BREAKING NEWS
latest

728x90

468x60

තඩි කිඹුලෙක්‌ මන්නාරමේ නිවසකට ඇවිත්

වවුනියාව - මන්නාරම පාරේ නෙළුකුලම ප්‍රදේශයේ නිවසකට 23 දා අලුයම 4 ට පමණ පැමිණි අඩි හතහමාරක්‌ පමණ දිග දැවැන්ත කිඹුලෙකු නිවෙස්‌ හිමියන් විසින් අසල්වාසීන්ගේද සහාය ඇතිව අල්ලාගෙන ගස්‌ බැඳ තිබේ.

පසුව උදැසන මෙම කිඹුලාව නෙළුකුලම පොලිස්‌ ස්‌ථානය වෙත භාර දී තිබේ. නෙළුකුලම පොලිසිය වවුනියාව වනජීවී කාර්යාලයේ නිලධාරීන්ව දැනුවත් කොට එම කිඹුලාව ඔවුන්ට භාරදීමට පියවර ගෙන තිබේ.



« PREV
NEXT »

Facebook Comments APPID