BREAKING NEWS
latest

728x90

468x60

පාර්ලිමේන්තු පාරේ ලංකාවේ කාන්තාව බැරලයකට සමාන කළ කටවුට් එක ගැලවීම ඇතුළු කතාව

කාන්තාවන්ට මත්පැන් අලෙවිය තහනමට එරෙහිවීම වැනි මින් ඉහත ලංකාවේ නොතිබූ ප්‍රවණතා මතුවන අතරේ පසුගියදා කෝට්ටේ පාර්ලිමේන්තු පාරේ තිබුණ කටවුට් එකක් රජයේ නියමයෙන් ඉවත් කර තිබුනේ එමගින් ලංකාවේ කාන්තාවන්ගේ හැඩය බැරලයකට උපමා කරමින් අපහාස කර තිබූ බව දක්වමිනි.


ඔස්මෝ ෆිට්නස් නමැති ආයතනය මෙම දැන්වීම් ප්‍රචාරක පුවරුව පළ කර තිබුනේ බැරලයක ඡායාරූපයක් සහිතව "මෙය කාන්තාවකට සුදුසු හැඩයක් නොවේ" යන වැකියද සමගිනි.

නි.ඇමති හර්ෂ ද සිල්වා මැදිහත්වී මහ නගර සභාවට දැනුම් දී එම පුවරුව කළු පැහැයෙන් වසා ඉවත් කිරීමට පියවර ගත්තේ මහමග ගමන්ගත් කාන්තාවන් එය දැක විරෝධතා පළ කළ බව දක්වමිනි.මේ අතර කොළඹ නගරාධිපතිනි අපේක්ෂිකා රෝසි සේනානායක මහත්මියද රැස්වීමකදී පවසා සිටියේ ලංකාවේ කාන්තාවන් හෑල්ලුවට ලක් කර ඇති බවත්  බැරල් වලට සමාන කර දැන්වීම් පුවරු සවිකරන තත්වයට වැටී ඇති බවත්ය.


මෙම දැන්වීම පළකළ ආයතනයේ ෆෙස්බුක් පිටුවේද දැන්වීම පළ කර තිබුණ අතර එයට පහළින් විවිධ කාන්තාවන් එය විවේචනය කරමින් අදහස් පළ කර තිබුණි.

කෙසේ වෙතත් සිද්ධියෙන් අනතුරුව එම ආයතනය නැවත නිවේදනයක් පළ කරමින් දන්වා සිටින්නේ මෙම දැන්වීම ඔවුනගේ සමස්ත ‘කැම්පේන්‘ එකේ කොටසක් පමණක් බවයි. බැරල් කතාව එහි මුලින් පළ කළ එක් අංගයක් පමණක් බවත් එහි ඊළඟ අංග ගැන වැටහීමක් ලදොත් තමන් සිදු කළේ අපහාසයක් නොවන බව තේරුම් යායුතු බවත්ය.

ලෝකයේ දැන්වීම් ප්‍රවණතා ගැන අන්තර්ජලය පරීක්ෂා කිරීමේදී මේ හා සමාන ‘කැම්පේන්‘ රැසක් හඳුනාගන්නට ලැබෙන අතර අලිගැට පේර ගෙඩියක් තබා මෙය කාන්තාවන්ට සුදුසු හැඩය නොවේ යනුවෙන් ප්‍රකට කර තිබෙන දැන්වීමක්ද සොගන්නට ලැබේ. ඔස්මෝ ෆිට්නස් ආයතනය එය අනුකරණය කර ලංකාවේ මෙම දැන්වීම සකස් කළාදැයි සැකයක්ද මතුවේ.

කෙසේ වෙතත් මෙම ක්‍රියාවලිය තුළින් ශ්‍රී ලාංකික කාන්තාවගේ සම අයිතිවාසිකම් (Equal Rights) සහ ලිංගිකත්වය මත වෙනස් ලෙස සැලකීම (Gender based discrimination) පිළිබඳ මින් ඉහත නොවුණ සාකච්ඡාවන් පැනනැගී තිබේ. එවැනි දේ මින් ඉහත මෙරට සිදුනොවුණ දේවල්ය.




« PREV
NEXT »

Facebook Comments APPID