කිලිනොච්චිය හින්දු විද්‍යාලයේ සිසුන් පිරිසක් එම විද්‍යාලයේ ගුරුවයකුට පහරදීම නිසා එම ගුරුවරයා බරපතල ලෙස තුවාල ලබා 23 දා කිළිනොච්චිය රෝහලට ඇතුළත් කොට තිබේ.
පහර කෑමට ලක්‌වූ ගුරුවරයා මෙම සිසුන්ගේ විනය විරෝධී ක්‍රියාවක් සම්බන්ධයෙන් ඔවුන්ට පහරදී ඇති අතර ඉන් පැයකට පමණ පසුව මෙම සිසුන් පිරිස පැමිණ ගුරු විවේකාගාරයේ සිටි ගුරුවරයාට විවේකාගාරයේ තිබූ පුටුවලින් පුටු කැඩෙන තුරු පහර දී ඇත.
තුවාල ලැබූ ගුරුවරයා ප්‍රතිකාර ලබද්දී කිලිනොච්චිය රෝහල් පොලිසිය අදාළ ගුරුවරයාගෙන් ලබා ගත් කටඋත්තර මත සිද්ධියට සම්බන්ධ ශිෂ්‍යයන් හයදෙනකු හඳුනාගෙන තිබේ.
පොලිසිය මේ සම්බන්ධයෙන් කිළිනොච්චිය දිසා විනිසුරු ඒ. ඒ. ආනන්ද රාජා මහතාට තොරතුරු ඉදිරිපත් කිරීමෙන් පසුව එම සිසුන් අත්අංගුවට ගන්නා ලෙස පොලිසියට නියෝග කොට තිබේ.
කිළිනොච්චිය පොලිසිය සිද්ධිය පිළිබඳව පරීක්‍ෂණ පවත්වයි.
දිනසේන රතුගමගේ