඩාවට පත් වී ඇති බවත් පුද්ගල මරණ 08ක් සිදුවී ඇති බවත් ආපදා කළමණාකරන මධ්‍යස්ථානය සඳහන් කරයි.

පසුගිය 17 දින සිට අනුරාධපුර, මුලතිව්, ත්‍රිකුණාමලය, මහනුවර, නුවරඑළිය, බදුල්ල, කෑගල්ල, රත්නපුර, ගාල්ල, කලුතර, කුරුණෑගල, පුත්තලම දිස්ත්‍රික්කයන්හි ජනතාව මෙසේ ගංවතුර, ඉවුරු කඩා වැටීම, අකුණු ගැසීම් හේතුවෙන් පීඩාවට පත් වී ඇති අතර තුවාල වු පුද්ගලයන් සංඛ්‍යාව තිදෙනෙකි. පූර්ණ හානි වූ නිවාස තුනක් බවද, අර්ධ හානි වූ නිවාස 633 බවද ආපදා කළමණාකරන මධ්‍යස්ථානය සඳහන් කරයි. ආරක්ෂිත ස්ථානයන 30කට පුද්ගලයන් 10000කට වැඩි පිරිසක් යොමුකර තිබෙන බවද ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.

දරුවන්ගේ කකුල් බකල් වීම ගැන ඔබ දැනුවත්ද?

මෙවැනි තත්ත්වයන්ගෙන් පෙළෙන දරුවන් සඳහා පාපන්දුවකට පයින් ගැසීමට සැලැස්‌වීමද සුදුසු ප්‍රතිකර්මයක්‌ වේ


ට්‍රයිසිකල් පැදවීමට යොමුකිරීම, තරප්පු නැගීම ආදියද මෙහිදී සිදුකළ හැකි තවත් ව්‍යායාම කිහිපයක
දරුවා රාත්‍රියේ නිදාගත් අවස්‌ථාවේ පතුරු තබා බැඳීම සිදුකළ හැකි අතර මෙය පැය 5ක්‌ 6ක්‌ පමණ යෙදීම කළ යුතුය. එහිදී තදින් බැඳීම නොකළ යුතුය

කුඩා දරුවන්ට ඇතිවන විකෘතිතා අතර බහුල ලෙස දැකිය හැකි රෝගී තත්ත්වයක්‌ වශයෙන් කකුල් බකල් වීම හැඳින්විය හැකිය. වෛද්‍ය විද්‍යාත්මකව මෙම රෝගී තත්ත්වය, ජිනු වේරම් (genu varum) ලෙස හැඳින්වේ. කුඩා දරුවන්ට ඇතිවිය හැකි මෙම රෝග තත්ත්වය පිළිබඳව මෙන්ම ඒ සඳහා සිදුකළ හැකි භෞතචිකිත්සක ප්‍රතිකාර ක්‍රම පිළිබඳව දැනුවත් වීම වැදගත්ය.

යට ඇඳුම් අස්‌සේ කුඩු ගෙනගිය කාන්තාවෝ දෙදෙනා කටුවැල්ලේගමදී කොටුවේ

මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීමේ චෝදනා ලබා සැමියන් රිමාන්ඩ් භාරයේ පසුවෙද්දී එම ජාවාරම තවදුරටත් ගෙන යැම සඳහා ඉදිරිපත්වූ තරුණ බිරියන් දෙදෙනකු රුපියල් දෙලක්‍ෂයක්‌ පමණ වටිනා හෙරොයින් තොගයක්‌ සමග අත්අඩංගුවට ගැනීමට මීගමුව පොලිසියේ දූෂණ මර්දන අංශයේ ස්‌ථානාධිපති උ.පො.ප. ප්‍රදීප් චාමර මහතා සමත්විය.

සුගතදාස ධාවන පථයේ හිලක්‌ ගැන ලොකු කතාවක්‌ හැදිලලු

දුවන්න පනින්න තැනක්‌ නැතිව මෙරට මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් පසුගියදා ඉබාගාතේ යන්නාක්‌ මෙන් නන්නත්තාර විය. ශ්‍රී ලංකාවේ අංක එකේ ධාවන පථය වන සුගතදාස ක්‍රීඩාංගණයේ ධාවන පථයට කණකොකා හැඩීමත් සමග මෙරට ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ක්‍රීඩා කෞෂල්‍යයටද හෙනහුරා පාත්විය. නමුත් දැන් තවත් අලකලංචියක්‌ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ඔළුවට වැටී තිබේ. ඒ අලුතින් ඉදිකල ධාවන පථයේ හිල් ඇති බවයි.

ප්‍රමිතිය සහ නියමිත සැලසුම්වලට අනුව කරන ඕනෑම රාජකාරියක හිල් තිබිය නොහැක. එසේ හිල් තිබෙන්නේ නම් ඒ ගැන හරි තීන්දුවක්‌ ගැනීමට අධිකරණයට යැම අදාළ බලධාරීන්ගේ වගකීමයි. නමුත් සුගතදාස ධාවන පථය තවමත් සුගතදාස අධිකාරියට නිල වශයෙන් භාර දී නැත. ඉන් කියවෙන්නේ එහි වැඩකටයුතු අවසන් නොමැති බවයි. එවිට ඔය කියන හිල් මතුවීම සාමාන්‍ය දෙයකි. නමුත් මීට පෙර පැවැති ධාවන පථය මෙන් හිල් වී පැලී ඉරිතලා ගියහොත් අදාළ වගකීම පැහැර හැරිය සියල්ලෝම මෙරට ක්‍රීඩාවේ නාමයෙන් දඩුකඳේ ගැසිය යුතුය.