BREAKING NEWS
latest

728x90

468x60

මිත්තනියගේ රන් මාලය උකස්‌ කර බියර් පාටියක්‌ දැමූ මුණුපුරා කොටුවෙයි

80 හැවිරිදි වයෝවෘද්ධතම මිත්තනියගේ රුපියල් 93,000 ක්‌ වටිනා රන් මාලය සොරාගෙන එය උකස්‌ කොට ලබාගත් රුපියල් 80,000 ක මුදල් වලින් තම මිතුරන් රැසක්‌ සමඟ එක්‌වී ජයට "බියර් පාටියක්‌" දැමූ බව කියන 20 හැවිරිදි මුණුපුරා මීගමුව පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්‌ථානාධිපති උ.පො. පරීක්‍ෂක ආනන්ද හේරත් මහතා විසින් අත්අඩංගුවට ගෙන ඇත.

වටිනා රන් මාලය අහිමි වූ මිත්තනිය වූයේ මීගමුව ශාන්ත ජෝසප් වීදියේ පදිංචි ඩබ්ලිව්. ඒ. මේරි ජෙනට්‌ (80) මහත්මියයි.

හිටපු අගවිනිසුරු මොහාන් පීරිස්‌ට නඩු

ලංකා විදුලි පෞද්ගලික සමාගමට ඉඩම් හා දේපළ මිලදී ගැනීමේදී සිදුවූ බව කියන දූෂණ හා අක්‍රමිකතාවලට වගකිවයුතු නිලධාරීන්ට එරෙහිව අපරාධ නඩු පැවරීම වැළැක්‌වීම සඳහා අයුතු සහගත ලෙස නීතිපති වාර්තාවක්‌ ඉදිරිපත් කළේ යෑයි චෝදනා කරමින් හිටපු නීතිපතිවරයකු මෙන්ම හිටපු අගවිනිසුරුවරයකු ද වන මොහාන් පීරිස්‌ මහතා ඇතුළු තිදෙනකුට එරෙහිව අල්ලස්‌ හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව ඊයේ (18 දා) කොළඹ ප්‍රධාන මහෙස්‌ත්‍රාත් අධිකරණය හමුවේ නඩු පවරනු ලැබීය.

මංගගේ තීරණය අකුලවා ගත්තට සමනලීට මල පනී - සමනලී ශ්‍රේෂ්ඨාධිකරණයට

කාන්තාවන්ට මත්පැන් අළෙවි සැල්වල සේවය කිරීම හා මත්පැන් මිලදී ගැනීමට තිබූ තහණම ඉවත් කරමින් මංගල සමරවීර අමාත්‍යවරයා නිකුත් කළ ගැසට් නිවේදන දෙක අවලංගු කිරීමට ගත් තිරණය නිසා තමන්ගේ සම අයිතීන් උල්ලංඝනය වී ඇති බව පවසමින් ජනප්‍රිය රංගන ශිලිපිනී සමනලී ෆොන්සේකා ඇතුළු පිරිසක් විසින් ඊයේ (17) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර තිතබෙනවා.

ජීවිතය ජයගන්න ජ්‍යෙතිෂයෙන් උපදෙසක්‌

ජීවිතය යනු විඳීමට ඇති දෙයක්‌ මිස විඳවීමට ඇති දෙයක්‌ නොවේ. මනුසත් ආත්ම භවයක්‌ ලැබීමට නම් පින්කළ යුතුයි. එවන් මනුසත් ආත්මය නිවැරැදිව ගත කිරීමටත් සැපවත් කර ගැනීමටත් අප සියල්ලෝම උත්සාහ කළ යුතුයි. පුද්ගලයකු ජන්මය ලබන අවස්‌ථාවට වඩා මියයන මොහොතේ පියවරක්‌ හෝ ඉදිරියෙන් සිටී නම් ඔහු යම්තාක්‌ දුරට ජීවිතය ජයගෙන ඇති බව අපට කිව හැක. නිරෝගී සම්පත හා ධන සම්පත අතර ඇත්තේ මනා සමීප සම්බන්ධතාවයකි. ධන නිරෝගී සම්පත ලබා ගැනීම සඳහා යමෙකු ධන සම්පත වැය කරන අතර තවත් සමහරකු ධන සම්පත ලබා ගැනීම සඳහා නිරෝගී සම්පත අවධානයේ හෙළන අවස්‌ථා ද අප දැක තිබේ. මේ දෙකම යමෙකුට ලැබෙන්නේ ඉතාම කලාතුරකිනි.

එක්‌දරු මවක දූෂණය කර මැරූ මොනරාගල තරුණයා එල්ලුම් ගස්‌ fShare

එක්‌දරු මවක්‌ දූෂණය කර කේබල් වයරයකින් ගෙල සිරකොට ඝාතනය කිරීම සම්බන්ධයෙන් වැරදිකරුවූ චූදිතයකුට මොනරාගල මහාධිකරණ විනිසුරු ඉනෝකා රණසිංහ මහත්මිය විසින් ඊයේ (17 දා) මරණ දඬුවම නියම කළාය.

මෙලෙස මරණ දඬුවම නියම වූයේ මොනරාගල කුමාරදොළ පාර වතුර ටැංකිය අසල පදිංචිව සිටි පෙච්චමුත්තු ගනේෂ් නොහොත් කළු නමැති විසිඅට හැවිරිදි අවිවාහක තරුණයකුටය.

කොග්ගල මුහුදු වෙරළේදී තම බිරිඳගේ ගෙල මිරිකා මරා දැමූ සැමියාට වසර 9 ක සිර දඬුවම්

කොග්ගල මුහුදු වෙරළේදී තම බිරිඳගේ ගෙල මිරිකා පසුව බෝතලයකින්ද ඇන ඝාතනය කිරීමේ අධි චෝදනාවට වරද පිළිගත් විත්තිකරුවකුට දකුණු පළාත් බද ගාල්ල මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා විත්තිකරු මිනී මැරුමක්‌ නොවන සාවද්‍ය මනුෂ්‍ය ඝාතනයක්‌ සිදු කිරීමේ චෝදනාවට වරදකරු කොට වසර නවයක බරපතළ වැඩ සහිත සිර දඬුවමක්‌ සහ රුපියල් පන්දහසක දඩයක්‌ ගෙවීමට පෙරේදා (16 දා) නියම කළේය.

දඩය නොගෙවන්න් නම් තවත් මාස තුනක සිර දඩුවමක්‌ද විත්තිකරුට නියම විය.

SMS මිස්කෝල් ෆෙස්බුක් නිසා කාන්තාවන් 26%ක් ගුටිකති

සැමියා පහරදීම නිසා කාන්තාවන්ගෙන් සියයට විසිහයක් හිංසනයට ලක්ව ඇත්තේ ජංගම දුරකථනවලට එන කෙටි පණිවුඩ, මුහුණු ‍පොත සම්බන්ධ සිද්ධීන්, මගහැරුණු දුරකථන ඇමතුම් ආදී මාධ්‍ය භාවිතයෙන් වූ හේතු නිසා බැව් කරාපිටිය වෛද්‍ය පීඨයේ අධිකරණ වෛද්‍ය අංශයේ කථිකාචාර්ය විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී අජිත් රත්නවීර මහතා පවසයි.

සැමියාගේ පහරදීම නිසා හා නොයෙකුත් වදහිංසාවලට ලක්ව ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් වූ කාන්තාවන් සම්බන්ධයෙන් කරනු ලැබූ පර්යේෂණයකදී මෙම කරුණු අනාවරණය වූ බවද විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා සඳහන් කළේය.

පිළිකා රෝහලට යන බසයට මැර තර්ජන සහ ගල් ප්‍රහාර

නුවරඑළිය දිස්ත්‍රිකයේ රාගල සිට පිළිකා රෝගීන්ගේ සහ ඥාතිහිතවතුන්ගේ පහසුව සඳහා මහරගම අපේක්ෂා රෝහල තෙක් ධාවන අරඹා ඇති වලපනේ ඩිපෝවට අයත් ලංගම බස් රථය සඳහා අතරමගදී මැර තර්ජන සහ ගල් ප්‍රහාර එල්ල වන බව වාර්තා වේ.


බොහෝ දෙනෙකුගේ ඉල්ලීම පිට පසුගිය ජනවාරි 2දා සිට රාත්‍රී 11.30ට වලපනෙන් පිටත් වන මෙම බස් රථය පසුදා පෙරවරු 6.30ට මහරගම අපේක්ෂා රෝහල වෙත පැමිණෙන අතර නැවත එදින පෙරවරු 11.30ට ගමන් ආරම්භ කර පස්වරු 6.00ට වලපනේට ළගා වනු ඇත.

තරුණයන් අල්ලා බලෙන් කසාද බන්දන බිහාරය

තරුණයකු සහ තරුණියක රහසේ පැන ගොසින් විවාහ වීම සහ තරුණියක පැහැරගෙන ගොසින් විවාහ කර ගැනීම ඉතිහාසයේ පටන් ලොව පුරා දකින්නට ලැබෙන්නකි. මනමාලිය පැහැරගෙන යැම අදටත් මධ්‍යම ආසියාව, කොකේසස්‌ කලාපය, අප්‍රිකාවේ සමහර ප්‍රදේශවල සහ ආසියාවේ මොං ජනතාව, මෙක්‌සිකෝවේ සෙල්ටාල් ජනතාව සහ යුරෝපයේ රොමානි ජනතාව අතර බොහෝ ලෙස දකින්නට ලැබේ. මනමාලියක පැහැරගැනීම පිටුපස ඇති පෙළඹවීම ප්‍රදේශය අනුව වෙනස්‌ විය හැකි වුණත් වර්තමානයේ දකින්නට ලැබෙන බොහොමයක්‌ සිදුවීම්වල විවාහය උදෙසා තරුණියක අල්ලා ගැනීමට ගැවසෙන පුද්ගලයා වැඩි වශයෙන්ම දුප්පත්කම, රෝගාබාධ, අයහපත් කල්ක්‍රියාව හෝ සාපරාධිභාවය ආදී මොනයම් කාරණයක්‌ නිසා හෝ පහළ සමාජ තත්ත්වයක්‌ ඇති අයෙකි. මේ අතර පසුගිය මාසයේ තරුණියක නොව තරුණයකු පැහැරගෙන ගොසින් බිය වද්දා බලහත්කාරයෙන් විවාහ කරවූ පුවතක්‌ ඉන්දියාවේ බිහාර් ප්‍රදේශයෙන් වාර්තා කෙරුණි.

මන්ත්‍රී සිරිපාල ගම්ලත්ගේ දියණිය ඩෙංගු උණෙන් මියයයි

පොළොන්නරුව දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු නියෝජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත් මහතාගේ සහ එම මහත්මියගේ දෙටු දියණිය රංජලා ගම්ලත් ඉලේපෙරුම මහත්මිය ඩෙංගු උණ රෝගය වැළඳී කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (16 දා) අලුයම අභාවප්‍රාප්ත වූවාය.

තීන්ත වැදුණු අකුරු ලියූ මුදල් නෝට්‌ටු බැංකුවේ ATM එකෙන් ඇවිල්ලා

මහ බැංකුව රජයේ නිර්දේශ පරිදි පසුගියදා විකෘති කරන ලද හා තීන්ත පාරවල් සහිත හෝ විවිධ වැකි ලියන ලද මුදල් නෝට්‌ටු ප්‍රතික්‍ෂේප කිරීමට පියවර ගනු ලැබුව ද රාජ්‍ය බැංකුවක ස්‌වයංක්‍රීය මුදල් ලබා ගැනීමේ යන්ත්‍රයෙන් (ඒ ටී. එම්. ටෙලරයෙන්) ඉකුත් 02 දා ගනුදෙනුකරුවකු මුදල් ලබා ගැනීමේදී තීන්ත පහර සහිත මුදල් නෝට්‌ටු ලැබීමේ සිද්ධියක්‌ කටුනේරිය ප්‍රදේශයෙන් වාර්තා විය.

අනුරපුර මුල්‍ය සමාගමකින් කෝටි 7 ක රන් බඩු ඉස්‌සූ කෝටිපති ව්‍යාපාරිකයා රිමාන්ඩ්

අනුරාධපුර නව නගරයේ පිහිටි ප්‍රසිද්ධ මුල්‍ය සමාගමක සේප්පුවක බහා තිබූ රුපියල් කෝටි හතක්‌ පමණ වටිනා රන් ආභරණ කිලෝග්‍රෑම් 11.5 ක ප්‍රමාණයක්‌ සොරකම් කිරීමේ සිද්ධියට Rජුවම සම්බන්ධ බව කියමින් කොළඹ පිහිටි අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ල ඒකකය මගින් සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ අනුරාධපුර නොච්චියාගම ප්‍රදේශයේ ව්‍යාපාර සමූහයක හිමිකරු වන කෝටිපති ව්‍යාපාරිකයා තවදුරටත් මේ මස (29) වැනිදා දක්‌වා රක්‍ෂිත බන්ධනාගාරගත කරන ලෙස අනුරාධපුර ප්‍රධාන මහෙස්‌ත්‍රාත් අතිරේක දිසා විනිසුරු කේ. පී. ශානක හර්ෂණ මහතා පෙරේදා (15 දා) නියෝග කළේය.

මෙසේ රක්‌ෂිත බන්ධනාගාරගත කෙරුණේ රළපනාව නොච්චියාගම ලිපිනයේ පදිංචි කෝටිපති ව්‍යාපාරිකයකු වන සමන් හේවා කණ්‌ඩම්බි මහතායි. පසුගිය (11 දා) සැකකරු මුල්ම වතාවට අනුරාධපුර අතිරේක මහෙස්‌ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්‍ෂිත බන්ධනාගාරගත කෙරිණි.

කරත්තයක බැඳිය යුතු එකා රියෑදුරෙකු වීමෙන් දුවූ මාරක රිය අනතුර

කරත්තයක බැඳිය යුතු මී හරකෙකුට රියෑදුරු බලපත්‍රයක්‌ ලබාදීම නිසා සිදුවූ මාරක රිය අනතුරක්‌ ගැන පුවතක්‌ ඊයේ (15 දා) සියලුම පුවත්පත් වාර්තා කර තිබිණි. සිද්ධිය මෙසේය. අවිස්‌සාවේල්ල-කෑගල්ල ප්‍රධාන මාර්ගයේ පිංදෙණියේදී පසුගිය 13 වැනිදා පෞද්ගලික බස්‌ රථයක්‌ මහමග ගිය කුඩා දැරියන් දෙදෙනෙක්‌ද තවත් මහලු කාන්තාවක්‌ද යටකරගෙන ගොස්‌ තිබේ. එක්‌ දැරියක එතැනම මියගොස්‌ ඇත්තේ අදාළ බස්‌ රියේ රෝදයක්‌ ඇයගේ හිස මතින් ධාවනය වූ නිසාය. අනෙක්‌ දෙදෙනාද බරපතළ තත්ත්වයෙනි. මහ පාරේ ධාවනය වන සමහර පෞද්ගලික බස්‌ රථවල "ක්‍රමය" දැක ඇති කෙනෙකුට මෙවැනි අමන රියෑදුරන් ගැන අමුතුවෙන් පැහැදිලි කළ යුතු නැත. මේ අනතුර සිදුකළ මාර පුත්‍රයා බස්‌ රථයක්‌ නොව පාපැදියක්‌ ධාවනය කරන්නට හෝ සුදුසු නැති පුද්ගලයකු බව අපේ හැඟීමය.

මුදල් නෝට්‌ටු වෙනුවෙන් කාසි නිකුත් කෙරෙන යන්ත්‍ර හදුන්වා දෙයි

ඉදිරියේදී දිවයින පුරා නෝට්‌ටු වෙනුවෙන් කාසි හුවමාරු කෙරෙන (නිකුත් කෙරෙන) යන්ත්‍ර පිහිටුවීමට සැලසුම් කර ඇතැයි මහ බැංකුව පවසයි.

මගුරු ගඟෙන් එගොඩ මෙගොඩ වන ගම්මුන්ගේ ජීවිත අනතුරේ - පාලින්දනුවර ඒදඬු පාලම අබලන්

අගලවත්ත මැතිවරණ ආසනයට අයත් පාලින්දනුවර ප්‍රාදේශීය ලේකම් කාර්යාල බල ප්‍රදේශයේ මගුරු ගඟෙන් ඉලුක්‌පොත ගම්මානයටත්, ගලහිටිය ගම්මානයටත් එගොඩ මෙගොඩ වීම සඳහා ප්‍රදේශවාසීන්ගේ ශ්‍රමයත්, කාලයත්, මුදලත් වැය කර දමා ඇති ඒදඬු පාලම අද දවස වනවිට දැඩි ලෙසම අබලන් බවත් එමෙන්ම දැඩි ලෙසම අවදානම් බවත් මේ ඒදඬු පාලම මතින් එගොඩ මෙගොඩ යන එන ඉලුක්‌පොත, ලත්පඳුර, සුදුවැලිමානාන, පැළෑඳ, කරව්ව, කපුගෙදර, අස්‌වැලිය, ගලහිටිය, කටුහේන, මාහේන, හිනිදුම්මුල්ල ආදී ප්‍රදේශවල පදිංචිකරුවන් සඳහන් කරති. 

තාත්තාගේ සියලුම ගීතවල අයිතිය මගේ - ඔහුට අපට නඩු දාන්න බෑ - ජයන්ත රත්නායකය

ප්‍රවීණ ගායක වික්ටර් රත්නායකයන් සිය ගීත ගායනා කිරීම තහනම් කරමින් තමන්ගේ පුතුන් දෙදෙනාට නීතිඥයකුගේ මාර්ගයෙන් පසුගියදා ලිපියක් එවා තිබුණි. නමුත් ඒ ලිපිය ලැබීමෙන් පසුව විකාශය වුනු රූපවාහිනී වැඩසටහනකදී  වික්ටර් රත්නායගේ පුතුණුවරු වන ජයන්ත රත්නායක සහ ලෙලුම් රත්නායක දෙදෙනාම තම පියාගේ ගීත ගායනා කර තිබුනේ අරියාදුවට මෙන්ය.
 වික්ටර් රත්නායකගේ ගීත ගායනා කිරීම නිසා ඉදිරියේදී ඔවුන් නීතිය ඉදිරියේ වරදකරුවන් වේවිද 
යන ගැටලුවක් මතුව තිබෙන අතර මෙතෙක් හෙළිනොවූ රහසක් හෙළි කරමින් ජයන්ත රත්නායක ඒ ගැන මෙලෙස ප්‍රකාශ කර තිබුණා.

‘එවැනි කිසිම ප්‍රශ්නයක් ඇති නොවන බව දන්නා නිසයි මම  බය නැතුව තාත්තාගේ ගීත ගායනා කරන්නේ.  ඒ කිසිම හේතුවක්

තිස්සමහාරාමයේදී අපයෝජනයට ලක්වූ දැරිය මිය යයි

තිස්සමහාරාම ප්‍රදේශයේදී තරුණයන් තිදෙනෙකු විසින් අපයෝජනය කළ බව කියන දැරිය (14) හම්බන්තොට මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රථිකාර ලබමින් සිටියදී මිය ගොස් ඇතැයි රෝහල් ආරංචි කියයි.


ඇය ප්‍රදේශයේ පාසලක නව වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටියාය.

ඇය සමග ප්‍රේම සබඳතාවයක් පැවැත් වූ බව කියන තරුණයෙකු තවත් මිතුරන් දෙදෙනෙකුද සමග පැමිණ මත් පැන් පානය කර දැරිය අපයෝජනය කර ඇතැයි පොලිසිය පවසයි.

දින කිහිපයක් රෝහලේ ප්‍රතිකාර ලැබූ ඇය අද මිය ගොස් තිබේ. ඇය විසින් ලියන ලදැයි කියන ලිපියක් ද පොලිසිය සොයාගෙන ඇත.

මළසිරුරක්‌ අභිරහසක්‌ හෙළිකරය හැටි මෙන්න

කරාපිටිය වෛද්‍ය පීඨයේ අධිකරණ වෛද්‍ය අංශයේ ප්‍රධානි විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී යූ.සී.පී. පෙරේරා මහතාගේ අත්දැකීම් ඇසුරෙනි;

නිර්මලා උපාධිධාරි ගුරුවරියකි. ඇය පියකරු පෙනුමෙන් යුත් රූමත් තැනැත්තියක්‌ වූවාය. මේ නිසාම ඇය විශ්වවිද්‍යාල සිසුවියක්‌ව සිටි අවදියේ දී ඇගේ ආදරය ඉල්ලා විශ්වවිද්‍යාල සිසුන් කිහිප දෙනකුම ඇය පසු පස ආහ. එහෙත් ඇගේ සිත ඇදී ගියේ විශ්වවිද්‍යාල සිසුවකු වූ නිමන්තටය. නිමන්ත ද කඩවසම් තරුණයකි. විශ්වවිද්‍යාල අධ්‍යාපනයෙන් පසු මේ දෙදෙනාම තෝරා ගත්තේ ගුරු වෘත්තියයි. මේ දෙදෙනා අතර පැවති ප්‍රේම සම්බන්ධතාවයේ ප්‍රතිපලයක්‌ වශයෙන් වැඩිකල් නොගොස්‌ දෙදෙනා යුග දිවියට පිවිසියහ..

විවාහය සහ ලිංගික ජීවිතය කේන්ද්‍රය තුළින් දකිමු

විවාහය යනු ස්‌ත්‍රී පුරුෂ දෙදෙනා අතර වූ ආධ්‍යාත්මික බැඳීමක්‌ පමණක්‌ නොව සමාන්තර වශයෙන් ජීව විද්‍යාත්මක අවශ්‍යතාවක්‌ වූ ලිංගිකත්වය සමඟද බැඳී පවතී. මේ නිසා විවාහය නමැති බැඳීම තුළ ලිංගික අවශ්‍යතා සමබර නොවන විටක විවාහයේ ගැටලුකාරී සහ අර්බුදකාරී තත්ත්වයන් ඇතිවීමට හේතු විය හැක. කෙසේ වෙතත් ආදරය හා බැඳුණු ලිංගිකත්වය හුදෙක්‌ කායික රසාස්‌වාදයකට පමණක්‌ සීමා නොවේ. එය දෙදෙනාගේ කායික හා මානසික චිත්තවේග පෞරුෂයන් අතර මනා ගැළපීමක්‌ ඇති මානව අවශ්‍යතාවක්‌ බවට පත්වේ. 

යම් ජන්මියෙකුගේ ලිංගික තෘප්තිය, ශක්‌තිය හා රසාස්‌වාදය යන කරුණු ඔහුගේ හෝ ඇයගේ කේන්ද්‍රයේ පවත්නා ග්‍රහ තත්ත්වය අනුව ලිංගික ජීවිතයක්‌ ගත කිරීමට ප්‍රථම අනාවරණය කර ගැනීමට පිළිවන. පුද්ගලයකුගේ ලිංගික ජීවිතය පාලනය කිරීම සම්බන්ධයෙන් එම පුද්ගලයා උපත ලබන අවස්‌ථාවේදී පවත්නා ලග්නය, නැකත සහ ග්‍රහ තත්ත්වය යන කරුණු විශ්ලේෂණය කිරීමෙන් අවබෝධ කරගත හැකි වේ.