BREAKING NEWS
latest

728x90

468x60

නෑ,සුරංග,නුවන් හොදනම් මට කමක් නෑ – ලසිත් මාලිංග : Lasith Malinga

ශ‍්‍රි ලංකාවෙන් බිහිවූ සුපිරි වේග පන්දු යවන්නකු වන ලසිත් මාලිංග විදෙස් වෙබ් අඩවියක් සමග කළ සාකච්ජාව..

ඔබ දේශිය විස්සයි විස්ස තරගාවලියේ හොදින් පන්දු යැව්වා..ඔබ හිතනවද නැවතත් ඔබ සුපුරුදු රිද්මට පැමිණියා කියලා..

2017 දී මාව කණ්ඩායමෙන් අයින් කරන්න පෙර මම තමයි ලංකාව වෙනුවෙන් වැඩිම කඩුලු දවාගෙන හිටියේ.ඔවුන් හදිස්සියේම මාව කණ්ඩායමේ අයින් කලා..මම දන්නේ නෑ ඒ ඇයි කියලා..කණ්ඩායමෙන් ඉවත් කලාට පස්සේ මම දේශීය විස්සයි විස්ස තරගාවලියේ වැඩිම කඩුලු ලාභියා වුනා..ඒත් නැවතත් මාව කණ්ඩායමන් විසිවුනා..දැන් පළමුපෙළ පන්දුවාර 50 තරගාවලිය ක‍්‍රිඩා කරමින් ඉන්නේ.

තම දියණිය කෙළසන්න කාමාතුරයන් පිරිසකට අනුබල දුන් මවක් අත්අඩංගුවට

13 හැවිරිදි දියණියක් ලිංගික අපයෝජනයට ලක් කළ පුද්ගලයින් 05 දෙනෙකු ජාතික ළමා ආරක්ෂක අධිකරියේ විශේෂ පොලිස් විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.


ඊට අමතරව ඒ සඳහා ආධාර අනුබලදුන් ඇයගේ මව සහ මිත්තණිය ද සැකපිට අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

ශ්‍රී දේවිගේ සමුගැනීමත් සමග සරාගී දියණිය කරපු වැඩක් එලියට

බොලිවුඩ් සිනමාවේ ආදරණීය තරුව වන ශ්‍රී දේවිගේ වියෝව පිළිබඳව ඇති උණුසුම තවමත් අඩු වී නොමැති බවයි ඉන්දියානු මාධ්‍ය අනාවරණය කරන්නේ.

විවිධ හේතු කාරණා ඉදිරිපත් වෙමින් ශ්‍රී දේවිගේ මරණය පිළිබඳව ගැටලු රැසක් මේ වන විට මාධ්‍ය වාර්තා කරනවා.

ශ්‍රී දේවිගේ මරණයත් සමග ජාන්වි පිළිබඳව බොහෝ මාධ්‍ය අවධානයෙන් පසුවන බවයි සඳහන් වන්නේ.

ලංකාවේ දුවන්නේ ලොරි බස් – ධම්මික පෙරේරා කියන කතාව

ශ්‍රී ලංකාවේ ධාවනය වන මගී බස් රථ සියල්ලම, ලොරි චැසියට සවි කළ බස් රථ බව ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා පවසයි. පසුගිය දා කොළඹ දී කරන ලද සිය දේශනයක් අවසානයේ දී ප්‍රේක්ෂක පැනයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව කියා සිටියේය.

MR.Bean පළමු විවාහයට සමුදෙයි

මිස්ටර් බීන් චරිතය නිසා ලෝකයේම අවධානය දිනාගත් බ්‍රිතාන්‍ය ජාතික නළු ඇට්කින්ස්ටන් සිය පළමු විවාහ දිවියට සමුදී තිබෙනවා.

ඒ දික්කසාදය පිළිබද වසර කිහිපයක් තිස්සේ පැවති ගැටලුකාරී තත්වයන් පසුගිය සතියේ අවසන් වීමත් සමගයි.

පවුම් මිලියන 10 ක මහා මන්දිරයක් ඇතුළු වන්දියක් ඔහුගේ බිරිය හා දරු දෙදෙනා දීමෙන් අනතුරුව ඔහුට සිය දික්කසාදය ලැබී තිබෙනවා.

කාසියේ වාසියේ මොන පැත්ත ගියත් අපි ලෑස්තියි - පුහුණුකරු හතුරුසිංහ අද පැවැත්වෙන තීරණාත්මක තරගය ගැන කියන කතාව

නිදහස්‌ කුසලාන විස්‌සයි විස්‌ස ක්‍රිකට්‌ තරගාවලියේ අවසන් මහා තරගයේදී ඉන්දියානුවන්ගේ ප්‍රතිවාදියා කවුරුන්ද තීරණය කරන තීරණාත්මක තරගයට ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශ අද (16 දා) ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී සහභාගි වේ. අවසන් පූර්ව තරගයක වෙස්‌ගෙන ඇති මෙම තරගයේ ජයග්‍රහණයට දෙපිලම ඊයේ (15 දා) ප්‍රේමදාස පිටියේදී ඉතාමත් උනන්දුවෙන් පුහුණුවීම්වල නිරත විය.

මේ තරගාවලියේදී කාසියේ වාසිය තීරනාත්මක සාධකයක් දැයි මාධ්‍යවේදීන් අද පැවති මාධ්‍ය හමුවේදී ශ්‍රී ලංකා පුහුණුකරු චන්දික හතුරුසිංහගෙන් ප්‍රශ්න කළා. ඔහු ඊට ලබාදුන්නේ මෙවැනි පිළිතුරක්.

"කාසියේ වාසිය වැදගත් කියලා මම හිතන්නේ නෑ. ඊයේ තරගය බලන්න කාසියේ වාසිය දිනලා පස්සේ බැට් කරලා තරගය පැරදුනා. කාසියේ වාසිය දිනුවත් නැතත් කොහමද තරග වදින්නේ කියන සැලැස්ම අපි ලග තියනවා. මට හෙට තරගය සම්බන්දයෙන් කිසිදු පීඩනයක් නෑ. මම දන්නේ නෑ පීඩනය කියන්නේ මොකක්ද කියලා. හෙට තරගය අපිට තවත් තරගයක් විතරයි."

Facebook සඳහා පනවා තිබු තහනම ඉවතට

Facebook සමාජ ජාලය සඳහා පනවා තිබු තාවකාලික තහනම ඉවත් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා උපදෙස් ලබාදී තිබේ.

ස්ටීවන් හෝකින් ජීවිතයෙන් සමුගනී - Stephen Hawking

ලොව මෙතෙක් පහළ වූ ප්‍රමුඛතම භෞතික විද්‍යාඥකු වූ බ්‍රිතාන්‍ය ජාතිකයෙක ස්ටීවන් හෝකින් එංගලන්තයේ කේම්බ්‍රිජ් හිදී අභාවප්‍රාප්ත විය.මෙතෙක් ලොව විද්‍යාඥයන්ගේ අනාවරණයන්ට ලක් නොවූ කළු කුහර (Black Holes) සහ සාපේක්ෂතා වාදය පිළිබඳව ලොව විස්මිත සොයාගැනීම් කිහිපයක් සිදු කළ ඔහු මිය යන විට 76 වෙනි වියෙහි පසුවිය.

අල්ලස්‌ දෙන්න පැමිණි දේශපාලකයා කූඩුවේ දැමූ හම්බෙගමුව පොලිස්‌ ස්‌ථානාධිපතිට මාරුවක්‌

රුපියල් විසිපන්දහසක අල්ලස්‌ මුදලක්‌ ලබාදීමට පැමිණි දේශපාලනඥයකු අත්අඩංගුවට ගෙන පොලිස්‌ දෙපාර්තමේන්තුවට කීර්තියක්‌ ගෙන ආ හම්බෙගමුව පොලිස්‌ ස්‌ථානාධිපති ප්‍රේමලාල් සිල්වා මහතා ඇල්පිටිය මූලස්‌ථාන පොලිසිය වෙත මාරු කර යවා ඇත.

පොලිස්‌ දෙපාර්තමේන්තුවේ කීර්ති නාමය ආරක්‌ෂා කරගෙන තම රාජකාරිය අකුරට ඉෂ්ට කළ මෙම නිලධාරියා මාරු කර යෑවීම පිළිබඳව හම්බෙගමුව ජනතාව විමතිය පළ කර සිටිති. 

හිටිගමන් මතුවී පෙනී නොපෙනී යන අබිරහස් නෞකා ගැන ඔබ අසා තිබේද? පෙනී නොපෙනී යන අබිරහස් නෞකා රැසක්

අෑත දියඹේ පෙනී නොපෙනී යන අබිරහස් නෞකා ගැන ඔබ අසා තිබේද? මීදුම් අතරෙන් එක්වරම මතු වී ස්වල්ප මොහොතකට පසු අතුරුදන් වන එවැනි නෞකා ගැන ඉතිහාසයේ පටන් මේ දක්වාම නාවිකයන්ගෙන් තොරතුරු ලැබේ. එවැනි නෞකා ඇසින් දුටු නාවිකයන් පවසා සිටින්නේ එම නැව් සැබෑ නෞකා ලෙසින්ම දිස් වූ බවයි. නමුත් ඒ සියල්ලන් පුදුමයට පත් කරමින් එම නෞකා එකවරම අතුරුදන් වී ඇත. මෙහි ඇති අබිරහස් බව හේතු කොට ගෙන එම නෞකා 'භූත නැව්' ලෙස හැඳින්වීමට නාවිකයෝ පෙලැඹී සිටිති. සාමාන්‍ය ජනයා අතර එතරම් ප්‍රචලිතව නැතත් නාවික ප්‍රජාව අතර මේ 'භූත නැව්' ජනප්‍රිය මාතෘකාවක් බවට පත්වී හමාරය.

කූඹියෝ මල්දෙණියට Office එකෙන් දුන්න සප්‍රයිස් එක

ස්වාධීන රූපවාහිනියේ විකාශය වන කූඹියෝ ටෙලි නාට්‍යයේ විපක්ෂ නායක ඩඩ්ලි මල්දෙණිය ලෙස රඟන
ප්‍රවීණ රංගන ශිල්පි පීටර් ද අල්මේදාගේ උපන්දිනය වෙනුවෙන් ඔහු සේවය කරන ආයතනය පුදුම කරවන උපන්දින සාදයක් සූදානම් කර තිබී එහි ඡායාරූප සමාජ ජාල වෙත නිකුත් කර තිබුණි.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හදන්න බාසිලෝනා කණ්ඩායමෙන් කෝටියකට වැඩිය වටින අමුතු ගැජට් එකක්

මෙවර නිදහස් කුසලාන තරගාවලියේ සිට ක්‍රීඩකයන්ගේ ශාරීරික යෝග්‍යතාව පෙන්නුම්කරන ‘GPS’ උපරකරණයක් පැළඳ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් ක්‍රීඩා කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.

මේ තරගාවලිය ඉලක්ක කරගනිමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ දුර්වලතා හදුනා ගැනීම සදහා පරිඝනක මෘදුකාංගයක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මිලදී ගෙන ඇති අතර එම මෘදුකාංගය ස්පාඤ්ඤයේ බාසිලෝනා පාපන්දු කණ්ඩායම භාවිතා කල මෘදුකාංගයක් බවයි වාර්තා වන්නේ.

එය ක්‍රිකට් ක්‍රීඩාවට ගැලපෙන පරදී වෙනස් කර ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින්ගේ දුර්වලතා හදුනා ගැනීමට බලාපොරාත්තු වන බවයි ක්‍රිකට් ආයතනය පවසන්නේ.

ශාරුක්ගේ සුරූපී දියණිය සුහානාගේ පෙම්වතා මෙන්න - වීඩියෝ : Suhana Khan

සුපිරි බොලිවුඩ් නළු ශාරුක් ඛාන්ගේ දියණිය සුහානා ඛාන් ගැන බොහෝ දෙනා කතාබහ කරනවා.


ඉතාමත් රපමත් වූ ඇය මේ වනවිට පෙම්වතියක් කයලයි බොලිවුඩයෙන් වාර්තා වෙන්නේ. ඒ ඇය පුංචි කාලයේ සිටිම ඇසුරු කළ මිතුරකු වූ අහාන් පාන්ඩේ සමගින්.

පිරිමියෙකු ලෙස උපත ලබා රූමත් තරුණියක් වූ ‘යාරා’ මනාලියක් වෙයි - PHOTOS

පිරිමියෙකු ලෙස උපත ලබා රූමත් තරුණියක් වූ ‘යාරා’ නමැති තරුණිය සම්බන්ධයෙන් බොහෝ දෙනෙක් විශේෂ උනන්දුවක් දක්වනවා.

රමිත් රඹුක්වැල්ලගේ රියැදුරු බලපත්‍රය තාවකාලිකව තහනම්කරයි

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට්‌ කණ්‌ඩායම නියෝජනය කළ ක්‍රිකට්‌ ක්‍රීඩක රමිත් රඹුක්‌වැල්ල මහතාගේ රියදුරු බලපත්‍රය තාවකාලිකව අත්හිටුවීමට කොළඹ අතිරේක මහෙස්‌ත්‍රාත් චන්දන කලංසූරිය මහතා ඊයේ (13 දා) නියෝග කළේය.

රමිත් රඹුක්‌වැල්ල මහතා ප්‍රවාහන අමාත්‍යාංශයේ වෛද්‍ය මණ්‌ඩලය වෙත යොමුකර කායික හා මානසික සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව වෛද්‍ය වාර්තාවක්‌ කැඳවීමට පියවර ගන්නා ලෙසට ද අතිරේක මහෙස්‌ත්‍රාත්වරයා එහිදී නියෝග කළේය.

කොන්දේසි සහිතව වයිබර් තහනම ඉවත් කෙරේ

වයිබර් සමාජ ජාලයට ශ‍්‍රි ලංකාවේ සිට පිවිසීමේ පහසුකම අවහිර කිරීම අද මධ්‍යම රාත‍්‍රියේ සිට අහෝසි කරන බව රජය පවසයි.


මේ බව සදහන් කරමින් රජයේ ප‍්‍රවෘත්ති අධ්‍යක්‍ෂ ජනරාල්වරයා විසින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.

පසුගිය දිනවල රටේ ඇතැම් ප්‍රදේශවල කලහකාරී සිදුවීම් හටගත් අවස්ථාවේදී, මහජනතාව අතර වෛරී සහ වර්ගවාදී ප්‍රකාශ පතුරුවා හැරීමට සහ යම් ප්‍රචණ්ඩ ක්‍රියා සංවිධානය කිරීමට ඇතැම් පාර්ශවයන් විසින් නීති විරෝධී ලෙස සමාජ මාධ්‍ය ජාලා භාවිත කිරීම පාලනය කිරීම සඳහා, ඇතැම් සමාජ මාධ්‍ය මත තාවකාලික වාරණයක් පැනවීමට රජය විසින් කටයුතු කරන ලදී.

කාන්තාවන් නානව බලන් හිටපු අනංගයා උඩින්ම ගිහින් ළිඳ ලගටම නිරුවතින්ම වැටිලා

කාන්තාවන් නාන අයුරු බලා සිටීමට ගොස් අමාරු වේ වැටුණු පුද්ගලයකු පිළිබඳ නගරබද ගමකින් වාර්තා විය. සිද්ධිය මෙසේය. ඔහු අවිවාහක තරුණයෙකි.

සිය මිතුරා සමග කාන්තාවන් නාන දෙස හොරෙන් බලා සිට වින්දනයක් ලැබීම ඔහු පුරුද්දක් කරගෙන තිබේ. මෙම නාන ස්ථානය තාප්පයකින් වටකර ඇති අතර එහි මැද ඇති ළිඳෙහි තරුණියන් සවසට දිය නාන අතර ඔවුන් දෙදෙනා එම තාප්පයට පොල්පිත්තක් තබා මාරුවෙන් මාරුවට කාන්තාවන් දිය නාන අයුරු බලා සිටින බව කියති. සුපුරුදු පරිදි එදිනද හවස් වෙනතුරු බලා සිටි ඔවුන් හීන් අඩියක් ද ගසා සුපුරුදු ක්‍රියාවට සූදානම් වී තිබේ. සුපුරුදු ස්ථානයේ සඟවා තිබූ පොල්පිත්ත ද එළියට ගෙන තාප්පයට තබා නැරඹීම ආරම්භ කර ඇත.

Facebook ලොක්කන් රැසක් ලංකාවට එයි.. රජය සමග තීරණාත්මක සාකච්චා - ගන්න යන තීන්දුව මෙන්න

ෆේස්බුක් ජාලය සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකාවේ රජය විසින් ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් කටයුතු කිරීමට ෆේස්බුක් සමාගමේ නියෝජිතයන් කිහිප දෙනෙකු ඉදිරි පැය කිහිපය ඇතුලත මෙරටට පැමිනීමට නියමිතය.

නුවර ඞී.අයි.ජී. මහත්තය තමයි මේ වෙලාවෙ පොඞ්ඩක් මෙතනට එන්න කියල ප‍්‍රශනයට පැටලෙවුවෙ - මහසොහොන් බලකායේ ලොක්කා කැදවූ අය ඔහුගේ බිරිද හෙලි කරයි

මහනුවර ප‍්‍රදේශයේ ඇති වූ කලහකාරී සිදුවීම සම්බන්ධයෙන් මහසොහොන් බලකායේ ප‍්‍රධානී අමිත්ත වීරසිංහ අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ඔහු බිරිද විසින් ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිසම වෙත පැමිණිල්ලක් ගොනු කරනු ලැබීය.

ස්ත්‍රී දූෂණය කර වසර 12 ක් සිරගෙට යැවුණ බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලාංකික සිසුවාගේ පාපොච්චාරනය - ‘මං 37 දෙනෙක් මරල තියනව. මගෙ ආච්චිව මරපු ගෑනිගෙ බෙල්ල මිරිකලා තමයි මං මැරුවෙ.

බ්‍රිතාන්‍යයේ අධ්‍යාපනය හැදෑරීම සඳහා ගොස් සිටි ශ්‍රී ලාංකික සිසුවෙකු එරට තරුණියක බියවද්දා සිව්වතාවක් දූෂණය කිරීමේ චෝදනා යටතේ වරදකරුවීම නිසා වසර 12 ක සිරදඬුවමකට හා අනතුරුව පිටුවහල් කිරීමකට ලක්ව තිබේ.

25 හැවිරිදි අගම්පොඩි අනුක් ද සොයිසා නමැති ඔහු සීදූව උදම්මිට ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර එංගලන්තයේ මැන්චෙස්ටර් මෙට්රොපොලිටන් සරසවියේ අධ්‍යාපනය සඳහා ගොස් සිටි අයෙකි. ඔහු විසින් දූෂණයට ලක් කරන ලද සුදු ජාතික තරුණිය උසාවියේදී හෙළිකර තිබුණ විස්තර අනුව 2016 වසරේ සිට ඔහුගෙන් මෙම කරදර සිදුව තිබේ. මුලින්ම තමාව සාදයකදී හදුනාගත් මෙම තරුණයා අනතුරුව මැන්චෙස්ටර්හි සහ ලිවර්පූල්හි හෝටල් කාමර වලට ගෙනගොස් දූෂණය කරන ලද බවත් එම අවස්ථාවන්හි තමා විරෝධය පළ කළ විට ඔහු තමන් ඉහළ සබදතා ඇති අයෙකු හා ‘සීරියල් කිලර්‘ කෙනෙකු ලෙස හඳුන්වමින් බියවැද්දූ බවත් ඇය දන්වා සිටියාය.

ආණමඩුවේ මිනිසුන් ජාතිවාදය මරා දමයි - ගිනිලෑ හෝටලය පැය 12න් නැවත ඉදි කර වෙලදාමට විවෘත කර දෙයි

කිසියම් පිරිසක් විසින් ගිනි තබා විනාශ කර දමන ලද ආණ්මඩුවේ පිහිටි ‘මදීනා’ හෝටලය අද පස්වරුව වන විට නැවතත් තිබූ තත්වයටත් වඩා හොද තත්වයට ඉදි කර වෙළදාම් කටයුතු සදහා විවෘත කරනු ලැබීය.
දිස්ත‍්‍රික්කයේ එජාප-සන්ධාන දේශපාලන නායකත්වය පොලීසිය ඇතුළු ප‍්‍රදේශවාසීන් විසින් ඉමහත් කැපවීමෙන් මෙම කටයුත්ත සිදු කරනු ලැබ ඇත.

කුජ ධනුවට කැරකෙයි - ලග්න හතරකට සුබම සුබයි වෙන්නෙ මේන්න මෙහෙමයි

කුජ හෙවත් අඟහරුට ග්‍රහ ලොවේ සෙන්පතියා යෑයි කියනු ලැබේ. ඊට හේතුව වන්නේ සටන්කාමී බව, නොපසුබස්‌නා උත්සාහය, නිර්භීත බව වැනි කරුණු කුජගේ පිහිටීම අනුව සෙවිය යුතු බැවිනි. යම් කෙනකුගේ කේන්ද්‍රයක කුජ බලවත් නම් ඔහුට හෝ ඇයට මෙවැනි ගතිගුණ පිහිටයි. කුජ දුර්වලව උපන් කෙනකුගේ ආත්ම ශක්‌තිය දුර්වල බව මෙන්ම දුර්වල

අයට තම බලය පෙන්වන්නට යන, චණ්‌ඩිකම් කරන, මත්ද්‍රව්‍ය භාවිතා කරන, සතුන් පෙළන, කාම අපරාධවල නියෑළෙන කෙනකු බව පෙන්වයි. බලවත් කුජ, හමුදාව, පොලිසිය වැනි ආරක්‌ෂක අංශවල දක්‌ෂ නිලධාරින් බිහිකරයි. කේන්ද්‍රයේ සතුරු ස්‌ථානයේ කුජ පිහිටයි. බොහෝ අය හමුදා සේවයේ යෙදෙනු දක්‌නට ලැබේ.

2018 ජනවාරි 17 සිට වෘශ්චික රාශියේ ගමන් කළ කුජ මාර්තු 07 වෙනිදා ධනු රාශියට මාරු වෙයි. මෙතෙක්‌ ගමන් කළ වෘශ්චික රාශිය කුජ හිමි ස්‌වක්‌ෂේත්‍ර රාශිය වූ අතර එය ගුරුට අයත් බැවින් මිත්‍ර රාශියක්‌ වේ. මැයි 02 දා දක්‌වා කුජ ධනු රාශියේ ගමන් කරනවා ඇත. 

නොඇසිය යුතු යමක්‌ එත් - කිව යුතුම කදුළු කතාවක්‌

ස්‌ත්‍රී දූෂණ, ළමා අපචාර අමු අමුවේ තලු මැරීම අපේ ප්‍රතිපත්තිය නොවේ. එහෙත් සමහර සිදුවීම් ගැන අප කතා කළ යුතුය. වාර්තා කළ යුතුය. විශේෂාංග සකස්‌ කළ යුතුය. ඒ අපට වෙනස්‌ කළ යුතු සමාජයක්‌ ඇති බවත්, එය වෙනස්‌ කිරීම සඳහා අපේ දායකත්වය අවශ්‍ය බවත්, දැනුවත් වීම අත්‍යවශ්‍ය කාරණයක්‌ බවත් සිහිතබා ගනු පිණිසය. පහත පෙළ ගැසෙන්නේ එවැනි කතාවකි. 

කියවන්න, හිතන්න මේ ඔබේ දරුවාගේ කතාව විය හැකිය. 14 හැවිරිදි මේ දැරිවිය මුහුණ දුන් අත්දැකීම කවරාකාර නම් බියකරුදැයි කල්පනා කරන්න.

රත්නපුර අධිකරණ බල සීමාවේ පිහිටි බලංගොඩ අග නගරය කරගත් එක්‌තරා පිටිසර ගමකි. ගොඩමඩ දෙකම තරමකට සරුවූ මේ ගමෙහි ජීවත් වන මවක සහ දුවකි. ගමේ කෙළවරක වූ තනි කාමරයේ කටුමැටි ගසා ටකරන් සෙවිලිකර තැනූ කුඩා නිවස මවගේත් දුවගේත් නිවහන විය. දැරියට මවක මිස පියෙකු නොමැතිද යන්න ගැන ප්‍රශ්නයක්‌ මතුවිය හැකිය. ඒ නිසා ඇගේ පවුලේ ඉතිහාසය ගැන කෙටියෙන් හෝ සඳහන් කළ යුතු වෙයි. දැරියගේ මව බලංගොඩ නගරයේ සිට සැතපුම් 40 ක්‌ පමණ ඈතින් වූ අයගම ප්‍රදේශයේ පදිංචිකාරියකි. ඇය විවාහකය. සැමියාද එම ගමේම පදිංචිකරුවෙකි.