BREAKING NEWS
latest

728x90

468x60

අන්තරේට කඳුළු ගෑස්‌ ජල ප්‍රහාර ; ලහිරුටත් තුවාල - දැඩි මාර්ග තදබදයක්‌

සයිටම් අහෝසි කරන ලෙස රජයට බලකරමින් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්‌ඩලය සහ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව සංවිධානය කළ විරෝධතාව ඊයේ (25දා) කොල්ලුපිටිය මංසන්ධියේදී කඳුළු ගෑස්‌ සහ ජල ප්‍රහාර එල්ල කර විසුරුවා හැරීමට පොලිසිය කටයුතු කළේය.

නුගේගොඩින් ආරම්භ වූ විරෝධතා පෙළපාලිය කොල්ලුපිටිය මංසන්ධියේ මාර්ග බාධක පෙරළා අරලියගහ මන්දිරය දෙසට ගමන් කිරීමට උත්සාහ කිරීමේදී එය වළක්‌වාලමින් පොලිසිය ඔවුන් විසුරුවා හැරීමට ජල හා කඳුළු ගෑස්‌ ප්‍රහාර එල්ල කරනු ලැබීය.

මෙහිදී හිමිනමක්‌ සහ අන්තරේ කැඳවුම්කරු ලහිරු වීරසේකර ඇතුළු කිහිපදෙනෙක්‌ තුවාල ලැබූහ. සිසු විරෝධතාව විසුරුවා හැරීමේදී කාර්යාල වේලාවන් අවසන් වී නිවෙස්‌ බලා යන විශාල පිරිසක්‌ ද දැඩි අපහසුතාවට පත් වූහ. කොල්ලුපිටිය මංසන්ධියෙන් ගාලු පාර වසා දැමීම නිසා අධික මාර්ග තදබදයක්‌ ද හටගෙන තිබුණි.
« PREV
NEXT »

Facebook Comments APPID