BREAKING NEWS
latest

728x90

468x60

බස් ගාස්තු වෙනස්වෙන්නෙ මෙන්න මෙහෙමයි

බස් ගාස්තු සියයට 12යි දශම 5කින් ඉහළ නැංවීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.


එමෙන්ම අවම බස් ගාස්තුව රුපියල් 12ක් දක්වා ඉහළ නැවීමට ද අනුමැතිය හිමිව ඇති බව සඳහන් වෙයි.

අද(22) මධ්‍යම රාත්‍රියේ සිට මෙම ගාස්තු සංශෝධනය ක්‍රියාත්මක වීමට නියමිතයි.

අද පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමට මෙම යෝජනාව ඉදිරිපත් වූ අතර එහිදී ඊට අනුමැතිය හිමිවූ බව අමාත්‍ය මණ්ඩල රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේය.


මේ අතර ලංකා ගමනා මගන මණ්ඩලය හා පෞද්ගලික බස් රථ සඳහා ක්‍රියාත්මක වන නව ගාස්තු සංශෝධන ඇතුළත් නිවේදනය අද ජාතික ගමනා ගමන කොමිසම් සභාව විසින් අද ප්‍රකාශයට පත් කළේය.

ඒ අනුව අධිවේගී මාර්ගවල ගාස්තු ද සංශෝධනය වී ඇති අතර අධිවේගී මාර්ගයේ මහරගම - ගාල්ල අතර ගාස්තුව රුපියල් 450ක් වෙයි.

මහරගම - මාතර රුපියල් 560ක්, කඩුවෙල - මාතර රුපියල් 580ක්, කොළඹ - තංගල්ල රුපියල් 740ක්, කොළඹ - හක්මන රුපියල් 580ක්, කොළඹ - වීරකැටිය රුපියල් 770ක්, කොළඹ - කතරගම රුපියල් 1013ක්, කොළඹ - දෙනියාය රුපියල් 750ක්, කොළඹ - මාතර රුපියල් 600ක්, කොළඹ - ඇඹිලිපිටිය රුලපියල් 900ක් ලෙස නව ගාස්තු සංශෝධනය වන බව ජාතික ගමනා නගම කොමිසම් සභාව සඳහන් කළේය.

මීට අමතරව කඩවත - ගාල්ල රුපියල් 490ක්, කඩවත - මාතර රුපියල් 600ක්, කඩුවෙල - ගාල්ල රුපියල් 470ක් ලෙස නව ගාස්තු සංශෝධනය සිදු කර තිබේ.

සියලුම සංශෝධිත බස් ගාස්තු පහලින් දැක්වෙයි.


« PREV
NEXT »

Facebook Comments APPID