BREAKING NEWS
latest

728x90

468x60

කුජ ධනුවට කැරකෙයි - ලග්න හතරකට සුබම සුබයි වෙන්නෙ මේන්න මෙහෙමයි

කුජ හෙවත් අඟහරුට ග්‍රහ ලොවේ සෙන්පතියා යෑයි කියනු ලැබේ. ඊට හේතුව වන්නේ සටන්කාමී බව, නොපසුබස්‌නා උත්සාහය, නිර්භීත බව වැනි කරුණු කුජගේ පිහිටීම අනුව සෙවිය යුතු බැවිනි. යම් කෙනකුගේ කේන්ද්‍රයක කුජ බලවත් නම් ඔහුට හෝ ඇයට මෙවැනි ගතිගුණ පිහිටයි. කුජ දුර්වලව උපන් කෙනකුගේ ආත්ම ශක්‌තිය දුර්වල බව මෙන්ම දුර්වල

අයට තම බලය පෙන්වන්නට යන, චණ්‌ඩිකම් කරන, මත්ද්‍රව්‍ය භාවිතා කරන, සතුන් පෙළන, කාම අපරාධවල නියෑළෙන කෙනකු බව පෙන්වයි. බලවත් කුජ, හමුදාව, පොලිසිය වැනි ආරක්‌ෂක අංශවල දක්‌ෂ නිලධාරින් බිහිකරයි. කේන්ද්‍රයේ සතුරු ස්‌ථානයේ කුජ පිහිටයි. බොහෝ අය හමුදා සේවයේ යෙදෙනු දක්‌නට ලැබේ.

2018 ජනවාරි 17 සිට වෘශ්චික රාශියේ ගමන් කළ කුජ මාර්තු 07 වෙනිදා ධනු රාශියට මාරු වෙයි. මෙතෙක්‌ ගමන් කළ වෘශ්චික රාශිය කුජ හිමි ස්‌වක්‌ෂේත්‍ර රාශිය වූ අතර එය ගුරුට අයත් බැවින් මිත්‍ර රාශියක්‌ වේ. මැයි 02 දා දක්‌වා කුජ ධනු රාශියේ ගමන් කරනවා ඇත. 

එබැවින් මාර්තු 07 සිට මැයි 02 දින දක්‌වා ධනු රාශියේ කුජ ගමන් කරන විට උපන් ලග්න අනුව විවිධ සුබා සුබ දෙනවා ඇත. සමහර ලග්නවලට අසුබ පලත් සමහර ලග්නවලට සුබ පලත් හෝ සම පලත් ලබාදෙන බැවින් ඔබ උපන් ලග්නයට අනුව ලැබිය හැකි සුබා සුබ ගැනත් අපලවලට කළ යුතු පිළියම් ගැනත් සාකච්ඡා කරමු.

එමෙන්ම ග්‍රහලොවේ සෙන්පති වන කුජ හෙවත් අඟහරු විශ්ව කේන්ද්‍රයේ 09 වැන්නාට හා ලංකා කේන්ද්‍රයේ එකොළහට මාරුවීම සැලකිල්ලට ගනිමින් අප රටට හා ලෝකයට ඇතිවන සුබා සුබ විනිශ්චය කළ යුතුව තිබේ.

කුජ මාරුව උපන් ලග්න අනුව බලපාන්නේ මෙසේය.

මේෂ

මේෂ ලග්න හිමියන්ගේ ලග්නාධිපති වන කුජ මෙතෙක්‌ ගමන් කළ අටවැන්නෙන් නමවැන්නට මාරු වේ. මෙය තරමක්‌ දුරට පැවති කරදරකාරී තත්ත්වය සුබ අතට හැරෙන බවක්‌ පෙන්වයි. එහෙත් ගෘහ ජීවිතය පිළිබඳව ගැටලු ඇතිවිය හැකි වන්නේ ඉක්‌මන් කෝපය හා කලබල වීම නිසාය. පවුලේ අය අතර අමනාපකම් ඇතිවිය හැකිය. පදිංචි ස්‌ථානය පිළිබඳව පැවති ගැටළුවකට විසඳුම් ලැබීමටද ඉඩ තිබේ. පිනට දහමට අකැමැති වීම නිසාම අපල සමනය කර ගැනීමේ අවස්‌ථා මඟහැරේ. සාර්ථකව කරගෙන ආ කටයුත්තකට බාධා ඇති වෙයි.

වෘෂභ

වෘෂභ ලග්න හිමියන්ගේ අටවැන්නට කුජගේ පැමිණීම යහපත් නොවේ. දැනටමත් සෙනසුරු අපල කාලයක්‌ ගත වන නිසා මේ අපල තවදුරටත් වැඩි වීමටද ඉඩ තිබේ. බිරිඳ හෝ සැමියාටද අපලදායකය. අවිවාහක වෘෂභ තරුණ තරුණියන්ගේ මංගල යෝජනාවලට බාධා ඇතිවේ. එවැනි කටයුතු කල් දැමීමට සිදුවේ. ආදායම් මාර්ග අවහිර වීමට ද ඉඩ තිබේ. හවුල් ව්‍යාපාර වල යෙදෙන අවට හවුල්කරුවන් අතර මතභේද ඇති විය හැකිය. මේ නිසා වෘෂභ ලග්න හිමියන් අදාළ ග්‍රහ ශාන්ති කර්ම කර ගැනීම යහපත්ය.

මිථුන

මිථුන ලග්න හිමියන්ගේ කුජ හත්වැන්නට මාරු වෙයි. මේ නිසා අඹු-සැමි සමගියට බාධා ඇතිවීමට ඉඩ තිබේ. විවාහ සහකරුට අපලදායකයි. අවිවාහක අයගේ මංගල යෝජනා හෝ පෙම් සබඳතා ස්‌ථිර කර ගැනීමට බාධා පවතී. මේ අතර යටි බඩේ උෂ්ණය, මුත්‍රා දෝෂ වැනි අසනීප ඇති අය ශරීර සෞඛ්‍යය ගැන ප්‍රවේශම් විය යුතුය. රැකියා හා ව්‍යාපාර අංශවල අන් අය සමඟ අමනාප මතබේද ඇතිවීමට ඉඩ තිබේ. සතුරු කරදර වලින් ප්‍රවේශම් විය යුතුය. ඉවසීමෙන් කටයුතු කරන්න.

කටක

කටක ලග්න හිමියන්ගේ කුජ හය වැන්නට මාරුවීම සුබපලදායකයි. පසුගිය දිනවල දරුවන්ට අපල හෝ අධ්‍යාපන කටයුතුවලට තිබූ බාධා ඉවත් වේ. සතුරු කරදරවලින් ජය ලැබීමට හා තරගකරුවන් පරාජය කිරීමට ධෛර්ය ලැබේ. අසනීප සුව අතට හැරේ. ආදායම් මාර්ගද සතුටුදායක වේ. ව්‍යාපාරවලින් ලාභ ලැබේ. මේ අතර උත්සාහය, උනන්දුව, උෙද්‍යාගය ඉහළ යයි. සේවක පක්‌ෂයේ සහයෝගය ලැබෙන නිසා ව්‍යාපාර සාර්ථක වේ. නමුත් හදිසි අනතුරුවලින් ප්‍රවේශම් විය යුතු වේ.

සිංහ

කුජ හතරේ සිට පහට මාරුවීම තරමක්‌ අපලදායකයි. දරුවන්ගේ දියුණුවට කරන කටයුතුවලට බාධා පැමිණිය හැකිය. දරුවකුගේ මුරණ්‌ඩුකමක්‌ නිසා සිත් තැවුල් ඇතිවීමටද හේතුයි. අවිවාහක තරුණ තරුණියන්ගේ මංගල යෝජනා හෝ පෙම් සබඳතාවලට බාධා ඇති වීමට ඉඩ තිබේ. බඩේ අමාරු උෂ්ණාධික රෝග තත්ත්වයන් ඇති වීමටද ඉඩ තිබෙන නිසා ප්‍රවේශම් වන්න. හිතේ නොසන්සුන් බව හා ඉක්‌මන් කෝපය ඇති වීමටද ඉඩ ඇත. ව්‍යාපාරවලට මුදල් ආයෝජනය කිරීම සුබ නොවේ.

කන්‍යා

කන්‍යා ලග්න හිමියන්ගේ හතරවැන්නට කුජගේ පැමිණීම ගෘහ ජීවිතය පිළිබඳව කරදර ඇතිවීමට හේතුයි. ගෙදර මවුපියන්ට හෝ වැඩිහිටියෙකුට අපලදායකයි. ක්‌ෂණික කෝපය නිසා පවුලේ අසමගිකම් ඇති වීමටද හේතුයි. ගෘහ නිර්මාණ කටයුතුවලට බාධා ඇතිවිය හැකියි. සතුරු කරදර ගැන බියක්‌ ඇති විය හැකිය. බිරිඳ හෝ සැමියාට තරමක්‌ අපලදායකයි. පදිංචි ස්‌ථානය පිළිබඳව ගැට`ඵ ඇතිවීමටද ඉඩ තිබේ. මේ නිසා ඉවසීමෙන් කටයුතු කිරීම යහපත්ය. වටිනා දෙයක්‌ නැතිවීමට හෝ කැඩී බිඳී යාමටද ඉඩ ඇත.

තුලා

මෙවර ඇතිවන කුජ මාරුව තුලා ලග්aන හිමියන්ට සුබඵල උදා කරනවා ඇත. චිත්ත ධෛර්යය ඉහළ යයි. අසල්වාසීන් හෝ සහෝදරයන් සමග තිබූ අමනාපකම් දුරුවී සමගිය ඇති වේ. සුහදතාව වර්ධනය වේ. සහෝදරයන්ට සුබඵලදායකයි. ප්‍රයෝජනවත් ගමන් බිමන් නිතර යෙදේ. ආදායම්ද සතුටුදායක තත්ත්වයක පවතී. පවුලේ දියුණුවට කරන කටයුතු සාර්ථක වේ. දූ දරුවන් වෙනුවෙන් කරන කටයුතු වලින්ද සතුටුදායක ප්‍රතිඵල අත්වෙනවා ඇත. බිරිඳ හෝ සැමියාට සුබඵල දායක වේ. උත්සාහයේ තරමට ප්‍රතිඵල ලැබෙන කාලයකි.

වෘශ්චික

කුජ දෙවැන්නට පැමිණීම නිසා තරමක කරදර බාධා ඇතිවන බව පෙනේ. පවුලේ වියදම් බලාපොරොත්තු වුණාට වඩා ඉහළ යනවා ඇත. සමහර විට තැන්පත් මුදලක්‌ පවා වැයවීමට ඉඩ තිබේ. දුරදිග නොබලා කරන කතාව නිසා පවුලේ අය අතර අමනාපකම් ඇතිවීමටද ඉඩ තිබේ. මුහුණේ හෝ දත්වල රෝගවලින් ප්‍රවේශම් වන්න. මේ අතර වටිනා භාණ්‌ඩයක්‌ හෝ මුදලක්‌ නැතිවීමටද ඉඩ තිබේ. බිරිඳ හෝ සැමියාටද තරමක්‌ අපලයි. දරුවන්ගේ දියුණුවට කරන කටයුතුවලින් සතුටු විය හැකිය.

ධනු

ධනු ලග්න හිමියන්ගේ සෙනසුරු ලග්නයේ ගමන් කරන අතර කුජ ද ලග්නයට පැමිණීම අපලදායක බව පෙන්වයි. මේ නිසා හිසේ ඌෂ්ණාධික රෝග මෙන්ම නොසන්සුන් බව, ඉක්‌මනින් කලබල වීම හා කෝප වීම වැනි තත්ත්වයන් ඇතිවීමට ඉඩ තිබේ. දරුවන් නිසා අමතර වෙහෙසක්‌ හෝ වියදමක්‌ දරන්නට කරුණු යෙදෙනවා ඇත. නැතහොත් දරුවෙකු නිසා සිත්තැවුලක්‌ ඇති වේ. අධ්‍යාපන කටයුතුවල යෙදෙන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට මිශ්‍රඵලදායකයි. වියදම් ද ඉහළ යයි. ව්‍යාපාර වලට මුදල් ආයෝජනය කරන විට කල්පනාකාරී විය යුතුයි.

මකර

මකර ලග්න හිමියන්ගේ කුජ එකොළහේ ගමන් කරමින් පසුගිය දිනවල තිබූ සුබඵලදායක තත්ත්වය කුජ මාරුව නිසා අසුබ තත්ත්වයකට හැරෙන බව පෙනේ. ශනි ඒරාෂ්ටක අපලයක්‌ද පවතින නිසා මේ පිළිබඳව වඩාත් සැලකිsලිමත් වීම අවශ්‍ය වේ. විදේශ ගමන් යැමට තිබූ බලාපොරොත්තුවකට බාධා ඇතිවිය හැකිය. සාර්ථකව කරගෙන ආ කටයුතුවලට බලාපොරොත්තු නොවූ කරදර බාධා ඇති වීමට ඉඩ තිබේ. ගෙදර දියුණුවට කරන කටයුතු කල් දැමීමට සිදුවේ. මව හෝ පියාටද ශුභ නොවේ. 

කුම්භ

කුම්භ ලග්න හිමියන්ගේ කුජ මාරු වන්නේ එකොළහට වීම සුභපලදායකයි. ව්‍යාපාරවලින් ලාභ ලැබේ. රැකියා අංශවලද කටයුතු සාර්ථක වේ. අන් අයගේ උදව් උපකාර ලැබිය හැකිය. සහෝදරයකුගේ ජයග්‍රහණයක්‌ ගැන අසන්නට ලැබේ. යහපත් මිතුරු මිතුරියන්ගේ ඇසුර ලැබේ. අලුත් මිතුරන් හඳුනා ගැනීමටද අවස්‌ථාව උදා වෙනවා ඇත. සතුරන් මිතුරු වේ. උත්සාහය උනන්දුව ඉහළ යයි. තම තනතුරේ හෝ තත්ත්වයේ උසස්‌වීම්වලටද ඉඩ තිබේ. අලුත් වැඩ පිළිවෙලක්‌ ඇතිවේ.

මීන 

මීන ලග්න හිමියන්ගේ කුජ මාරුව දහවැන්නට සිදුවීම බොහෝ දුරට සුබඵල ඇති කරයි. ධෛර්යය ඉහළ යයි. පිංකමකට සහභාගි වීමට අවස්‌ථාව උදාවේ. ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වේ. රැකියා අංශවලටද සුබයි. මේ අතර හිතේ නොසන්සුන් බව හා කලබල බවක්‌ පෙන්වයි. ගෙදර මව පියා හෝ වැඩිහිටියෙකුට ද අපලදායක බවක්‌ පෙනේ. ඉවසීමෙන් කටයුතු කරන්න. උත්සාහයේ තරමට ප්‍රතිඵල ලැබෙනවා ඇත. 

අප රට සම්බන්ධයෙන් බලන විට ශ්‍රී ලංකාවට හිමි කුම්භ ලග්නයේ එකොළහට කුජ මාරුවීම සුබඵලදායක වේ. ආරක්‌ෂක අංශවල ප්‍රගතියට කරුණු යෙදේ. තරුණ ගායකයන් ඉදිරියට එන බව පෙන්වයි. යුද හමුදා නිලධාරීන්ට, පොලිස්‌ නිලධාරීන්ට, ග්‍රාමසේවා, වන අඩවි, බන්ධනාගාර නිලධාරි ආදීන්ට සුබඵලදායකයි. රාජ්‍ය ආදායම්වලද වර්ධනයක්‌ අපේක්‌ෂා කළ හැකිවේ.

ඉහත සදහන් කළ ලග්නවල කුජගේ අපල ඇති අය ඒ සඳහා ශාන්ති කර්ම කර ගැනීම මැනවි. කුජ පමණක්‌ නොව සියලුම ග්‍රහයන්ගේ අපල වශයෙන් පෙන්වන්නේ පෙර අකුසල කර්ම විපාක බව දැනගැනීම වැදගත්ය. අප සියලු දෙනාගේම පෙර අකුසල ශක්‌තීන් වරින් වර ඉස්‌මතු වන්නේය.

මේ නිසා කුජ අපල ඇති අය තුවාල ලත් රෝගීන්ට උපකාර කිරීම හා ලේ දන්දීම වටිනා පිංකමක්‌ හා අපල දුරුකරන ශාන්ති කර්මයන් වේ. මරණයට කැපවූ සතෙකු= නිදහස්‌ කිරීම, දිනපතාම බුද්ධ පූජා තබා මංගල සූත්‍රය හෝ ශ්‍රවණය කිරීමද මැනවි. පිත්තල පහනක්‌ පූජා කිරීම විශේෂ පිංකමකි. එමෙන්ම සියලු දෙනා කෙරෙහි මෛත්‍රී සහගතව කාරුණිකව කටයුතු කිරීම, දිනපතා මෛත්‍රී භාවනාව කිරීම ඉතා සුදුසුය. පූජා තබන විට රතුමල්, රතු කොඩි, රතු කැකුළු කිරි ආහාර පූජා වඩාත්ම ගැළපේ. කුජ අපලයට කතරගම දෙවියන්ට භාරහාර වීම සුදුසුය. ගැළපෙන යන්ත්‍රයක්‌ පැළඳීම විශේෂ සුබඵල දීමට හේතු වනවා ඇත.
« PREV
NEXT »

Facebook Comments APPID