BREAKING NEWS
latest

728x90

468x60

ශ්‍රී දේවිගේ සමුගැනීමත් සමග සරාගී දියණිය කරපු වැඩක් එලියට

බොලිවුඩ් සිනමාවේ ආදරණීය තරුව වන ශ්‍රී දේවිගේ වියෝව පිළිබඳව ඇති උණුසුම තවමත් අඩු වී නොමැති බවයි ඉන්දියානු මාධ්‍ය අනාවරණය කරන්නේ.

විවිධ හේතු කාරණා ඉදිරිපත් වෙමින් ශ්‍රී දේවිගේ මරණය පිළිබඳව ගැටලු රැසක් මේ වන විට මාධ්‍ය වාර්තා කරනවා.

ශ්‍රී දේවිගේ මරණයත් සමග ජාන්වි පිළිබඳව බොහෝ මාධ්‍ය අවධානයෙන් පසුවන බවයි සඳහන් වන්නේ.

ඒ ඇය මෙම වසරේ එළිදැක්වීමට නියමිත චිත්‍රපටයක් ඔස්සේ රංගනයට පිවිසීමයි.

‘Dhadak’ නම් මෙම චිත්‍රපටය මෙම වසරේ ජූලි මාසයේ එළිදැක්වීමට නියමිතයි. මේ වන විට 21 වැනි වියේ පසුවන ජාන්වී රංගනයට පිවිසෙනු ලබන කාරණාව ඇතැමුන්ට සුබදායී පුවතක් වුවත් යම් පාර්ශ්වයක් ඇයගේ සිනමා ආගමනය පිළිබඳව ඇත්තේ නොසතුටක්.

ජාන්වී රංගනය පිළිබඳව ලොස් ඇන්ජලීස් හි පිහිටි Lee Strasberg Theatre and Film Institute තුළින් උපාධියක්ද හදරා තිබෙනවා.

මේ කාරණා කෙසේ වුවත්, තමන්ගේ මවගේ ගෞරවය සහ ඇය වෙනුවෙන් සිනමාවේ ඉදිරියට යෑමට තීරණය කර තිබෙන බවයි ඇය සඳහන් කරන්නේ.






« PREV
NEXT »

Facebook Comments APPID