BREAKING NEWS
latest

728x90

header-ad

468x60

header-ad

'සත්හඬ' වැසේ : පුවත්පත් මාධ්‍යවේදීන් වෙබ් මාධ්‍යයට.


ප්‍රවීණ පුවත්පත් මාධ්‍යවේදීන් කිහිප දෙනෙකුම වෙබ් අඩවි සංස්කාරකවරුන් ලෙස එක්ව තිබේ.

ඒ 'සත්හඬ' පුවත්පත පසුගිය දා වසා දැමීමත් සමඟයි.

ප්‍රවීන මාධ්‍යවේදී විමලනාත් වීරරත්න මහතා, ලංකා නිව්ස් වෙබ් කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂකවරයා වශයෙන් එක්ව තිබේ.

රාවය, සත්හඬ ආදී පුවත්පත් ගණනාවක සේවය කළ ප්‍රවීන මාධ්‍යවේදී විමලනාත් වීරරත්න මහතා ලබන සඳුදා (22) සිට ලංකා නිව්ස් වෙබ් කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂකවරයා වශයෙන් LNW මාධ්‍ය ජාලය සමග එක්වන බව එම වෙබ් අඩවිය වාර්තා කරයි.

රාවය පුවත්පතට අතිශය ජනප්‍රිය වූ ‘විමලෙගෙ කොලම‘ තීරු ලිපිය රචනා කළ විමලනාත් වීරරත්න මහතා, රාවය පුවත්පතේ විශේෂාංග කර්තෘ වශයෙන් කටයුතු කර පසුව ඉරුදින පුවත්පත සමග සම්බන්ධ විය.

ඉරුදින පුවත්පතේ කර්තෘවරයා වශයෙන් කටයුතු කළ ඔහු, පසුව සත්හඬ පුවත්පතේ ප්‍රධාන කර්තෘවරයා වශයෙන් ද කටයුතු කළේය.

ලංකා නිව්ස් වෙබ් අඩවියේ ප්‍රධාන ඡායාරූප ශිල්පියා වශයෙන් ප්‍රවීන ඡායාරූප ශිල්පී අජිත් සෙනෙවිරත්න මහතා ද ලංකා නිව්ස් වෙබ් සමග එක් වීමට නියමිත ය.

එසේම 'සත්හඬ' පුවත්පතේ ප්‍රාදේශීය කතුවරිය ලෙස කටයුතු කල ප්‍රදීපා වීරසේකර මෙනවියද 'ලංකා නිව්ස් වෙබ්' අඩවියට එක්ව තිබේ.

ජයසිරි අලවත්ත ISIS :

මේ අතර ප්‍රවීණ මාධ්‍යවේදියකු වන ජයසිරි අලවත්ත මහතා SIS වෙබ් අඩවියේ ප්‍රධාන සංස්කාරකවරයා ලෙස එකතුවී ඇත.

ඔහුද පුවත්පත් කිහිපයකම කටයුතු කල ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියෙකි.

'ඕෂන් මිඩියා පෞද්ගලික සමගම විසින් ISIS වෙබ් අඩවිය පවත්වා ගෙන යනු ලබයි.

ලංකාදීප පුවත්පතේ මාධ්‍යවේදියකු ලෙස වසර 15 කට ආසන්න කාලයක් සේවය කල සුජිත් මංගල ද සිල්වා මහතා ද මේ වනවිට lanka News Week වෙබ් අඩවියේ ප්‍රධාන සංස්කාරක ලෙස කටයුතු කරයි.
« PREV
NEXT »

Facebook Comments APPID

About Us

logo

fbtemplates in Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Nunc interdum metus vitae dui tempus ornare. Nulla facilisi. Vivamus id eros sit amet lorem condimentum ultrices. Phasellus imperdiet, magna at sodales dictum, nibh mauris tempor nulla, in consequat est purus eget.

Nulla facilisi. Vivamus id eros sit amet lorem condimentum ultrices. Phasellus imperdiet, magna at sodales dictum, nibh mauris tempor nulla, in consequat est purus eget.