BREAKING NEWS
latest

728x90

468x60

MR.Bean පළමු විවාහයට සමුදෙයි

මිස්ටර් බීන් චරිතය නිසා ලෝකයේම අවධානය දිනාගත් බ්‍රිතාන්‍ය ජාතික නළු ඇට්කින්ස්ටන් සිය පළමු විවාහ දිවියට සමුදී තිබෙනවා.

ඒ දික්කසාදය පිළිබද වසර කිහිපයක් තිස්සේ පැවති ගැටලුකාරී තත්වයන් පසුගිය සතියේ අවසන් වීමත් සමගයි.

පවුම් මිලියන 10 ක මහා මන්දිරයක් ඇතුළු වන්දියක් ඔහුගේ බිරිය හා දරු දෙදෙනා දීමෙන් අනතුරුව ඔහුට සිය දික්කසාදය ලැබී තිබෙනවා.

අනතුරුව ඔහු වසර 24 ක් වූ දීගයෙන් සමුගෙන ඔහුට වඩා අවුරුදු 30 කින් පමණ ළබාල නිළියක හා එක්ව ජීවත්වන්නට තීරණය කර තිබෙනවා.

63 හැවිරිදි නළුවාගේ අලුත් කසාදයට අනුව ඔහු නැවත පියෙකු වී ඇත්තේ පසුගිය දෙසැම්බරයේයි.

1990 ඇරඹි පෙම් සබදතාවයකින් පසුව රොවන් ඇට්කින්ස්ටන් විවාහ වී සිටියේ සුනේත්‍රා සාස්ත්‍රි නමැති බීබීසී රුපවාහිනී නාලිකාවේ මේකප් ශිල්පිණියක සමගින්.

එම විවාහයෙන් ඔහුට දරුවන් දෙදෙනෙකු සිටිනවා.

නමුත් පසුගිය කාලයේ ඔහු අලුත් සබදතාවයක් අරඹා මුල් විවාහයෙන් ඈත් වන්නට උත්සාහ කළා.

ලුයිස් ෆෝර්ඩ් නමැති 34 හැවිරිදි නිළිය සමග ඔහු පැවැත්වූ සම්බන්ධය දරුවෙකු ලැබීම දක්වා දුරදිග යන ලකුණු පහළ කළෙන් ඔහු මුල් විවාහයෙන් ඉවත්වීමට මින් කලකට පෙර තීරණය කර තිබෙනවා.

නමුත් පවුම් මිලියන 100 ක වත්කම් ඇති නළුවෙකු වූ ඇට්කින්ස්ටන්ට ලෙහෙසියෙන් එය කළ නොහැකිවූයේ මුල් කසාදයෙන් විශාල වන්දි ඉල්ලා නඩු පැවරූ නිසයි.

වත්කම් පිළිබද දීර්ඝ නඩු වාර වලින් පසු පසුගිය සතියේ හිටපු බිරියට එංගලන්තයේ කොස්ට්වොල්ඩ්ස්හි ඇට්කින්ස්ටන්ට අයත් පවුම් මිලියන 10 ක මහා මන්දිරය පිරිනමා එම විවාහයෙන් ඉවත්වීමට එකගතාව පළ කර තිබෙනවා.
« PREV
NEXT »

Facebook Comments APPID