BREAKING NEWS
latest

728x90

468x60

Facebook සඳහා පනවා තිබු තහනම ඉවතට

Facebook සමාජ ජාලය සඳහා පනවා තිබු තාවකාලික තහනම ඉවත් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා උපදෙස් ලබාදී තිබේ.

ඒ, අද පෙරවරුවේ දිවයිනට පැමිණි Facebook සමාගමේ සාමාජිකයින් සහ ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා අතර පැවති සාකච්ඡාවකින් අනතුරුව ය.

එහිදී Facebook මගින් වෛරී සහගත සහ ප්‍රකෝපකාරී මත ප්‍රකාශ කිරීමේ ඉඩ කඩ ඉවත් කරන බවට Facebook සමාගමේ නියෝජිතයින් එකඟ වී තිබේ.

ජනාධීපතිවරයාගේ ට්විටර් ගිණුමේ දැක්වෙන්නේ ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු සහ ෆේස්බුක් සමාගමේ නිලධාරීන් අතර ජනාධිපති ලේකම් කාර්යාලයේ අද (15) පෙරවරුවේ ෆේස්බුක් සමාජ මාධ්‍ය අවහිර කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වුණු බවයි.


« PREV
NEXT »

Facebook Comments APPID