BREAKING NEWS
latest

728x90

468x60

බුකියේ දැවෙන ප්‍රශ්නය ‘‘දම් රැජිණට“ ඇත්තටම මොකද වුණේ.? මෙන්න ඇත්ත විස්තරේ

බුකියේ මේ දිනවල උඩට පහලට ගමන් කරද්දී අපට දම් රැජිණ නම් බසයක් ගැන කතාබහට ලක්වී ඇති බව අපට ඇස ගැටුනා. 

"දම් රැජිණ" යන නාමයෙන් ප්‍රසිද්ධ වූ බස් රථයක් පසුගියදා සමාජ ජාලා වෙබ් අඩවිද ඇතුලු පොදු සමාජයේ ඉමහත් කතාබහට ලක් වුණා.

මෙම බස් රථයේ ආකර්ෂණීය පෙනුම සහ ඇතුලත පහසුකම් මේ සඳහා හේතූ වී තිබුණා. 

මෙම බස් රථය වලස්මුල්ල - කොළඹ , මාර්ග අංක 3 ධාවනය වනවා.

අධිකරණය ඇතුළත ගංජා විකිණීමට පැමිණි අක්‌කයි මල්ලියි පොලිස්‌ කාන්තාවගේ උකුසු ඇසට

පුත්තලම අධිකරණය ඇතුළත ගංජා විකිණීමට පැමිණි අක්‌කා සහ මල්ලී දෙදෙනා 24 වැනිදා දහවල් ගංජා පැකට්‌ සමඟ අත්අඩංගුවට ගැනීමට අධිකරණ සංකීර්ණ පොලිස්‌ මුර පොළේ නිලධාරිහු සමත් වූහ.

වෛද්‍ය නිලවරණයේදී ඩොකාලා ගහගෙන කලිසම් පලා ගනී

ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට නිලධාරීන් පත්කරගැනීමේ නිලවරණය අතර ඊයේ සවස වෛද්‍යවරුන් අතර ඇතිවූ බහින්බස්වීමකින් පසු ගුටිබැට හුවමාරුවක් සිදුව ඇත.මෙම ගුටි බැට හුවමාරුව සිදුවූයේ වෛද්‍ය සභාවට තරග කරන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නිලධාරීන් කිහිප දෙනෙකු සහ ප්‍රතිවාදි වෛද්‍ය කණ්ඩායමක් අතරය.


දෙපිරිස එකිනෙකට චෝදනා එල්ලකර ගනිමින් හා පරුෂ වචන කියමින් එම ගුටිබැට හුවමාරුව සිදුකර ගත් අතර තවත් වෛද්‍යවරුන් පිරිසක් ආරවුල බේරීමට උත්සාහ දරනු දැනන්නට ලැබිණ. ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට සාමාජිකයන් තෝරා ගැනීමේ 

සුදත් දේවප්‍රිය “ හඳයා “ අධ්‍යක්‍ෂණයෙන් ඉවත් වෙයි


හිරැ ටී.වී. නාලිකාවෙන් විකාශය වන හදයා ටෙලි නාට්‍යයේ අධ්‍යක්ෂණ කටයුතු වලින් ප්‍රවීන සිනමා සහ රුපවාහිනී නිර්මාණකරුවකු වන සුදත් දේවප්‍රිය පසුගිය දෙසැම්බර් මස සිට ඉවත්ව ඇති බව වාර්තාවෙයි. ඒ අනුව හදයා ටෙලි නාට්‍යයේ නව නිර්මාණ කටයුතු රජීව් ආනන්ද විසින් සිදුකරනු ලබයි. 

කතරගම පොලිස් වෙඩිල්ලෙන් මියගිය තරුණයාගේ නිවසට මුල්ගල් තබයි

පසුගිය 20දා කතරගම පොලිස් වෙඩි පහරකින් ඝාතනයට ලක්වූ කතරගම නාගහවීදියේ පදිංචිව සිටි මියගිය තරුණයාගේ දරුවාට හා බිරියට ජීවත් වීම පිණිස නව නිවෙසක් ඉදි කිරීම පිණිස ඊයේ (25දා) දහවල් මියගිය නිරෝෂන් මහතාගේ කටු මැටි නිවෙස තිබූ ස්ථානයේදී මුල්ගල තබන ලදී.

පොලිසියේ මූලික අනුග්‍රාහක දායකත්වයෙන් මෙම නව නිවෙස ඉදිකිරීම ආරම්භ කර තිබේ.

රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන අධිකරණ සංඝනායක කතරගම ශ්‍රී අභිනවාරාමාධිපති කපුගම සරණතිස්ස හිමියන්ගේ අනුශාසනා පරිදි මෙම නව නිවෙස රුපියල් ලක්ෂ 40ක වියදමින් ඉදි කිරීමට නියමිතය.

අන්තරේට කඳුළු ගෑස්‌ ජල ප්‍රහාර ; ලහිරුටත් තුවාල - දැඩි මාර්ග තදබදයක්‌

සයිටම් අහෝසි කරන ලෙස රජයට බලකරමින් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්‌ඩලය සහ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව සංවිධානය කළ විරෝධතාව ඊයේ (25දා) කොල්ලුපිටිය මංසන්ධියේදී කඳුළු ගෑස්‌ සහ ජල ප්‍රහාර එල්ල කර විසුරුවා හැරීමට පොලිසිය කටයුතු කළේය.

"අඩෝ.... ගංජා පැකට්‌.... බඩු එවපිය"; නොම්බරය වැරදී ගංජ මුදලාලියි සිතා ඕඅයිසීට පාට්‌ දැමු පුද්ගලයා අතේ කොර්ට්

පසුගිය 19 වැනි දින ගලේවෙල නගරයේදී විපක්‌ෂයේ මන්ත්‍රීවරයකුගේ ප්‍රධානත්වයෙන් රැස්‌වීමක්‌ පැවැත්විණි. ඒ සඳහා රාජකාරි පැමිණ සිටි ගලේවෙල පොලිස්‌ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‌ෂක ජානක විතානාච්චි මහතා ඉදිරියට පැමිණි තරුණයෙක්‌ ''සර් මට සමාවෙන්න සර්ට ඔත්තුවක්‌ දෙන්න මට ඔබතුමාගේ දුරකථන අංකය දෙන්න'' යෑයි ඉල්ලීමක්‌ කළේය. ඔහු මත්ද්‍රව්‍ය පාවිච්චිකර සිටි බව පෙනුණත් කිසිවක්‌ නොකියා තරුණයාට සිය දුරකථන අංකය දීමට ස්‌ථානාධිපතිවරයා කාරුණික විය. තරුණයා සිය දුරකථනයේ එම අංකය සටහන් කර එතැනින් ඉවත් විය. එදින රාත්‍රි 8.00ට පමණ ස්‌ථානාධිපතිවරයාට දුරකථනයකින් ඇමතුමක්‌ ලැබිණි. "අඩෝ....(පරුෂ වචනයෙන්) ගංජා පැකට්‌ එකක්‌ එවන්න කියලා රුපියල් 400ක්‌ එව්වා. දැන් පැය කීයක්‌ වෙනවද? තෝ දැනගනින් මම ගලේවෙල ...... කියලා. තෝ දන්නෙ නෑ මම කව්ද කියලා... වහාම බඩු එවපිය" ආදි වශයෙන් (ස්‌ථානාධිපතිවරයාට) බැන තර්ජනය කරගෙන ගියේය.

ගලෙන්බිඳුණුවැව ඕ.අයි.සී ට නෝනා නිසා මාරුවක්‌

නීතිඥ බිරිඳගේ නම මෙවර පළාත් පාලන මැතිවරණයට ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයෙන් අනුරාධපුර මහ නගර සභාවේ අතිරේක ලැයිස්‌තුවට ඇතුළත් කර තිබීම හේතුවෙන් එම නීතිඥවරියගේ සැමියා වන පොලිස්‌ ස්‌ථානාධිපතිවරයාට වහාම ක්‍රියාත්මක වන පරිදි අනුරාධපුර පොලිස්‌ කොට්‌ඨාසයේ සිට හලාවත පොලිස්‌ කොට්‌ඨාසයට ස්‌ථාන මාරුවක්‌ ලබාදී තිබේ.

ජාතික මැතිවරණ කොමිසමේ නිර්දේශය මත පොලිස්‌පති පූජිත් ජයසුන්දර මහතාගේ නියෝග අනුව වහාම ක්‍රියාත්මක වන පරිදි අදාළ ස්‌ථාන මාරුව ක්‍රියාත්මක කර ඇත.

කිළිනොච්චියේ සිසු පිරිසක්‌ පුටු කැඩෙන තුරු ගුරුවරයාට ගහලා

කිලිනොච්චිය හින්දු විද්‍යාලයේ සිසුන් පිරිසක්‌ එම විද්‍යාලයේ ගුරුවයකුට පහරදීම නිසා එම ගුරුවරයා බරපතල ලෙස තුවාල ලබා 23 දා කිළිනොච්චිය රෝහලට ඇතුළත් කොට තිබේ.

පහර කෑමට ලක්‌වූ ගුරුවරයා මෙම සිසුන්ගේ විනය විරෝධී ක්‍රියාවක්‌ සම්බන්ධයෙන් ඔවුන්ට පහරදී ඇති අතර ඉන් පැයකට පමණ පසුව මෙම සිසුන් පිරිස පැමිණ ගුරු විවේකාගාරයේ සිටි ගුරුවරයාට විවේකාගාරයේ තිබූ පුටුවලින් පුටු කැඩෙන තුරු පහර දී ඇත.

අපේක්‍ෂා රෝහලේ 'අපේක්‍ෂාව' ගුවනින් පැමිණෙයි

මහරගම අපේක්‍ෂා රෝහල තුළ ස්‌ථාපිත කිරීමට නියමිත පෙට්‌ ස්‌කෑනර් යන්ත්‍රය ජර්මනියේ සිට ගුවන් මගින් මෙරටට ගෙනැවිත් ඇති බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය කටයුතු අමාත්‍යාංශය පවසයි.

ගුරුවරියක ගේ නිරුවත් ඡායාරූප සකසා තැපැල් මඟින් බෙදා හැරලා !

රජයේ පාසලක සේවයේ නියුතු අවිවාහක තරුණ ගුරුවරියක සමඟ අවිවාහයෙකු ලෙස පෙනී සිටිමින් පැවැත් වූ සබඳතාව බිඳ වැටීමෙන් අනතුරුව පරිගණක ආධාරයෙන් ඇගේ නිරුවත් ඡායාරුප සකසා එම ඡායාරූප ලියාපදිංචි තැපෑලෙන් විවිධ පුද්ගලයන්ට යැවූ විවාහක දෙදරු පියෙකු පිළිබඳ පුවතකි මේ,

අනුරාධපුරයේ නියෝජිත තැපැල් කාර්යාලයක් පවත්වාගෙන ගිය මොහු අත්අඩංගුවට ගැනීම පිණිස අනුරාධපුර මූලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යංශය ඊයේ (23) සිට පුළුල් විමර්ශනයක් අරඹා තිබේ.

අනුරාධපුර මූලස්ථාන පොලිසියට තම මව හා පැමිණි අගතියට පත් තරුණ ගුරුවරිය එම නියෝජිත තැපැල් කාර්යාල හිමිකරු විසින් විවිධ පුද්ගලයන් අතට පත්කළ ඡායාරූප විශාල ප‍්‍රමාණයක් ද පැමිණිල්ල සමඟ ඉදිරිපත් කර තිබේ.

ගායක පුතාගේ ගොන් ෂෝ

පහුගිය දවසක නුගේගොඩ පැත්තෙ සුප්‍රසිද්ධ මංගල ඇඳුම් මහන ආයතනයක් ඉදිරිපිටදී සිදු වූ සිදුවීමක්.

වාහන නවත්වා තැබීමේ පහසුකම් අවම මෙතැනට සමාජයේ විවිධ තරාතිරම්වල අය ඇඳුම් මහන්න එනවා.

ඔය කියන දවසෙත් එක් වාහනයකට ඉඩක් තිබුණ නිසා එහි ආරක්ෂක නිලධාරියා එක්තරා වාහනේකට එන්න සංඥා කළා. ඒත් වාහනේ දානවත් සමඟම ලොකු නලා ශබ්දයකුත් එක්ක කොහේදෝ ඉඳලා අර කඩේ පඩිය උඩටම කාරෙකක් දැම්මෙ කවුරුත් පුදුම කරවමින්.

තඩි කිඹුලෙක්‌ මන්නාරමේ නිවසකට ඇවිත්

වවුනියාව - මන්නාරම පාරේ නෙළුකුලම ප්‍රදේශයේ නිවසකට 23 දා අලුයම 4 ට පමණ පැමිණි අඩි හතහමාරක්‌ පමණ දිග දැවැන්ත කිඹුලෙකු නිවෙස්‌ හිමියන් විසින් අසල්වාසීන්ගේද සහාය ඇතිව අල්ලාගෙන ගස්‌ බැඳ තිබේ.

විල්පත්තු අභයභූමියේ 2017 ආදායම පන් කෝටිය පනී

2017 වර්ෂයේ විල්පත්තු වනෝද්‍යානය සංචාරකයන්ගෙන් ලැබූ ආදායම රුපියල් පන් කෝටි හැත්තෑ හය ලක්‌ෂ පන්දහස්‌ තිස්‌හතරක්‌ වන බවත් එම මුදල වෙනත් වර්ෂවලට වඩා වාර්තාගත ආදායමක්‌ බව විල්පත්තු වනෝද්‍යානයේ භාරකරු චමත් ලක්‌ෂ්මන් පෙරේරා මහතා සඳහන් කරයි.

පාර්ලිමේන්තු පාරේ ලංකාවේ කාන්තාව බැරලයකට සමාන කළ කටවුට් එක ගැලවීම ඇතුළු කතාව

කාන්තාවන්ට මත්පැන් අලෙවිය තහනමට එරෙහිවීම වැනි මින් ඉහත ලංකාවේ නොතිබූ ප්‍රවණතා මතුවන අතරේ පසුගියදා කෝට්ටේ පාර්ලිමේන්තු පාරේ තිබුණ කටවුට් එකක් රජයේ නියමයෙන් ඉවත් කර තිබුනේ එමගින් ලංකාවේ කාන්තාවන්ගේ හැඩය බැරලයකට උපමා කරමින් අපහාස කර තිබූ බව දක්වමිනි.


ඔස්මෝ ෆිට්නස් නමැති ආයතනය මෙම දැන්වීම් ප්‍රචාරක පුවරුව පළ කර තිබුනේ බැරලයක ඡායාරූපයක් සහිතව "මෙය කාන්තාවකට සුදුසු හැඩයක් නොවේ" යන වැකියද සමගිනි.

නි.ඇමති හර්ෂ ද සිල්වා මැදිහත්වී මහ නගර සභාවට දැනුම් දී එම පුවරුව කළු පැහැයෙන් වසා ඉවත් කිරීමට පියවර ගත්තේ මහමග ගමන්ගත් කාන්තාවන් එය දැක විරෝධතා පළ කළ බව දක්වමිනි.මේ අතර කොළඹ නගරාධිපතිනි අපේක්ෂිකා රෝසි සේනානායක මහත්මියද රැස්වීමකදී පවසා සිටියේ ලංකාවේ කාන්තාවන් හෑල්ලුවට ලක් කර ඇති බවත්  බැරල් වලට සමාන කර දැන්වීම් පුවරු සවිකරන තත්වයට වැටී ඇති බවත්ය.

ගණිතය විෂය භාර නිලධාරීන් 50ක්‌ සිංගප්පූරුවේ පුහුණුවකට

ගණිත විෂය භාර නිලධාරීන්ගේ වෘත්තීය සංවර්ධනය ඉහළ නැංවීම අරමුණු කර ගනිමින් සිංගප්පූරුවේ පැවැත්වෙන විශේෂ ගණිත පුහුණු වැඩසටහනක්‌ සඳහා එම විෂය භාර නිලධාරීන් පනස්‌ දෙනෙක්‌ තෝරාගෙන ඇත.සිංගප්පූරුවේ ජාතික අධ්‍යාපන ආයතනය මෙහෙය වන මෙම කෙටිකාලීන ගණිත පුහුණු වැඩසටහනට ගණිත විෂය භාර පළාත් හා කලාප අධ්‍යාපන නිලධාරීහු ද ජාතික අධ්‍යාපන ආයතනයේ සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීහු ද සහභාගි වෙති. 

මහානාමේ ගුරුවරියගේ ප්‍රශ්නෙටත් මැදිවූ කොට්ටාව ධර්මපාල විදුහල්පති ගැබිණි මවකට දුන් රැග් එක

තම දරුවා පාසලට ඇතුළත් කිරීමට යාමේදී පාසල් පරිපාලනයෙන් ඇතිවූ දෝෂයක් නිවැරදිකරවාගැනීම සම්බන්ධ කථාකරන්නට ගිය ගර්භණි මාතාවක් කථා කිරීමේ ‘ටෝන් එක‘ හරිමදියයි තීරණය කර තෙවතාවක් රස්තියාදු කර යවා සිව්වන වතාවටත් හරවා යැවූ සිදුවීමක් කොට්ටාව ධර්මපාල විද්‍යාලයෙන් වාර්තාවේ.

මෙම කාන්තාවගේ දරුවා පාසලට දමාගැනීම සඳහා අවශ්‍ය ලකුණු ප්‍රමාණය සපුරා තිබුණ අතර ගණනය කිරීමේ දෝෂයක් නිසා ලකුණු අඩු යයි පාසලින් නම් කර නම ඉවත්කර තිබුණි.

 පසුව ඇය එම දෝෂය පෙන්වාදීමට අවස්ථා ගණනාවකදී පාසලට ගියත් හැමවිටම රස්තියාදු කර තිබෙන අතර දේශපාලනඥයෙකු ලවාද විදුහල්පතිවරයාට දැනුම්දීමක් කර අවසානයේ ඇය ඔහු හමුවූ අවස්ථාවේ වැරැද්ද ගැන විදුහල්පතිවරයා පිළිගත්තත් එය සකස් කිරීම හිතාමතා ප්‍රමාද කර තිබෙන්නේ ඇය දෝෂාරෝපණ ස්වරූපයෙන් ඔහු අමතන එක සුදුසු නැති බව දන්වමිනි. එම අවස්ථාවේම දරුවාගේ ප්‍රශ්නය විසඳාලිය හැකි වුවත් තවත් සතියකින් දරුවකු බිහිකරන්නට සූදානමින් සිටි ගැභිණි මාතාව කෙරෙහි කරුණාවක් නොදක්වා ලබන සතියේ නැවත එන්නැයි ඇයව ඔහු හරවා යවන්නේය.පාසල පැත්තෙන් දරුවාට අසාධාරණයක් බව හොඳහැටි දැනගෙන එය නිවැරදි කරන්නේ නැතිව මවට වදයක් දෙන්නට තීරණය කරන මෙම විදුහල්පතිවරයා කාන්තාවගේ ඇවිටිලි හමුවේ නම්‍යශීලී නොවී ඕනනම් නඩු යන්න ඕනනම් මීඩියා වලට දාන්න ලෙස වහසිබස්ද දොඩවන්නේය.

මෙම විදුහල්පතිවරයා යනු වෙනත් කිසිවෙකු නොව මින් ඉහත 2016 මාධ්‍ය තුළ ආන්දෝලනාත්මක පුවත් මැවූ කොළඹ මහානාම විද්‍යාලයේ ‘ගුරුවරියක සමග පැනයාමක්‘ නිසා කතාබහට ලක්වූ ප්‍රසන්න උප ශාන්තයි.

2016 අප්‍රේල් මසදී විවාහක ගුරුවරියක දරුවාද සමග රැගෙන ගොස් වෙනම ජීවත්වීමේ අපකීර්තිමත් සිද්ධියකට සම්බන්ධවූ නිසා කොළඹ මහානාම විදුහලේ විදුහල්පතිවරයාව සිට ප‍්‍රසන්න උප ශාන්ත ට එම පාසලින් ඉවත්වන්නට සිදුවූ අතර බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවට අනුයුක්ත කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන තිබුණි.

එකී සිද්ධියට සම්බන්ධ ජාතික රූපවාහිනී නිවේදකයෙකුගේ රූමත් බිරියවූ ගුරුවරිය ද එම පාසලෙන් මාරු කිරීමට අමාත්‍යාංශය තීරණය කර තිබුණි. දෙදරු පියකු වන ඔහු 57 හැවිරිදි වියේ පසුවන්නෙකි.මෙම විදුහල්පතිවරයාට එරෙහිව ගුරුවරියගේ සැමියා ඒ දිනවල පොලිසියට පැමිණිල්ලක් ද කරනු ලැබූ අතර මෙම අනියම් ඇසුර පුද්ගලික එකක් වුවත් පාසලක් පරිපාලනය කරන කෙනෙකු සිදු කළ වැරදි පූර්වාදර්ශයක් බවට චෝදනා නැගී ජනමාධ්‍යයෙන් ගුරු සංගම් වලින් හා පාසලේ ආදි ශිෂ්‍යයින්ගෙන්ද මේ ගැන විවේචන එල්ල විය.එම සිදුවීම් වලින් පසුව විදුහල්පතිවරයාව අනුයුක්ත කර තිබෙන්නේ කොට්ටාව ධර්මපාලයටයි.

පහත පළවන්නේ ගැභිණි මව සිය ප්‍රශ්නය කථා කරන අතර රහසින් පටිගත කරගෙන මාධ්‍ය වෙත මුදාහැර තිබුණ වීඩියෝවයි.

අලුතින් ශ්‍රී පාද මතුවුණැයි නිව් ෆෝග්මෝර් වත්තේ මඩු අටවාගෙන පුද පූජා කරනවලු

මාවුස්සාකැලේ ජලාශයට ඉහළින් වු මෙම තේ වතුයායේ පිහිටි ගල් තලාව වෙත ගොස් කිසියම් අයෙකු කොටා සකස් කළ පාද සලකුනු දැයි සැකයක් මේ ගැන මතුවුවද ඒ වෙතට කිසිවෙක් නොයන බව වතුකම්කරුවන් එකහෙළා පවසා තිබේ.

දැනට දින 05 කට පමණ ප්‍රථම නිව් ෆෝග්මෝර් තේ වතුයායේ කම්කරුවන් පිරිසක් මුලින්ම මිනිසකුගේ දකුණු පාදයේ පා සටහනක් සොයාගෙන ඇති අතර පසුව එම ගලේ බැඳී තිබූ පාසි සුද්ධ පවිත්‍ර කිරීමේදී වම් පාදයේ පා සටහනද හමුවූ බව දන්වා ඇත.

'සත්හඬ' වැසේ : පුවත්පත් මාධ්‍යවේදීන් වෙබ් මාධ්‍යයට.


ප්‍රවීණ පුවත්පත් මාධ්‍යවේදීන් කිහිප දෙනෙකුම වෙබ් අඩවි සංස්කාරකවරුන් ලෙස එක්ව තිබේ.

ඒ 'සත්හඬ' පුවත්පත පසුගිය දා වසා දැමීමත් සමඟයි.

ප්‍රවීන මාධ්‍යවේදී විමලනාත් වීරරත්න මහතා, ලංකා නිව්ස් වෙබ් කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂකවරයා වශයෙන් එක්ව තිබේ.

රාවය, සත්හඬ ආදී පුවත්පත් ගණනාවක සේවය කළ ප්‍රවීන මාධ්‍යවේදී විමලනාත් වීරරත්න මහතා ලබන සඳුදා (22) සිට ලංකා නිව්ස් වෙබ් කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂකවරයා වශයෙන් LNW මාධ්‍ය ජාලය සමග එක්වන බව එම වෙබ් අඩවිය වාර්තා කරයි.

රාවය පුවත්පතට අතිශය ජනප්‍රිය වූ ‘විමලෙගෙ කොලම‘ තීරු ලිපිය රචනා කළ විමලනාත් වීරරත්න මහතා, රාවය පුවත්පතේ විශේෂාංග කර්තෘ වශයෙන් කටයුතු කර පසුව ඉරුදින පුවත්පත සමග සම්බන්ධ විය.

ඉරුදින පුවත්පතේ කර්තෘවරයා වශයෙන් කටයුතු කළ ඔහු, පසුව සත්හඬ පුවත්පතේ ප්‍රධාන කර්තෘවරයා වශයෙන් ද කටයුතු කළේය.